ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක  කඩිනම් අවශ්‍යතාව

646

ශ‍්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති සහ මිරිසවැටිය විහාරාධිකාරී ඊතල්වැටුණුවැවේ ඥානතිලක නාහිමි

 ද්වේශ සහගත ප‍්‍රකාශ, වෛරය, අපහාස හා බල අරගල මැද වර්තමාන ශ‍්‍රී ලාංකික පුරවැසියාගේ ආයු කාලය හමාර වෙමින් පවතී. හැම කෙනාම නායකයන් වන්නට දඟලන කයිවාරු කතාවලින් එහා රට ගොඩන`ගන වැඩපිළිවෙළක් හෝ කැපවීමක් දක්නට නොවේ. දැන් කළ යුතුව ඇත්තේ ඒ සියල්ල නවතා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අවම වශයෙන් අධ්‍යාපනය සඳහා හෝ වහාම ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම ය. වහ වහා ක‍්‍රියාවට නැ`ගීම ය.

 පසුගිය වසර දෙකක කාලයක් රට වසා තබත විට එය බොහෝ සුන්දර වැඩක් යැයි සිතූ අයද සිටින්නට ඇත. බොහෝ අයට නොවැටහෙන ඒ අමිහිරි ක‍්‍රියාදාමයේ බරපතළ ප‍්‍රතිවිපාක අද අපි භුක්ති විඳින්නෙමු. එය අවබෝධ කරගන්නට තරම්වත් සමහරු සිහි බුද්ධියෙන් නොසිටිති. ඒ තරමටම ද්වේශයෙන්, මෝහයෙන් හා වෛරයෙන් ජන මනස විකෘතිකර තිබේ. ඒ නිසාම වෛරය පිටකිරීමට රජයට බැණ වැදීම ජනප‍්‍රිය මාතෘකාවක් කරගෙන ජනතාව මං මුළාකර තිබෙන බව පෙනේ.

 ජනතාව කළ යුත්තේ එය ද? එයින් ජනයාට සහනයක් ලැබේ ද? ලෝකයේ කිසිම රටකට මෙවන් වසංගතයකට මුහුණු දී අත්දැකීමක් තිබුණේ නැත. එහෙත් වසංගත ව්‍යාප්තිය ආරම්භ වූ මුල් අවස්ථාවේ

 ශ‍්‍රී ලංකා රජය ප‍්‍රබල පළමු රැල්ලෙන් ජනතාව බේරාගන්නට විශාල මෙහෙවරක් ඉටුකළේ ය. පිටරටවල අධ්‍යාපනය ලබන්නට ගොස් අතරමං වූ දරුවන් ගෙනැවිත් දෙන්නට යැයි කියා මව්වරුන් වැළපෙද්දී ඉතා ප‍්‍රවේශමෙන් ඒ දරුවන් කැඳවා ආරක්ෂාකාරීව නිවෙස්වලට යවන්නට රජය පියවර ගත්තේ ය. යුද හමුදාවත්, ආරක්ෂක අංශත් ඒ වෙනුවෙන් කළේ විශාල කැපකිරීමකි. රජය ජනතාවට ලබාදිය හැකි හැම පහසුකමක්ම ලබාදීමට කටයුතු කර තිබේ.

 ජනතාව වසංගතයෙන් ආරක්ෂා කිරීමට ගත් ක‍්‍රියාමාර්ගත් සමඟ රට වැසීමෙන් දේශීය නිෂ්පාදනයන් නිරන්තරව කඩා වැටිණි. අපට උදව් කරන ප‍්‍රධාන පෙළේ රටවල් පවා ආර්ථික අර්බුදවලට ලක්විය. ඒ රටවල්වල පවා අපේ රටට වඩා දිගු කිලෝ මීටර් හත අටේ ගෑස් පෝළිම්, තෙල් පෝළිම් පැවැතිණි. කල්යත්ම ඇති වූ රුසියා – යුකේ‍්‍රන යුද්ධය මේ තත්ත්වය තවත් උග‍්‍ර කළේය. අප රටේ සියලූ ප‍්‍රශ්නවලට මූලික සාධකය වන ඩොලර් හිඟය මතුවුණේ මේ සමඟ ය.

 එනිසා දැන් රටම කළමනාකරණය කළ යුතු තැනකට පැමිණ තිබේ. මේ තුළ වැදගත් දේ දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම ය. අනෙක් අතට තවත් වැදගත් දෙයක් නම් පුද්ගලික කැපකිරීම් ය. ඉන් අදහස් කරනුයේ සම්පත් පරිහරණයේ දී ජතනතාව සතු පොදු වගකීම ය. රෝගී වූ යමෙකුට පුද්ගලික අංශයෙන් ප‍්‍රතිකාර ලබාගැනීමේ ආර්ථික ශක්තිය ඇති නම් එයින් ප‍්‍රතිකාර ගැනීමෙන් ඔහු රජයේ රෝහල්වලින් ප‍්‍රතිකාර ගන්නා කෙනාට දක්වන්නේ මහත් කැපකිරීමකි. අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී හැකිතාක් පුද්ගලික ප‍්‍රවාහණයක් සීමා කිරීම ඉන්ධන හිඟය පිරිමැසීම වාරුවකි. එවැනි සුළු කැපකිරීමක් ප‍්‍රමාණවත් දැයි කෙනකුට ප‍්‍රශ්නයක් පැනනැෙ`ගනවා විය හැක. රටේ ජනගහනය දෙකෝටි දාහත් ලක්ෂයකි. සියලූ දෙනා තමන් කන කෑම වේලෙන් හාල් ඇටය බැගින් ඉතිරි කළහොත් කොතරම් එකතුවක් එක් වේලකට රටට ඉතුරුවන්නේ ද එපරිද්දෙන් ඉන්ධන ද ඉතිරි කරගත හැකි වේ.

 සාදයක් පවත්වන තැනක කොතරම් ආහාර පාන අහක දමන්නේ ද? ඒ වීසිකරන, අපතේ යවන ආහාර පානවලින් අපේ රටේ කුසගින්නේ සිටින සියලූ දෙනාගේ කුස පිරවිය නොහැකි ද? ඒ නිසා මේ කාලයේ ආහාර පාන විනාශ වන වැඩ ජනතාව අතින් සිදු නොවිය යුතු ය. ආහාරය ගත යුත්තේ ඖෂධයක් වශයෙනි.

 සියලූ දෙනාම පාහේ ලෙඩ රෝග අවදානමට මූණ දෙන නිසා ආහාරය ඖෂධයක් කොටගැනීම හැම අතින්ම වැදගත් ය. අක්ෂි ආබාධ, කෙස් හැළීම, ඔස්ටියෝ පොරෝසීස්, තැලසීමියා, වකුගඩු රෝග, හෘද රෝග ආදී වශයෙන් හැම කෙනාටම කුමක් හෝ රෝගයක් ඇති තත්ත්වයට ජනතාව අභියෝගයකට මූණපා ඇත. අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් පමණක් පිළිකා රෝගීන් 21000දෙනා ප‍්‍රතිකාර ලබති. උතුරුමැද පළාතෙන් පමණක් වකුගඩු රෝගීන් විසිදාහක් වාර්තා වේ.

 අනෙක් පසින් මසකට රිය අනතුරු 19000 ක් වාර්තා වේ. මේ ජනතාව නිසි සිහිකල්පනාවෙන් වැඩ නොකරන නිසා ඇතිවන ගැටලූය.

 1977 හඳුන්වා දුන් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා දේශීය ආර්ථිකය ක‍්‍රමයෙන් දුර්වල වී අද වන විට දේශීය නිෂ්පාදන කඩාවැටී තිබේ. විදේශීය භාණ්ඩ පරිහරණයට ජනතාව ඇබ්බැහි වී සිටිති. දේශීය නිෂ්පාදන ගැන සිතන්නේ සුළුකොට තැකීමෙනි. අතින් රෙදි මහලා ඇන්ද අපි, අවුරුද්දක් පුරා තමන්ට

 අවශ්‍ය දේ වගාකරගෙන කාපු අපි, ඇලෙන් දොලෙන් වතුර අරන් බීව අපි, කයිය, අත්තම ආදි සාමූහික ක‍්‍රමවලින් යෝධ වැඩ කළා වූ අපි, හරකා බාන බඳගෙන සී සා රටක් ගොඩන`ගා ගත් අපි, රටටම අවශ්‍ය සීනි, පොල්තෙල්, දුම්කොළ ආදිය නිෂ්පාදනය කළා වූ අපි අද වරායට තෙල් නැව, හාල් නැව එනතුරු දත නියවාගෙන බලාසිටින තත්ත්වයකට පත්ව හමාර ය.

 ඒ තැනට රට පත්කර පාලක පංතිය සාර්ථක බව ඒත්තු ගැන්වීමට කිසියම් පිරිසක් බලාසිටිනවා නම් තමන් බලයට පත්වූ විට මේ රට පාලනය කරන්නේ කෙසේ දැයි ඒ අයත් අවබෝධකරගත යුතුව තිබේ. ඔවුන්ට එසේ අවබෝධ නොවන නිසා දරුවන් කියන්නේ ‘උනුත් එකයි- මුනුත් එකයි- අරුනුත් එකයි’ යනුවෙනි. ඒ ශාපකරන තැනට දරු පරපුර ද පත්කර අපි අපේක්ෂා කරන්නේ කුමක් ද?

 දරුවන් තුළ රට ගැන කිසිදු සතුටක් නොවේ. පුළුවන් හැම කෙනෙක්ම විදේශ රටවල අධ්‍යාපනයට යති. අධ්‍යාපනය යනු අපේ අය පිටරටට ගෙන යා යුතු ක්ෂේත‍්‍රයන් නොව විදේශ මුදල් ගෙන්වාගත හැකි දැවැන්ත වෙළෙඳපොළකි. එක්සත් රාජධානිය, ඔස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව, මැලේසියාව, චීනය ආදී බොහෝ රටවල් අධ්‍යාපනය ලෝක වෙළෙඳපොළක් බවට පත්කරගෙන තිබේ. එකී රටවලට අපේ ශිෂ්‍යයන් ගමන් කරන්නේ අපේ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රායෝගික නොවන නිසාත් රැුකියා වෙළෙඳපොළට නොගැළපෙන නිසාත් ය. අවිචාරවත් පුවැසියන් බිහිවෙන්නේ ද මේ අධ්‍යාපන ක‍්‍රමය තුළින් ය. ඇතැම් පුරවැසියන්ගේ ක‍්‍රියාකලාපය ගැන මේ රටේ සිටින 2,70000 ක් වන ගුරුවරුන් මෙන්ම ප‍්‍රතිපත්ති හදන හා ක‍්‍රියාත්මක කරන නිලධාරීන් ද ලැජ්ජාවිය යුතු ය. එනිසා ¥රදර්ශී, උගත්, බුද්ධිමත් පුරවැසියන් හදන අධ්‍යාපන ක‍්‍රමයකට අප වහා යා යුතු ය. ඒ නිසා අද අපට අනාගතයට අවශ්‍ය බුද්ධිමත් පාලකයන් නිර්මාණය කරන්නට යහපත් වැඩපිළිවෙළක් ගොඩන`ගනන්නට සිදුව තිබේ.

 අපට උරුමව ඇත්තේ අධ්‍යාපන ක‍්‍රමය මෙන්ම සියලූ දේ ගැන සතුටු වියහැකි අතීතයකුත් අනාගතය ගැන වේදනාවකුත් පමණි. මේ නිසාම තරුණ දරුවෝ ඉගෙනීමට හෝ සේවය කිරීමට වෙනත් රටවල් සොයා යති. ඔවුන් ඉගෙනගත් දෙයින් ලෝකයට වැඩකිරීමට හෝ සතුටුවීමට හැක්කේ මේ රටින් පිටදී පමණක් බව ඔවුහු දනිති. අප රටේ තනතුරක් ගන්නට දේශපාලන ලියුමක් නැතුව බැරි ය. ඒ නිසා ඇතැම්විට උපාධිධාරියා පවා ත‍්‍රිරෝද රථයක් දක්කන තැනට කොටුවී සිටී. රටේ අපරාධ වැඩි වුණේ මේ නිසා ය.

 අඩු අධ්‍යාපනයක් ඇති අයට මෙන්ම අඩු ආදායම් ඇති පවුල්වල අයට වත්මන් රජය පත්වූ විගසම රජයේ රැුකියා ලබාදීම මේ තත්ත්වය අඩුවීමට හේතුවකි. එය හොඳ වැඩපිළිවෙළකි. ඒ නිසාම ගම්වල අපරාධ අඩුවීමක් දැකිය හැක. යම් ප‍්‍රමාණයකට මත්කුඩු හා කසිප්පු ආදියේ අඩුවක් දක්නට ඇත්තේ මේ නිසා ය.

 රටේ ඇති ප‍්‍රධානම ආර්ථික උපායමාර්ග හා ආයෝජන වෙනුවෙන් ගැළපෙන රැුකියා අවස්ථා ලබාදීම උදෙසා වෘත්තීය අවශ්‍යතාවලට සරිලන අධ්‍යාපනයක් ඇතිකළ යුතුව තිබේ. මේ රටේ සිටින හතළිස් දෙලක්ෂයක් දරු පරපුර වෙනුවෙන් අප ගතයුතු තීරණය තව දුරටත් ප‍්‍රමාද කළ යුතු නොවේ. අප නැ`ගී සිටිය යුත්තේ අධ්‍යාපනයෙන්ම බව දෙමාපියෝ ද දනිති. ඔවුන් කුසගින්නේ හා සිට දරුවාට ඒ අනාගතය සකසා දීමට කැමති ය. ඒ නිසා නව නිර්මාණ බිහිවන, පර්යේෂණ සඳහා මඟ පෙන්වන, ඒවාට අවස්ථාව දෙන,

 ප‍්‍රායෝගිකත්වයට හා වෘත්තීය අවශ්‍යතාවයට මුල්තැන දෙන හා ජාති ආගම් කුල වශයෙන් බෙදීම් ඇති නොවන අධ්‍යාපන ක‍්‍රමයක් වහා රටට හඳුන්වා දිය යුතු ය. මේ යුගයේ කාගේත් වගකීම එවන් ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකසීම ය. ඊට තවත් ප‍්‍රමාද විය යුතු නැත.

advertistmentadvertistment
advertistmentadvertistment