ජාතික ආරක්‍ෂක මණ්ඩලය නීත්‍යානුකූල කිරීමට නව පනතක්

95

ජාතික ආරක්‍ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීත්‍යානුකූල කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

ඒ සඳහා වූ නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට කැබිනට් අනුමැතිය ද ලබාදී ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට මෙසේ අනුමැතිය ලබාදී ඇත.

ජාතික ආරක්‍ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත පදනමක් මත පැහැදිලි සංයුතියකින් යුතුව ස්ථාපිත කරන ලෙසට ඉකුත් ජනවාරි මස 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් කරනු ලැබූ නිර්දේශය අනුව ජනාධිපතිවරයා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවති නඩු විභාගය අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ආරක්‍ෂක මණ්ඩලය සම්බන්ධයෙන් එකී නිර්දේශය කළේය.

ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කරුණු පිළිබඳව ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීමට සහ ඒ හා සම්බන්ධ දේශීය විදේශීය ආර්ථික මෙන්ම හමුදා ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමේ මූලික විධායක ආයතනය ලෙස 1999 වසරේ සිට ජාතික ආරක්‍ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment