ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වගකීමෙන් දෙන්න… සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා

235

ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරු දැනුම් දීමේදී ආරක්ෂක අංශ වගකීමකින් යුතුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයි මීගමුව කුරණ ශාන්ත ආනා දේවස්ථානයේ මීසම් පාලක සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා පැවසීය.

පියතුමා මේ බැව් පැවසුවේ කොළඹ අගරදගුරු මැඳුරේදී ඊයේ (29 දා* පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිල් ගාමිණී ප‍්‍රනාන්දු පියතුමා මෙසේ ද සඳහන් කළේය.

දේවස්ථානවලට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට බෝපිටිය ප‍්‍රදේශයේ දේවස්ථානයකට නාවික

හමුදාවේ නිලධාරීන් පිරිසක් පෙරේදා (28 දා* පැමිණ එහි මුළුතැන්ගෙයි සේවකයාට දැනුම්දී තිබෙනවා.

ඉන් බියට පත් එම සේවකයා එය ප‍්‍රදේශයේ ජනතාවට ද පැවසීම නිසා ජනතාව දැඩි ලෙස කලබලයට පත්ව තිබුණා. පසුව එම නාවික නිලධාරීන් පැමිණ එය අසත්‍ය පුවතක් බව පවසා තිබෙනවා.

මෙලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ තොරතුරක් කිසිදු වගකීමකින් තොරව පැවසීම සහ එය වගකිවයුත්තකුට දැනුම් නොදීම ගැන අප කනගාටුවට පත් වෙනවා.

මෙවැනි වගකීමකින් තොරව කටුයතු කිරීම නිසා නැවත වරක් ආරක්ෂක නිලධාරීන් පැමිණ සත්‍ය තොරතුරක් පැවසුවත් ජනතාව පිළි නොගැනීමේ අවදානමක් මතු වෙනවා.

ඒ නිසා ති‍්‍රවිධ හමුදාවේ වගකිවයුතු නිලධාරීන් මෙලෙස ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කිරීම බරපතළ තත්ත්වයක්.

මේවා බරපතළ ප‍්‍රතිඵල ගෙනදිය හැකි සිද්ධීන්. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් බැටකා සිටින ජනතාව නැවත එවැනි අවාසනාවන්ත සිද්ධියක් ඇතිවීම ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ නිසා අහිංසක ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න එපා. රජය මේ ගැන වහාම සොයා බැලිය යුතුයි. මෙලෙස අපරීක්ෂාකාරී ලෙස කටයුතු කරන නිලධාරීන් සම්බන්ධව පියවර ගත යුතුයි.

ඒක බොරුවක්. බිය වෙන්න එපා කියා ප‍්‍රකාශ කිරීමෙන් ජනතාව තුළ නැවත විශ්වාසය ඇති කරන්න බැහැ. රටේ ජාතික ආරක්ෂාව හෑල්ලූවට ලක් කරන්න එපා. එය ඉතා භයානකයි. ජාතික ආරක්ෂාව සම්බන්ධව ලැබෙන බුද්ධි තොරතුරු සම්බන්ධව මීට වඩා වගකීමකින් කටයුතු කරන ලෙස අප රජයෙන් සහ ආරක්ෂක අංශවලින් නැවත වරක් ඉල්ලා සිටිනවා.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment