ජාතික ආරක්ෂාව බිඳවැටීම?

550

කොළඹ විදේශ තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකයන් හමුදාපති හමුවෙති

මිරිහානේ බුද්ධි අංශ කුමක් කළේ ද?

ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පසුබිමේ විදේශ සංවිධානයක්

මිත‍්‍ර ශක්ති යුද අභ්‍යාසය ඉන්දියානු හමුදාව මෙරටට පැමිණි බවට ප‍්‍රචාරය කරලා

තමිල්නාඩුවේ ස්ටාලින් යාපනයට පරිප්පු දැමීමට සූදානම් වේ

මෙරට ඇමරිකානු තානාපතිනිය වූ ජුලි චැන් වැඩ භාරගැනීමෙන් දෙමසක් ගතවීමට පෙර ජනපතිට එරෙහි විරෝධතා මතුවිය.

ඒ ගැන ඇය පැවසුවේ ජනතාවට විරෝධය පෑමට අයිතියක් ඇති බවයි. එහෙත් මහජන දේපළ වැනසීමට විරෝධතාකරුවන්ට අයිතියක් ඇති බව ඇය පැවසුවේ නැත. ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් කැපිටල්හිල් ගොඩනැඟිල්ලට කඩාවැදී විනාශකාරී කි‍්‍රයා සිදුකිරීමෙන් පසුව පැමිණි බයිඩන් රජය විරෝධතාකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීම පිළිබඳවත් ජුලි චැන් වචනයක් වත් පැවසුවේ නැත. එහිදී ට‍්‍රම්ප්ගේ මැර ආධාරකරුවෝ කෑගැසුවේ බයිඩන් ගෝ හෝම් යනුවෙනි. මේ පසුබිම මැද පසුගිය සතියේ රාත‍්‍රියක මිරිහානේ පැඟිරිවත්ත ප‍්‍රදේශයේ ජනපති නිවස අසල සිදුවූ සිදුවීම මෙරට ජනාධිපති ආරක්‍ෂාවේ බිඳවැටීමක් ද?

ඉන්දීය රන්දෙවොල කාලිස්තාන් ත‍්‍රස්තයන්ගෙන් ගලවාගත් හමුදා මෙහෙයුම දියත්කළ ජෙනරාල් අරුන් විද්‍යා සී`ක් ත‍්‍රස්තයන් විසින් ඝාතනය කළේ වසර ගණනකට පසුවය. එම මෙහෙයුමේ දෙවැනියා ලන්ඩන් නුවර දී පිහි ඇනුම්වලට ලක්වී දිවි ගලවා ගත්තේය. ඊට පෙර රන්දෙවොල මෙහෙයුමට නියෝග කළ අගමැතිනි ඉන්දිරා ගාන්ධි තම සීක් ආරක්‍ෂක භටයන් දෙදෙනකුගේ වෙඩි ප‍්‍රහාරවලින් ඝාතනය විය.

මේ තත්ත්වය මත වන්නි මෙහෙයුමට නියෝග කළ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ වෙතින් පළිගැනීමට කොටි කි‍්‍රයා නොකරනු ඇතැයි කිව හැකි ද? අවි පුහුණුව ලත් කොටි 12000ක් උතුරේ සිටිති. තවත් 460ක් පුනරුත්ථානයට අසුවී නැත.

ඔවුන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද සිටී. මොවුන් බලාසිටින්නේ අවස්ථාවට එනතුරුයි.

ජාතික ආරක්ෂාව බිඳවැටීම?

හිටපු ජනපතිනි චන්ද්‍රිකා පුරහල් භූමියේ පැවැත්වූ රැළියට මරාගෙන මැරෙන බෝම්බකාරියක් රිංගා සිදුකළ බෝම්බ පිපිරීමකින් ඇයට එක් ඇසක් අහිමි විය. එවන් කි‍්‍රයාදාමයක් මිරිහානේ පැඟිරිවත්ත ප‍්‍රදේශයේ සිදුවූවානම් වගකීම භාරගත්නේ කවුරුන් ද?

විදුලිබලය කපා හැරි අවස්ථාවක මෙවැනි ඝාතන මෙහෙයුමක් සිදුනොවන බව සහතික විය හැකි ද? ජනපති රටේ රාජ්‍යනායකයා යි.

අපේ ආරක්‍ෂක අංශ පොලිසිය සහ බුද්ධි අංශ කොටින්ව අමතක කර ඇත. එහෙත් සතුරා අවස්ථාව එනතුරු බලා සිටී. මේ බව බහුතරය අමතක කර ඇත. පසුගිය වසරේ ජූලි මස හයිටි රාජ්‍යයේ ජනපති මොයිසේ ඝාතනය වූයේ රට තුළ විරෝධතා මතුවී ඇති අවස්ථාවකය. එසේම 2011 දී ටියුනීසියානු ජනපති රට තුළ විරෝධතා මතුවීම නිසා සෞදි අරාබියාවට පැන ගියේය. මෙය බටහිර රටවල් අරාබි වසන්තය ලෙස හඳුන්වනු ලැබීය. වසරකට පසු හෙළිවූයේ ටියුනිසියාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සාවද්‍ය තොරුතුරු විශාල ලෙස විකාශනය කර ගිනි ඇවිළිවීමේ මෙහෙයුම දියත් කර ඇති බවයි. ඉන්පසු මේ අරාබි වසන්තය නැමැති බටහිර මෙහෙයුම ඊජිප්තුවට ද ව්‍යාප්ත වී ජනපති හොස්නි මුබාරක් ඉල්ලා අස්වීමෙන් පසු මුස්ලිම් බ‍්‍රදර්හුඞ් නැමැති අන්තවාදී සංවිධානයේ නායකයා රටේ බලය අල්ලා ගත්තේය. එම අනතුර තේරුම්ගත් ඊජිප්තු හමුදා නායක සිසී රටේ බලය අල්ලා
ගැනීමෙන් ඊජිප්තුව අරාජික වීම නතර විය. ඉන්පසු තායිලන්තයේ යෙලෝ ෂර්ට් හෙවත් කහ කමිස කල්ලිය අගමැති සහ රජු පහකර බලය අල්ලා ගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.

මෙයට වසර ගණනකට පෙර රුමේනියාවේ විරෝධතා මතුවී ජනපති චච්චෙස්කු සහ බිරිය විරෝධතාකරුවන් පිහිටුවාගත් නැෂනල් සැල්වේෂන් ෆ‍්‍රන්ට් නැමැති සංවිධානය විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මේ පසුබිම මැද 1971 අපේ‍්‍රල් කැරැල්ලේ දී විනාශකාරී ක‍්‍රියා සිදුකළ කැරලිකරුවන්ට සම්බන්ධ සුනන්ද දේශප‍්‍රිය හෙවත් රංජි මල්ලි ස්විට්සර්ලන්තයේ සිට මෙරට අරාබි වසන්තය දියත් කිරීමට උත්සාහ කරනු ලැබීය. හිටපු කැරලිකරුවකුට මෙරට ආරක්‍ෂාවට තර්ජන එල්ල කිරීමට ඉඩ දිය හැකි ද? එසේම සමාජ කි‍්‍රයාධරයන් ලෙස හඳුන්වාගත් විවිධ අතරමැදියන් විදේශ රටවලට සාවද්‍ය තොරතුරු විකාශනය කරමින් මෙරට ගිනි ඇවිළවීමේ යෙදී සිටියහ.

එය තවදුරටත් සනාථවූයේ ඉන්දීය හමුදාව මෙරට ගොඩබැස ඇති බවට හිටිහැටියේ මතුවූ මේ සමාජ ක‍්‍රියාධරයන් යැයි හඳුන්වාගත් පාර්ශ්ව ප‍්‍රචාරය කිරීමයි. මාස කිහිපයකට පෙර ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති මිත‍්‍ර ශක්ති යුද අභ්‍යාසයේදී ගනු ලැබූ දර්ශන එකී සාවද්‍ය ප‍්‍රචාරවලට උපයෝගී කරගෙන තිබුණි.

මෙහිදී නැඟෙන බරපතළ ප‍්‍රශ්නය නම් මේ සමාජ ක‍්‍රියාධරයන් පසුබිමේ සිටියේ කවුරුන්ද යන්නයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සමාජ ක‍්‍රියාධරයන් යැයි පවසන පිරිසකට පුහුණු ලබාදීමට ක‍්‍රියාකළේ කලකට පෙරය. එහෙත් එදා රජයේ බලධාරීන් ඒ ගැන අවධානය යොමුකළේ නැත. එහෙත් ඇමරිකානු රජය එරට පදිංචි වීම සඳහා ග‍්‍රීන්කාඞ් ලබාදීමට පෙර තමා සබඳකම් පැවැත්වූ වෙබ් අඩවිවල සියලූ තොරතුරු සැපයිය යුතුව තිබුණි. එහෙත් රජයේ බලධාරීන් පසුගිය පැය 48 තුළ විදේශ රටවලට විකාශනය වූ වට්ස් ඇප්, ටුවිටර් සහ ඉන්ස්ටග‍්‍රෑම් පණිවුඩ කෙරේ නිරීක්‍ෂණය කළේද?

ජර්මනියේ සිට ක‍්‍රියාත්මක වන ජේ ඞී එස් නැමැති කොටි හිතවාදී වෙඞ් අඩවියේ මෙරට වාර්තාකරුට පවා රජයේ මාධ්‍ය හැඳුනුම්පත ලබාදී තිබෙන බව බුද්ධි අංශ පවා නොදනී.

මේ පසුබිම මැද ජනපතිට තර්ජනයක් තිබේද යන්න බුද්ධි අංශ නිරීක්‍ෂණය කර නැති බව තහවුරුවේ. කොලොන්නාවේ හිටපු මන්ත‍්‍රීවරිය වූ හිරුණිකා කාන්තාවන් පිරිසක් රැගෙන ජනපති නිවස අසල විරෝධතාවයක් පවත්වනු ලැබීය. එය පෙරහුරුවක් බව බුද්ධි අංශවලට අවබෝධ නොවුණි. එම විරෝධතාවය වැළැක්වීමට බලධාරීන් කි‍්‍රයාකළේ නැත. ඉන් සනාථ වූයේ ජනපති නිවස ඇති මාර්ගයට පැමිණීමේ හැකියාවයි. එසේම ජනපති නිවස අසල ප‍්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් කළයුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදුවී නොමැත.

හිරුණිකාගේ පෙරහුරුවේ 2 වැනි අදියර පසුගියදා රාත‍්‍රියේ සිදුවිය. විරෝධාතාවය සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ඇතිවීමට හේතුවූයේ පොලිසිය බලා සිටීමයි. යම් ලෙසකින් මේ කලහකාරීන් ජනපතිගේ ජීවිතයට හානියක් සිදුකළේ නම් රටේ කුමන බියකරු තත්ත්වයක් ඇතිවේ ද?

ජාතික ආරක්ෂාව බිඳවැටීම?

ප‍්‍රභාකරන් කොළඹ නගරයේ බෝම්බ පිපිරීම් සිදුකර පාසල් දරුවන් සහ රැකියාවලට ගිය රජයේ සේවක සේවිකාවන් ඝාතනය කරද්දී මේ විරෝධතා සිදුවූයේ නැත. ඒ ප‍්‍රභාකරන්ට ඇති බිය නිසාය. මේ පසුබිම මැද බුද්ධි ප‍්‍රධානීන් ජනපති ජීවිතයට සහ රටේ ජාතික ආරක්‍ෂාවට ඇති තර්ජනය අවබෝධ කරගෙන නැත. එවන් තක්සේරුවක් සිදුවී නැතැයි තහවුරු විය. වසර කිහිපයකට පෙර ජනපති රාජපක්‍ෂ කොල්ලූපිටියේ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකු ගෙන් දිවි ගලවා ගත්තේය.

මෙවර විරෝධතාකරුවන් අතර එවන්නෙක් සිටියේ නම් ඇතිවන්නේ රටේ අවාසනාවන්ත තත්ත්වයකි. මේ නිසා ජනපති ආරක්‍ෂාව මෙන් රටේ ආරක්‍ෂාව බිඳවැටී නැතැයි කිවහැකි ද?

හිටපු ඇමරිකානු ජනපති ට‍්‍රම්ප්ගේ ආධාරකරුවෝ කොංග‍්‍රස් මණ්ඩලය පිහිටි කැපිටල් ගොඩනැඟිල්ලට කඩවැදීම නතර කිරීමට පොලිසියට නොහැකි විය.

මේ අතර අල්ජසීරා රූපවාහිනිය පැවසුවේ විරෝධතාකරුවන් ජනපතිගේ පුද්ගලික නිවසට කඩාවැදීමට උත්සාහගත් බවයි.

එසේ නම් පොලිසිය කළේ කුමක්ද? මිරිහාන පොලිස් මූලස්ථානය පිහිටුවා ඇත්තේ සමීපවය. හිරුණිකාගේ විරෝධතාකරුවන්ට ජනපති පුද්ගලික නිවස වෙත යෑමට පොලිසිය ඉඩහැරිය බව ද වාර්තා විය. එසේම රාත‍්‍රි 10.30 වනවිට කලබලය උත්සන්න වනතුරු ඉහළ පෙළේ පොලිස් බලධාරීන් කුමක් කළේ ද? අඩු වශයෙන් පොලිස් සංචාරක යතුරු පැදි පවා තත්ත්වය විමර්ශනය කිරීමට කි‍්‍රයාකර නැත. පාස්කු ප‍්‍රහාරය ගැන පොලිස් ලොක්කන් නවදෙනෙක් වගකිවයුතු බව අනාවරණය විය. මේ වනවිට හෙළිවී ඇත්තේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රගේ කාන්තා කණ්ඩායම ජනපතිගේ නිවස වෙත එනවිට පොලිස් මාර්ග බාධක යොදා නොතිබූ බවයි. එසේම ජනපතිගේ නිවස අවට කලාපයේ ගැවසෙන අනවසර පාර්ශ්ව ගැනද පොලිසිය නිරීක්‍ෂණය කර නොමැත. එය මිරිහාන පොලිසියේ වගකීමකි. මෙම ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන අපරාධකාරී ක‍්‍රියාගැන ද වාර්තා විය.

මේ පසුබිම මැද මිරිහාන පොලිස් බල ප‍්‍රදේශයේ පොලිස් ලොක්කන් ජනපතිගේ ආරක්‍ෂාව උදෙසා නිසි පියවර ගැනීමට ද අසමත්වී ඇතැයි තහවුරු වී තිබේ. මේ හැර පොලිස් නිරීක්‍ෂණ මැදිරියක් පවා අවට කලාපයේ ස්ථාපිත වී නො තිබුණි.

ජනපති ගෝඨාභය රාජපක්‍ෂගේ ආරක්‍ෂාවට සිදුවූයේද එයයි. මුලින් සාමකාමීව පැවැති විරෝධය රාත‍්‍රි 10 වනවිට උත්සන්න විය. එම අබිරහස් මේ ක‍්‍රියාදාමය සිදුවනවිට නුගේගොඩ මිරිහාන අවට කලාපයේ ජංගම දුරකථන කුලූනු ඔස්සේ හුවමාරු වූ පණිවුඩ නිරීක්‍ෂණය වීමක් සිදුවී නැත. පොලිසිය ඒ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත්තේ අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසුවා යන ක‍්‍රියාදාමය අනුගමනය කිරීමෙනි.

එසේම ජනපතිගේ නිවස අසල ස්ථානයක් තෝරාගෙන විවිධ පුද්ගලයන්ගේ ගැවසීම වීඩියෝ ගතකළා නම් ප‍්‍රචණ්ඩකාරීන් කවුදැයි හඳුනාගැනීමට පොලිසියට හැකිවේ.

එහෙත් එවැනි ක‍්‍රියාමාර්ග සිදුවී නැත.

මේ අතර ඉන්දීය විදේශ ඇමැති ජෙයශංකර් මෙරටට පැමිණීමෙන් පසු ද්‍රවිඩ සන්ධාන කණ්ඩායමක් සහ දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය ඔහු හමුවී යෝජනා මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. මනෝ ගනේෂන් එම සාකච්ඡාවේදී පැවසුවේ ඉන්දීය සම්භවයකින් ඇති කඳුකර ජනතාව ලක්‍ෂ 05ක් උඩරට ජීවත්වන නිසා දේශ සීමා රහිත ප‍්‍රජා කවුන්සිලයක් රට තුළ ස්ථාපිත කළ යුතු බවයි. එසේම පාර්ලිමේන්තු පනත් එම කවුන්සිලයට ලබාදිය යුතු අතර අයවැය ලේඛනයෙන් මුදල් වෙන්කළ යුතු බවත් විදේශ අරමුදල් ලබාගැනීමට ද ඉඩදිය යුතු බවද ගනේෂන් නැමැත්තා තවදුරටත් දක්වා ඇත.

ජාතික ආරක්ෂාව බිඳවැටීම?

මෙයට පෙර ප‍්‍රභාකරන් මුහුදු ප‍්‍රදේශ 2/3 ක් තමන්ට අයත් බව දක්වමින් අන්තර්වාර පාලන සභාවක් ඉල්ලා සිටියේය.

එවන් පසුබිමක් මැද මනෝගනේෂන්ගේ මේ දේශසීමා රහිත ප‍්‍රජා කවුන්සිලය රට කැබලි 3කට කැඞීමේ සැලසුම් සහගත මෙහෙයුමක් නොවේද?

ගෑස්, කිරිපිටි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් පවතින අවස්ථාවේ උඩරට කඳුකරයේ දෙමළ ජනතාව වෙනුවෙන් ප‍්‍රජා කවුන්සිලයක් ආරම්භ කරන්නේ කුමකට ද?

පසුගිය මාර්තු 23 දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බැග්ලේ නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද ජේකබ් සහ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම් බානු ප‍්‍රකාශ් හමුවී තිබේ. කරුණු 23 ක් අඩංගු සංදේශයක් ද එහි ඉන්දීය නිලධාරීන්ට භාර දී ඇත. එහි දැක්වෙන ඇතැම් ඉල්ලීම් මෙසේයි.

පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරෙන නීති සහ සංශෝධන ප‍්‍රජා කවුන්සිලයට ඉදිරිපත් කළ යුතුය. එම පනත් සම්මත වීමට පෙර ඊට මැදිහත්වීමට අවසර දීම ශ‍්‍රී ලංකා පොලිසිය ඇතුළු රජයේ ආයතන විසින් ප‍්‍රජා කවුන්සිලය පිළිගත යුතුය. 2012 වසරේ සංගණනය අනුව මෙම ඉන්දියානු සම්භවය ඇති ජනසංඛ්‍යාව 839504ක් වේ. ප‍්‍රභාකරන් යෝජනා කළ අන්තර්වාර පාලන ක‍්‍රමයෙන්ද විදේශාධාරා සෘජුව ලබාගැනීමේ අයිතිය ඉල්ලා තිබිණි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධාන මන්ත‍්‍රී ශ‍්‍රීධරන් නැමැත්තා බි‍්‍රතාන්‍යයයේ දේශපාලන සාමය ගොඩනැඟීම සහ මානව හිමිකම් කටයුතු පිළිබඳ ලේකම් හෙන්රි ඩොනාට් හමුවී ශ‍්‍රී ලංකාවට දෙමළ සමූහාණ්ඩුවක් ලබාගැනීමේ උත්සාහයක නිරත වී ඇත. හෙන්රි ඩොනාට් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරයි. එහිදී ශ‍්‍රීධරන් තවදුරටත් පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ රජය බි‍්‍රතාන්‍යයයෙන් නිදහස ලබාගත් පසු දෙමළ ජනතාවට ඔවුන්ගේ ස්වෛරීභාවය අහිමිවූ බවයි.

එසේම රැඳවුම් භාරයේ සිටින දේශපාලන සිරකරුවන් (හිටපු කොටි) නිදහස් කරන ලෙසත් වගවීමේ කි‍්‍රයාවලිය සඳහා ශ‍්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ද ශ‍්‍රීධරන් බි‍්‍රතාන්‍ය නියෝජිතයාගෙන් ඉල්ලා ඇත.

මේ අතර තමිල්නාඩු මහ ඇමැති එම් කේ ස්ටාලින් නවදිල්ලියේදී ඉන්දීය අගමැති මෝදි හමුවී ශ‍්‍රී ලංකාවේ උතුරේ ද්‍රවිඩ ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පා ඇති නිසා ඔවුන්ට ශ‍්‍රී ලංකා රජයට නොදී සෘජුව ආධාර කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම මෙයට පෙර ඉන්දීය රජය ගුවන් යානා මගින් උතුරට පරිප්පු දැමීමේ කි‍්‍රයාවට සමාන මෙහෙයුමකි.

එසේම ශ‍්‍රී ලංකාවට අයිති කච්චතිවු දූපත යළි අත්පත් කරගන්නැයි ද ඔහු තහවුරටත් ඉල්ලා තිබේ.

මෙවන් තත්ත්වයක් මැද උතුරේ නයිනතිව් ඇතුළු දූපත් තුනක සුළං බල ව්‍යාපෘති ඉදි කිරීමෙන් චීන සමාගම් ඉවත්කර ඉන්දියාවට පැවරීමට ශ‍්‍රී ලංකා රජය කි‍්‍රයාකර ඇත. ඩොලර් මිලියන 12 ක් වැයවන මේ ව්‍යාපෘතියට අදාළ ගිවිසුම ඉන්දීය විදේශ ඇමැති සමග අත්සන් කරතිබේ. මේ අතර කොටි සංවිධානයට නැවත පණ දීම සඳහා උත්සාහ කළ හිටපු කොටි ක‍්‍රියාකාරීන් 6කට එරෙහිව ඉන්දීය ජාතික බුද්ධි සේවාව චෝදනා ගොනුකර ඇත.

කැනඩාවේ පදිංචි මේරි ප‍්‍රැන්සිස්කා – කෙනිස්ටස් ප‍්‍රනාන්දු – බාස්කරන් ජොන්සන්, සැමුවෙල්, ජී. ධර්මේන්ද්‍රන් සහ ඊ මොහාන් යන එම හිටපු කොටි ක‍්‍රියාකාරීහු මුම්බායිහි ඉන්දියන් ඕවර්සීස් බැංකුවේ තිබූ කොටි ගිණුම්වලින් මුදල් ලබාගැනීමට උත්සාහ කර තිබේ.

මේ පසුබිම මැද බි‍්‍රතාන්‍යයයේ නේස්බි සාමිවරයා සිය ශ‍්‍රී ලංකාව සම්බන්ධ ග‍්‍රන්ථය ශ‍්‍රී ලංකාවේදී ප‍්‍රකාශයට පත්කළේය.

ඔහු බි‍්‍රතාන්‍ය රජයට පැවසුවේ යුද අපරාධ පිළිබඳ ඇත්ත දැනගැනීමට හිටපු ආරක්‍ෂක උපදේශක කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‍ය ලියවිලිවල රහස්‍යබව අහෝසි කළ යුතු බවයි. නේස්බි සාමි, බි‍්‍රතාන්‍යය තොරතුරු කාර්යාංශය හරහා ලබාගත් රහස් ලියවිලි මෙරට මාධ්‍ය අතරින් විශේෂයෙන් හෙළිදරව් කළේ ආරක්‍ෂක විශේෂාංගයෙනි. වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 6000ක් 7000ක් අතර යැයි එහි රහස් ලියවිලිවල සඳහන් විය.

මේ රහස් ලියවිලි යහපාලන රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් නොකර ඉවතට විසිකළේය. එහෙත් එදා ජනපතිව සිටි මෛත‍්‍රිපාල සිරිසේන නේස්බි සාමිට ස්තුති කරමින් ලිපියක් යැවූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ බලධාරියකු එම ලිපිය බි‍්‍රතාන්‍ය රජයට හොරෙන් නේස්බි සාමිට ලබාදෙන ලෙස නියෝග කර තිබුණි.

වන්නි මෙහෙයුමට අදාළ රහස් ලියවිලිවල රහස් බව අහෝසි කරන ලෙස නේස්බි සාමි කළ ඉල්ලීම බි‍්‍රතාන්‍ය රජය ඉටුකර නැත.

එම ලියවිලිවල රහසිගත තත්ත්වය අහෝසිවුවොත් ද්‍රවිඩයන් 146,500ක් ඝාතනය වූ බවට හිටපු බී බී සී වාර්තාකාරී ප‍්‍රාන්සස් හැරිසන් සහ හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා කළ ප‍්‍රකාශ බොරු බවට සනාථ වේ.

ශ‍්‍රී ලංකා හමුදාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනා තමා පිළිගන්නේ නැති බවත් හමුදාවට එරෙහිව වීඩියෝ පට නිපදවූ කැලම් මැක්රේ කොටිඩයස්පෝරාවෙන් අරමුදල් ලබන්නකු යැයිද නේස්බි සාමිවරයා ඉරිදා දිවයින සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් අනාවරණය කළේය.

මේ අතර හිටපු හමුදාපති ජගත් ජයසූරියට ඔහුගේ පවුලේ සාමාජිකයන් හමුවීම සඳහා ඔස්ටේ‍්‍රලියාවට ඒමට ඉඩනොදෙන ලෙස යස්මින් සුකා ඔස්ටේ‍්‍රලියානු රජයෙන් ඉල්ලීමක් කළාය.

ඇය සාක්කිකරුවන් 40ක්ද ඉදිරිපත් කරමින් ඔවුන්ට වධහිංසා පැමිණවීම් ගැන ජගත් ජයසූරිය වගකිවයුතු බව කියා සිටියා ය.

සුකාගේ එම ඉල්ලීමට කොටි හිතවාදී සංවිධාන කීපයක්ද සහාය දක්වා තිබේ.

මේ අතර ශ‍්‍රී ලංකාවේ සිදුවීම් ගැන ඇමරිකානු විදේශ සබඳතා කමිටුව ද නිරීක්‍ෂණය කරන බව වාර්තා විය.

මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරිය වූ සාරා හල්ටන් ද මිරිහානේ සිද්ධියට මැදිහත්වී තිබේ. හදිසි නීතිය පැනවීම සහ විරෝධතාකරුවන්ට එරෙහිව ක‍්‍රියාකිරීම ගැනද ඇය නොසතුට පළකර ඇත.

මේ පසුබිම මැද ජාතික සංවිධාන, විදේශ දේශපේ‍්‍රමීන්ගේ සහායද රජයට අද නැත.

ඊට ප‍්‍රධාන හේතුව රජය පත්කිරීමට සිය ශ‍්‍රමය සහ උපයන ධනය වැය කළ පාර්ශ්ව රජය කෙටි කලකදී කුණු බක්කියට දැමීමයි.

එදා යහපාලන රජයේ කීකරු පොලිස් ප‍්‍රධානීන් අද රජයේ හිතවතුන් බවට පත්වී සිටිති. සටන් විරාමයක් මගින් ශ‍්‍රී ලංකාව කොටින්ට බන්දේසියක තබා භාරදීමට උත්සාහ කළ ඇමරිකානු පුරවැසියකු ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කිරීමට රජය කි‍්‍රයාකළේය.

කොටි සංවිධානයේ අතිජාත මිත‍්‍රයකුට තවත් බටහිර රටක තානාපතිධුරයක් හිමිවිය. සටන්විරාම සමයේ නෝර්වේ නෝරාඞ් සංවිධානයේ අරමුදල් ලබාගත් තවත් අයකුට ජනපති කාර්යාලයේ ඉහළම ධුරයක් ලැබුණි.

එසේම ජාතික සංවිධානවල ඉල්ලීම් කෙරේ රජයේ ඉහළ බලධාරීන් තැකීමක් කළේ නැත. යුද අපරාධ චෝදනා එල්ලවූවන් බේරාගැනීමට ස්වභාවික යුක්තිය ඉටුකරන ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස ජාතික සංවිධාන කළ ඉල්ලීමට ද ජනපති සවන් නොදුබව වාර්තා විය. එහි ප‍්‍රතිඵලය වූයේ ජාතික සංවිධාන සහ දේශපේ‍්‍රමීන්ද රජයෙන් ඈත්වීමයි.

මෙම අවාසනාවන්ත තත්ත්වය මැද කොටිඩයස්පෝරා අරමුදල් ලබාගැනීමට ද රජය එකඟ විය. මෙය රණවිරුවන්ට කළ ද්‍රෝහිකමක් නොවේද?

මෙවන් පසුබිමක් මැද අන්තවාදී තර්ජනයකට මුහුණ පා ඇති ඉන්දියාවේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරයකුට සපයා ඇති ආරක්‍ෂක යාන්ත‍්‍රණයක් ජනපති රාජපක්‍ෂට ලබාදී නොතිබූ බව තහවුරුවේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට පවා බ්ලැක් කැට් බළකායේ ආරක්‍ෂාව ලබා දී තිබේ. ශ‍්‍රී ලංකාවේ ද එවැනි බළකායක් ඇතත් එම බළකායේ ආරක්‍ෂාව ද ජනපතිට සපයා නොතිබුණි.

පොලිස් නිලධාරීන් රැසකට තුවාල සිදුවීමෙන් පොලිස් බලධාරීන් ජනපතිට සපයා තිබූ ආරක්‍ෂාවේ තරම සනාථ වේ.

එසේ වුවත් ආරක්‍ෂාවට වගකිවයුතු පොලිස් බලධාරීන් පාස්කු ප‍්‍රහාරයේදී මෙන් මෙවරද ඇඟ බේරාගනු නියතය.

රටේ ජනපතිට නිසි ආරක්‍ෂාව සැලසීමට නොහැකි නම් ජනතාවගේ ආරක්‍ෂාව ගැන කුමන කතාද? මේ හැර මෙවන් සිදුවීමක් ගැන පොලිසිය බලාපොරොත්තු නොවූයේද? එසේම මිරිහාන ප‍්‍රදේශයේ බුද්ධි නිලධාරීන් සිටියේ කොහේද?

තාප්පයක් කඩා ගල් ප‍්‍රහාර එල්ල කිරීමට ප‍්‍රචණ්ඩකාරීන් කි‍්‍රයාකිරීමට පෙර ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය ප‍්‍රමාද විය.

ඉන්දියාවේ ගොවි විරෝධතාකරුවන් දසදහස් ගණනක් නවදිල්ලි නුවරට ඒමට තැක්කිරීමේදී එරට පොලිසිය සහ හමුදාව එය ව්‍යාර්ථ කරනු ලැබීය.

මේ අතර ජනපති නිවසට කඩාවැදීමට දරන උත්සාහය විදේශ රූපවාහිනි සේවා සජීවී ලෙස විකාශනය කර ඇත. එසේ නම් මෙය කල්තියා දියත්වූ සැලසුමක්ද?

මේ තත්ත්වය මත රජය සමාජ වෙබ් කි‍්‍රයාකාරීත්වය අකි‍්‍රය කර පසුව ඉවත් කෙරුණි. එය සියලූ දේ සිදුවුණාට පසු පියවර ගැනීමකි.

මෙරට ජනතාවට සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය ඇතත් බිහිසුණු ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයා සිදුකිරීමට සහ මහජන දේපළ වැනසීමත් අයිතියක් නැත. මෙවන් වාතාවරණයක් මැද මෙරට ජාතික ආරක්‍ෂාව බිඳවැටීමට විදේශ බලවේග සම්බන්ධවූයේද යන්න විමර්ශනයක් කළ යුතුව ඇත.

ශ‍්‍රී ලංකාව අරාජික වනු දැකීම විදේශ පාර්ශ්වවල අභිලාෂයයි. එසේම මිරිහාන විරෝධතාවය ප‍්‍රචණ්ඩක‍්‍රියා මෙහෙයුමක් බවට දියත් කළ පාර්ශ්ව හඳුනාගැනීම ද රජයේ වගකීමකි. මේ අතර කොළඹ පැවැති විරෝධතාවයක දී අව්කණ්ණාඩි පැළඳ ගත් කාන්තාවන් පිරිසක් ද දැක ගැනීමට ලැබුණි. මොවුන් කවුරුන් ද? වැඩි දුරටත් වාර්තා වූයේ ඔවුන් කොළඹ රාජ්‍ය නොවන සංවිධාන පිරිසක් බවයි.

මේ අතර බටහිර රටවල තානාපති කාර්යාලවල ආරක්‍ෂක උපදේශකයන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුවී වාරෝධතා සම්බන්ධයෙන් හමුදාවේ ස්ථාවරය කුමක් දැයි ප‍්‍රශ්න කර ඇත. මීට ප‍්‍රතිචාර දැක්වූ හමුදාපතිවරයා හමුදාව ව්‍යවස්ථාව අනුව ක‍්‍රියාකරන බව කියාසිටියේය. ඊට පෙර ලන්ඩනයේ සිට ක‍්‍රියාත්මක වන කොටා වෙබ් අඩවිය ස්විට්සර්ලන්තයේ සිටින හිටපු කැරලිකරුවකු වූ සුනන්ද දේශප‍්‍රිය නැමැත්තාගේ පළ කර තිබුණි.

එහි දක්වා තිබුණේ කමල් ගුණරත්නගේ 53වැනි සේනාංකය උතුරේ සිට කොළඹට කැඳවා ඇති බව වෙබ් අඩවියක් මෙහෙයවන අයකු වූ තමාට දැනුම් දුන් බවයි. රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට හමුදාව යෙදවීමට මෙයට පෙර ද පැවැති ආණ්ඩු ක‍්‍රියාකර ඇත. එහෙත් මෙම පුවතේ අරමුණ වූයේ ජනතාව මර්දනය කිරීමට හමුදාව කැඳවා ඇති බවට ගිනි ඇවිළවීමයි.

මේ අතර පාර්ලිමේන්තු මාර්ගයේ ආරක්‍ෂක කටයුතුවලට යොදා තිබූ යුධ හමුදා යතුරු පැදි බලකායේ භටයන් දෙදනකුට පොලිස් නිලධාරියකුගේ තර්ජනයකට මුහුණදීමට සිදුවිය. මේ උද්ධච්ජ පොලිස් නිලධාරියා එම භටයන්ට පහර දෙන බවද තර්ජනය කරනු ලැබීය. මෙම අශෝභන සිද්ධිය ගැන ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පොලිස්පතිට පැමිණිලි කර ඇත. එහෙත් ඔහුට එරෙහිව විනයානුකූල ක‍්‍රියාමාර්ගයක් ගනීද?

advertistmentadvertistment
advertistmentadvertistment