ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අහංගම නව ශාඛාව විවෘත වේ

91

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අහංගම නව ශාඛාව, පසුගියදා විවෘත විය. අහංගම, ඉමදූව පාර, අංක 46 දරණ නව පරිශ‍්‍රයේ ඉදිකල ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සම කැබිනට් ප‍්‍රකාශක, වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහභාගී විය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති කේශිලා ජයවර්ධන මහත්මිය, අධ්‍යක්ෂක ජයන්ත පෙරේරා, ලක්ෂ්මන් ගාමිණී, ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී අජිත් පීරිස්, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කේ. රවීන්ද්‍රන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුන් වන ක‍්‍රිස්ටීන් ජේසුඩියන්, දේවිකා ද සිල්වා, අනුෂා ප‍්‍රනාන්දු, මල්කාන්ති ද සිල්වා, අනෝමා ගෝමස්, රෝහන වීරකෝන් සහකාර සාමාන්‍යාධිකාරිනී නාලිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් සහ ප‍්‍රාදේශීය කළමනාකරු එස් බී සුරංග මහතා ඇතුඵ ඉතිරිකිරීමේ බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය සහ ආරාධිත අමුත්තන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

වැඩි ඉඩකඩකින් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර (ATM) ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම නව ශාඛාව, ජනතාවගේ සියළු මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලමින් වඩාත් ඉහළ ගණුදෙනුකාර සේවයක් සපයනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment