ජාතික ඉතිරිකිරීමේ බැංකුවට RTGS සාමාජිකත්වය

277

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා RTGS සාමාජිකත්වය ලබා ගැනීමේ සහතිකය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කේෂිලා ජයවර්ධන මහත්මියට ප‍්‍රදානය කළ අයුරු. එම අවස්ථාවට එක් වූ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ඉවට් ප‍්‍රනාන්දු මහත්මිය හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරි ප‍්‍රධාන විධායක නිලධාරි අිජිත් පීරිස් මහතාද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය-.ජූඞ් ඩෙන්සිල් පතිරාජ

දේශයේ සුවිශාලතම ඉතුරුම් විශේෂිත මූල්‍ය ආයතනය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව 2022 වසරේදී සිය 50වන අභිමානවත් සංවත්සරයට පා තැබීමට නියමිතයි. එදා 1972 වසරේදී එවකට මුදල් අමාත්‍ය ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹි ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද වනවිට ශ‍්‍රී ලාංකීය ජනතාව වෙත ඉතුරුම්කරණය සහ බැංකු සේවාවන් නව මුහුණුවරකින් හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ අග‍්‍රඵලයන් සමග එකට කැටි කොට සමීප කිරීමට සමත්ව තිබේ. වසර පනහකට ආසන්න ජයග‍්‍රාහී ගමනේ තවත් එක් සුවිශේෂී අවස්ථාවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද පැමිණ සිටී. විශාල මුදල් ප‍්‍රවාහයන් එක් එක් වශයෙන්, වඩාත් සුරක්ෂිතව හා එවලේම (Real Time) ඕනෑම බැංකුවකට පේ‍්‍රෂණය කිරීමේ පහසුකම එනම් Real Time Gross Settlement (තත්කාලීන දළ පියවීම් පද්ධතිය) තත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ලැබී තිබේ. ශ‍්‍රී ලංකා මහා බැංකුවේ ඍජු අධීක්ෂණය යටතේ ක‍්‍රියාත්මක මෙම සේවාව නිසා ඉතා විශාල මුදල් ප‍්‍රමාණයන් සැනෙකින් හුවමාරු කිරීමේ අවස්ථාව අප ගනුදෙනුකරුවන්ට හා බැංකුවේ අභ්‍යයන්තර මෙහෙයුම්

ක‍්‍රියාවලීන්ට හිමිවේ. RTGS සාමාජිකත්වය ලබා ගැනීම මගින් අපගේ ගනුදෙනුකරුවන්ට ඕනෑම මුදල් වටිනාමක් RTGS පහසුකම සහිත වෙනත් බැංකුවකට මාරු කළ හැකිය. එනම්, මෙම ක‍්‍රමයේදී උපරිම මුදල් සීමාවක් නොමැත, ඕනෑම දිනක ඕනෑම මොහොතක ඔබගේ බැංකුකරණ යෙදවුම මගින් හෝ අන්තර්ජාල බැංකුකරණ සේවාව මගින් බැංකු ශාඛාවකට නොයා නිවසේ සිටම හෝ රාජකාරියේ යෙදෙන අතරතුර පහසුවෙන් මුදල් යොමු කිරීමට හැකිවේ, සිදු කළ ගනුදෙනුව ගැන සැක සංකා මතු නොවනු ඇත. එමෙන්ම මෙම සියලූ ගනුදෙනු රටේ පවතින නීතියට අනුකුල වේ එනම් නීතියේ ආරක්ෂාවද ගනුදෙනුකරුවන්ට හිමිවනවා. එමෙන්ම, බලපත‍්‍රලාභී විශේෂිත බැංකුවක් RTGS ජාලය තුළ ක‍්‍රියාකාරී සාමාජිකත්වය ලද ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

බැංකු පද්ධතිය තුළ බහුතරයක් කතාකරන්නේ තාක්ෂණික පදමාලාවන් – OD, TOD, FD, LC වැනි වචන අපට නිතරම ඇසේ. ඒ අතරේ RTGS කියන අකුරුත් අපිට ඇසෙයි. Real Time Gross Settlement හෙවත් තත්කාලීන දළ පියවීම් පද්ධතිය. මෙම පහසුකම හඳුන්වාදීමෙන් අන්තර් බැංකු ගෙවීම් හා අරමුදල් හුවමාරු සම්බන්ධයෙන් විශාල පරිවර්තනයක් සිදුවී තිබේ.

RTGS පද්ධතිය හා ඒ හා සම්බන්ධ අනෙකුත් පහසුකම් සමග බැංකුවේ භාණ්ඩාගාර සුරැකුම්පත්වල හා බිල්පත්වල ආයෝජනය හා අරමුදල් හුවමාරු කිරීම සම්බන්ධව පැවති ප‍්‍රායෝගික ගැටලූවලට විසඳුම් ලැබේ. එමෙන්ම ගනුදෙනුකරුවන්ට සපයන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නංවාගැනීමටද හැකියාව ලැබෙයි. එසේම, අපගේ නව මධ්‍යගත බැංකු පද්ධතිය Core Banking System) සහ භාණ්ඩාගාර කළමණාකරන පද්ධතිය (Treasury Management System) ක‍්‍රියාත්මකකිරීමේ ව්‍යාපෘතිය අවසන් වීමත් සමග RTGS පහසුකම වඩාත් ඵලදායී ලෙස භාවිතා කිරීමට බැංකුවට හැකිවනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment