ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඒකාබද්ධ වාර්ෂික වාර්තාව 2022 ජනාධිපතිට පිළිගන්වන්වයි

57

ශ්‍රී ලංකාවේ විශාලතම බලපත්‍රලාභී විශේෂිත බැංකුව වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආර්ථිකයේ රාමුව තුළ එහි ක්‍රියාකාරීත්වය සහ සමාජ හා පාරිසරික අංශ සමඟ ඇති සබඳතාව පිළිබිඹු කරමින් “අපගේ ශක්තිය ශක්තිමත් කිරීම” යන තේමාවෙන් යුත් සිය ඒකාබද්ධ වාර්ෂික වාර්තාව එළිදක්වයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය පරමාර්ථ තුළන් රටේ සියලු‍ම ජනතාව සඳහා සෞඛ්‍ය සම්පන්න,තිරසාර සහ ආරක්ෂිත ඉතුරුම් සංස්කෘතියක් පෝෂණය කිරීමට කැපවී සිටින ආයතනයකි. එසේම, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අද රටේ ශක්තිමත්ම සහ ආරක්ෂිතම මූල්‍ය ආයතනය ලෙස ජනතාව අතර කීර්තියටද පාත්‍ර‍ව තිබේ .

2022 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා බැංකුවේ කාර්ය සාධනය, උපාය මාර්ග, ආයතනික පාලනය, අවදානම් කළමනාකරණය ඇතුලු‍ව ජාතික ඉතිරිකිරීමේ බැංකුව පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණයක් මෙම වාර්තාවේ අඩංගු වෙයි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, NSB හි නව සභාපති ජනාධිපති නීතීඥ ආචාර්ය හර්ෂ කබ්රාල් සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් යන මහත්වරුන් විසින් මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල වික්‍ර‍මසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් පිළිගන්වන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment