ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය සුරේෂ් සුබ‍්‍රමනියම් වැඩි ඡන්ද 09 කින් යළිත් සභාපති පුටුවට

152

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී ඡන්ද 21ක් ලැබූ හිටපු සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා වැඩි ඡන්ද 9කින් තව වසර 4ක් සඳහා සභාපති ධුරයට තේරීපත් වූයේය.

ඊයේ (28 වැනිදා* කොළඹ 7 ඔලිම්පික් නිවහනේදී පැවැති එම ඡන්ද විමසීමේදී සුරේෂ් සුබ‍්‍රමනියම් මහතාගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වූ විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට ලබා ගත හැකි වූයේ ඡන්ද 12ක් පමණි.

පසුගියවර පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 18ක් ලබමින් සභාපති ධුරයට පත්වූ සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා මෙවර එම ඡන්ද සංඛ්‍යාව 21 දක්වා වැඩි කර ගැනීම කැපී පෙනුණි.

නියමිත ඡන්ද ප‍්‍රමාණය වූ ඡන්ද 33න් ඡන්ද 21ක් ලබා ගත් සුරේෂ් සුබ‍්‍රමනියම් මහතා සමග එම පාර්ශවයෙන් ලේකම් ධුරය වෙනුවෙන් තරග වැදුණු හිටපු ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ඡන්ද 23ක් ලබා ගත්තේය.

ඔහුගේ ප‍්‍රතිවාදියා ලෙස තරග කළ බැඞ්මින්ටන් සම්මේලනයේ ලේකම් මොහාන් විජේසිංහ මහතාට හිමි වූයේ ඡන්ද 10ක් පමණි.

පාලිත ප‍්‍රනාන්දු පාර්ශවයෙන් තරග වැදුණු වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා උප සභාපතිවරයකු ලෙස පත්වීම විශේෂ සිද්ධියක් විය. ඔහු ඡන්ද 20ක් ලබා ගත් අතර අනෙක් උප සභාපතිවරුන් ලෙස තේරී පත් වූයේ සුරේෂ් සුබ‍්‍රමනියම් පාර්ශවයෙන් තරග වැදුණු සුරන්ජිත් පේ‍්‍රමදාස (19, නිලූ ජයතිලක (20 සහ ජෝශප් කෙනී (19* ලෙසිනි.

සුරේෂ් සුබ‍්‍රමනියම් පාර්ශවයෙන් තරග කළ ගාමිණි ජයසිංහ මහතා ඡන්ද 23ක් ලබා ගනිමින් නව භාණ්ඩාගාරික ධුරය සඳහා තේරී පත් විය. ප‍්‍රතිවාදී පාර්ශවයෙන් තරග කළ අජිත් සියඹලාපිටිය මහතාට හිමිවූයේ ඡන්ද 10ක් පමණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment