ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මා ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් පසුවයි – පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතාන

285

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගියේ තමන්, 2021 අපේ‍්‍රල් මස 06 වැනිදා ඒ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරපු පැමිණිල්ලෙන් පසුව යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතාන මහතා පැවසීය.

2015-2019 කාලය තුළ සිදුවූ ඖෂධ වංචාව සම්බන්ධයෙන් දාපු පැමිණිලි මොනවද කියලා පුළුවන් නම් කියන්න කියා විපක්‍ෂ නායකතුමා ඇතුළු විපක්‍ෂයේ කණ්ඩායමට අභියෝග කරනවා යැයි ද මධුර විතාන මහතා කීවේය.

පිටකොටුවේ පිට්පොකට් ගැහුව මිනිහා දුවනවා, මෙන්න හොරෙක් කියලා. අද විපක්‍ෂයත් ඒ වගේ තමයි. හොරකන් කරලා පගා ගහලා අපි පැමිණිලි දැම්මට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා මෙන්න හොරෙක් කියල හොරුම කියනවා යැයිද මධුර විතාන මහතා කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය 24 වැනිදා පිටකෝට්ටේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මධුර විතාන මහතා,

අද විපක්‍ෂයේ කණ්ඩායම ලොකු රංගනයක යෙදෙනවා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම පිළිබඳව. හැබැයි මේ විපක්‍ෂනායකතුමා හෙව්වේ නෑ මේ දත්ත මැකුණේ කොහොමද කියලා. මේ දත්ත මැකුණේ වෙන මොකුත් නිසා නෙවෙයි, 2021 අපේ‍්‍රල් 06 වැනිදා මම ගියා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් දාන්න, 2015 -2019 කාලය තුළ ඖෂධ නියාමන අධිකාරියේ වෙච්ච ගනුදෙනු, වංචා හොරමැරකම් සම්බන්ධයෙන්. විශේෂයෙන් 2015-2019 වර්ෂ පහක කාලය තුළ සාමාන්‍ය ඖෂධ වෙළෙඳ සලක රුපියල් තුන්සීයට ගන්න පුළුවන් බෙහෙත් පෙත්තක් නැත්නම් එන්නතක්, රුපියල් 12ට, රුපියල් 2ට ගන්න පුළුවන් ඖෂධ රුපියල් දාසයදාහට, රුපියල් විසිදාහට එක පෙත්තක් එක එන්නතක් විකුණලා ඖෂධ අධිකාරිය විසින් රජයේ ඖෂධ මිලදී ගැනීම කරලා මහා බරපතළ වංචාවක් කරා. මේ අවුරුදු පහ තුළ ඒක විපක්‍ෂනායකතුමා, හරීන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා දැක්කේ නෑ. අද දත්ත මැකීම ගැන කතා කරනවා. හැබැයි දත්ත මැකුණේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙක් විදිහට මම දාපු පැමිණිල්ලෙන් පසුවයි. මමයි ගියේ මේ පැමිණිල්ල දාන්න 2021 අපේ‍්‍රල් 06 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට. ඊට පස්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අවස්ථා කීපයකදී ගිහින් ඒ සියලූ  ලිපිගොනු දත්ත පරීක්‍ෂා කළා.

ප‍්‍රභාත් විතාන
 

advertistmentadvertistment
advertistmentadvertistment