ජාතික කණ්ඩායමේ කඩුල්ල තෙක් කඩුලූ බිඳ නොගෙන යන්න

605

* අංකුර කී‍්‍රඩකයන්ට  කි‍්‍රකට් උප සභාපති  රවීන් වික‍්‍රමරත්න කියයි

වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම යනු ජාතික කණ්ඩායම ඉදිරියේ ඇති පළමු කඩුල්ල බවත් එය තේරුම් ගෙන කඩුලූ බිඳ නොගෙන ඉස්සරහට යෑමට කටයුතු කළ යුතු බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා වයස අවුරුදු 19 න් පහළ සංචිතගත ක‍්‍රීඩකයන් 26 දෙනා සඳහා රුපියල් ලක්ෂය බැගින් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසීය.

ජාතික කණ්ඩායමේ කඩුල්ල තෙක් කඩුලූ බිඳ නොගෙන යන්න
ක‍්‍රීඩකයන්ට රුපියල් ලක්ෂයක දිරි දීමනාව ලබාදෙමින්
 
 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන විධායක නිලධාරි  ඈෂ්ලි ද සිල්වා මහතාද ඡායාරූපයේ වේ

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන සහ යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලි ඉලක්ක කර ගනිමින් තෝරා සංචිත ගතකර තිබෙන යොවුන් ක‍්‍රීඩකයන් 26 දෙනාට දිරි දීමනාවක් වශයෙන් රුපියල් ලක්ෂය බැගින් ප‍්‍රදානය කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.

මෙම මුදල් ප‍්‍රදානය ක‍්‍රීඩකයන් නවාතැන් ගෙන සිටින කොළඹ සිනමන් ලේක් හෝටල් පරිශ‍්‍රයේදී සිදුකෙරුණු අතර එහිදී ප‍්‍රධාන ආරාධිතයකු ලෙස පැමිණ සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති රවීන් වික‍්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තමන් ක‍්‍රීඩා කරන ලද කාල සීමාවේදී මෙවැනි පහසුකම් කිසිවක් නොලැබුණු බවත් වර්තමානයේදී ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා ඉහළ තලයට ගෙන යෑම වෙනුවෙන් ලබාදිය හැකි ඉහළම පහසුකම් ලබා දීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය හැකි සෑම විටෙකම කටයුතු කරනු ලබන බවයි.

”ක‍්‍රිකට් කියන්නේ ඕගොල්ලන්ගේ වෘත්තිය කියලා හිතන්න. මේ ඉන්න තැනින් අපි කොහොමද උඩට අඩියක් තියෙන්නේ කියන දේ ගැන නිතරම හිතන්න. මේකෙන් පස්සේ ඩිවලොප්මන්ට් ස්කොඞ් එහෙකට එන්නේ කොහොමද? ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරන්නේ කොහොමද? කියන දේ බොහෝම තදින් හිතට ගන්න. අවුරුදු 19 න් පහළ කණ්ඩායම කියන්නේ ඔයාලට ජාතික කණ්ඩායමේ දොර ඇරලා තියෙන්නේ පළමුවැනි කඩුල්ල. මේක තේරුම් ගත්තහම ඉස්සරහට යන්න පුළුවන්’ යැයි සඳහන් කර සිටි වික‍්‍රමරත්න මහතා, ”මම අද සංතෝෂ වෙනවා ක‍්‍රීඩකයන් හැටියට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඔයාලට යමක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන. අපි ඔයාලව බලා ගන්නවා. මේ මුදල් ක‍්‍රිකට් වලින් ඉදිරියට යන්න පුළුවන් දේකට යොදවන්න. ඒ වගේම වසරකට ක‍්‍රීඩකයන් 85 දෙනෙක් අපි කොන්ත‍්‍රාත් ගත කරලා තියෙනවා. ඕගොල්ලන්ගේ අතට සල්ලි එන ක‍්‍රමයක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගින් හදලා තියෙනවා’ යනුවෙන්ද වික‍්‍රමරත්න මහතා සඳහන් කර සිටියේය.

කුෂාන් සුබසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment