ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට – ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000ක් අද කොළඹට

307

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ මෙහෙයවීමෙන් සිව් දිනක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වන අද (09) අවසන් තරග 21 ක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

තරග ඉසව් 129 කින් සැදුම්ලත් වන ජාතික කනිෂ්ඨ ශුරතා ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දින තරග හෙට (10) ද තෙවන දින තරග බදාදා (11) ද අවසන් දින තරග බ්‍රහස්පතින්දා (12) ද කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සංවිධායකයන් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

මෙවර කනිෂ්ඨ තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 3000 කි.

තම ශත සංවත්සර සැමරුම සංකේතවත් කරමින් මෙවර කනිෂ්ඨ තරගාවලිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබීම මෙවර දක්නට ඇති විශේෂත්වයකි.

2022.05.09 පැවැත්වීමට නියමිත අවසන් තරග ඉසව් පහත දැක්වේ. (ආරම්භක වේලාව, තරග ඉසව්ව, ස්ත්‍රී පුරුෂ භාවය, වයස් සීමාව පිළිවෙළින් දක්වා ඇත)

★ 07.30 මීටර් 10000 බාලක අවුරුදු 23 න් පහළ අවසන් තරගය

★ 08.15 මීටර් 5000 බාලිකා වයස 20 න් පහළ සහ වයස 23 න් පහළ අවසන් තරගය

★ 08.30 රිටි පැනීම බාලිකා අවුරුදු 18න් පහළ අවසන් තරගය

★ 08.30 දුර පැනීම බාලක අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 08.30 යගුලිය දැමීම කිලෝ බාලිකා අවුරුදු 16න් පහළ අවසන් තරගය

★ 08.30 මිටිය විසි කිරීම බාලිකා අවුරුදු 18න් පහළ අවසන් තරගය

★ 08.30 හෙල්ල විසි කිරීම බාලක අවුරුදු 18න් පහළ අවසන් තරගය

★ 10.30 උස පැනීම බාලක අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 10.30 දුර පැනීම අවුරුදු 18 න් පහළ බාලිකා අවසන් තරගය

★ 10.30 යගුලිය දැමීම බාලක අවුරුදු 16 න් පහළ අවසන් තරගය

★ 10.30 මිටිය විසි කිරීම බාලක අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 10.30 හෙල්ල විසිකිරීම බාලිකා අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 13.15 රිටි පැනීම බාලක අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 13.15 යගුලිය දැමීම බාලිකා අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 13.15 හෙල්ල විසිකිරීම බාලක අවුරුදු 16 න් පහළ අවසන් තරගය

★ 15.30 උස පැනීම බාලිකා අවුරුදු 18න් පහළ අවසන් තරගය

★ 15.30 දුර පැනීම අවුරුදු 16 න් පහළ බාලිකා අවසන් තරගය

★ 15.30 යගුලිය දැමීම බාලක අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 15.30 හෙල්ල විසිකිරීම බාලිකා අවුරුදු 16 න් පහළ අවසන් තරගය

★ 16.10 මීටර් 2000 බාධක බාලිකා අවුරුදු 18 න් පහළ අවසන් තරගය

★ 16.25 මීටර් 2000 බාධක බාලක අවුරුදු 18 න් පහළ අවසන් තරගය

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment