ජාතික කනිෂ්ඨ ශූරතා 21 න් පහළ හොකී තරගාවලිය අද ඇරැඹේ

72

‘ඩබ්ලිව්.චන්මුගම් අනුස්මරණ කුසලාන’ ප්‍රදානය උදෙසා ක්‍රියාත්මක කෙරෙන ජාතික කනිෂ්ඨ ශූරතා වයස අවුරුදු 21 න් පහළ පිරිමි හොකී තරගාවලිය අද (23 වැනිදා) පෙරවරු 8.00 ට පේරදෙණිය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ.

පිරිමි තරගාවලියට සමගාමීව කාන්තා ජාතික කනිෂ්ඨ තරගාවලියක් ද ක්‍රියාත්මක වන අතර මෙම තරග මාලාව ලබන ඉරිදා (26) දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් සංවිධානය කර ඇති මෙවර පිරිමි තරගාවලිය කණ්ඩායම් 13 ක් අතරේ ක්‍රියාත්මක කෙරෙන අතර කාන්තා තරග මාලාවට ඉදිරිපත් වී ඇති කණ්ඩායම් සංඛ්‍යාව 08 කි.

පිරිමි මූලික වටයේ තරග, කාණ්ඩ 04ක් යටතේ ද කාන්තා මූලික වටයේ තරග කාණ්ඩ 02 ක් යටතේ ද ලීග් ක්‍රමයට පැවැත්වේ. එහිදී විශේෂ දක්ෂතා ප්‍රදර්ශනය කරන කණ්ඩායම් 04 බැගින් අවසන් පූර්ව වටය සඳහා තෝරා ගැනේ.

ජාතික කනිෂ්ඨ ශූරතා 21 න් පහළ හොකී තරගාවලිය අද ඇරැඹේ

● පිරිමි තරග සැලසුම

‘ඒ’ කාණ්ඩය

වෙළෙඳ සේවා සංගමය, මහනුවර සංගමය සහ ශ්‍රී ලංකා පාසල් සංගමය (මෙරූන්ස්).

‘බී’ කාණ්ඩය

වෙන්නප්පුව සංගමය, ගම්පහ

සංගමය සහ ඒකාබද්ධ විශ්ව විද්‍යාලයීය සංගමය

‘සී’ කාණ්ඩය

මාතලේ සංගමය, ඌව සංගමය සහ කළුතර සංගමය

‘ඩී’ කාණ්ඩය ගාල්ල සංගමය, ශ්‍රී ලංකා පාසල් සංගමය (ගෝල්ස්), මාතර සංගමය සහ කොළඹ සංගමය.

● කාන්තා තරග සැලසුම

‘ඒ’ කාණ්ඩය

වෙන්නප්පුව, ශ්‍රී ලංකා පාසල් (මෙරුන්ස්), ඒකාබද්ධ විශ්ව විද්‍යාලය සහ මාතලේ.

‘බී’ කාණ්ඩය

මහනුවර, කොළඹ ආරක්ෂක සේවා සහ ශ්‍රී ලංකා පාසල් (ගෝල්ඩ්ස්)

advertistmentadvertistment
advertistmentadvertistment