ජාතික ක්‍රීඩා සභාව ලබන සතියේ පත් කරනවා – ක්‍රීඩා ඇමැති

229

නව ජාතික ක්‍රීඩා සභාව පත්කිරීම ලබන සතියේ සිදුකරන බව ක්‍රීඩා ඇමැති තේනුක විදානගමගේ මහතා ‘දිවයින’ට ඊයේ (29දා) පැවසීය.

ජාතික ක්‍රීඩා සභාවේ හිටපු සාමාජිකයන් නැවත ඒ සඳහා සම්බන්ධවීමට කැමති නම් ඒ අයට තම මතය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබූ කාලය ඊයේ (29දා) දිනයෙන් අවසන් වූ බව ද ක්‍රීඩා ඇමැතිවරයා පැවසීය.

හිටපු සාමාජිකයන් 15 දෙනා අතරින් කිහිප දෙනකු නව ජාතික ක්‍රීඩා සභාව සමග එක්වීමට දැනට කැමැත්ත පළකර ඇති බව ද ක්‍රීඩා ඇමැතිවරයා කීය.

මේ අතර ජාතික ක්‍රීඩා සභාවට නව සමාජිකයන් පත්කිරීමට පෙර එම සභාවේ හිටපු සාමාජිකයන්ගේ මතය විමසීම පිණිස පසුගිය සිකුරාදා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේදී සාකච්ඡාවක් ද පැවැත්විණි.

ඒ සඳහා සහභාගි වී සිටියේ හිටපු සාමාජිකයන්ගෙන් 6 දෙනකු පමණි. ක්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දීම පිණිස ජාතික ක්‍රීඩා සභාව පත් කරනු ලබයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment