ජාතික කෞතුකාගාර භූමියේ නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කරනවා

264
  • ඇමැති විදුර වික්‍රමනායක

නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා ‘දිවයින’ට පැවසීය.

නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා අස්ගිරි මහා විහාරය, ගැටඹේ රාජෝපවනාරාමය සහ බෝගම්බර බන්ධනාගාර භූමිය යෝජනා වී ඇති අතර ඇමැතිවරයා සහ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පසුගියදා එම ස්ථානවල නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.

අස්ගිරි මහානාහිමි අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් සහ ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් හමු වී නැඳුන්ගමුවේ රාජාගේ සිරුර සංරක්ෂණය කිරීමට අනුශාසනා ලබා ගත් බවත්, ඒ අනුව ජනතාවට හස්තිරාජයා නැරඹීමට ඉඩ සලසා දීම සඳහා ජාතික කෞතුකාගාර භූමියේ එම සංරක්ෂණ කටයුතු සිදු කිරීමට දෙපාර්තමේන්තු නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් පසුව තීරණය කළ බවත් ද ඇමැති විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment