ජාතික ගීය දෙමළෙනුත් ගයන්න කැබිනට් අනුමැතිය

179

ජාතික නිදහස් දින ඇතුළු ජාතික උත්සව අවසානයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

පසුගිය යහපාලන සමයේදී ජාතික නිදහස් දින උත්සවය අවසානයේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සිදුකළත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු එම සම්ප්‍රදාය වෙනස් කළ බවත්, ලබන වසරේ සිට එය නැවත ගායනා කිරීම ආරම්භ කරන ලෙසත් ඉල්ලා පසුගිය සඳුදා (15 දා) පැවති කැබිනට් මණ්ඩලයට දේවානන්ද ඇමැතිවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

එම ඉල්ලීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණි. එසේ අනුමැතිය ලබාදීම රට තුළ දමිළ කතාකරන ජනතාවගේ සතුටට හේතු වන බව ඇමැති දේවානන්ද මහතා ප්‍රකාශ කර සිටී.

එපමණක් නොව ජාතික උත්සවවලදී එසේ සිදුකරන්නේ නම් එය ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීමට ද හේතු වන බව ද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට කියා තිබේ. ඒ අනුව ලබන වසරේ සිට ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. යුද සමයේදී විදේශගත දමිළ සංක්‍රමණික සංවිධානයන් කිහිපයකට පනවා තිබූ තහනම ඉවත් කිරීම ද අමාත්‍යවරයාගේ පැසසුමට ලක්වී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment