ජාතික චෙස් ශූරයා නාලන්දාවෙන් ශූරිය කොළඹ විශාඛාවෙන්

200

2021 වසරේ ජාතික චෙස් ශූරයා ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා රන් පදක්කම දිනූ අතර චෙස් ශූරිය ලෙස කොළඹ විශාඛා විද්‍යාලයේ නික්ෂේලා තරුෂි රන් පදක්කම හිමිකර ගත්තාය.

 2020 වසරේ ජාතික චෙස් ශූරයා වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ රනි`දු දිල්ශාන්ට මෙවර අනුශූරතාවය හිමි වූ අතර ධර්මාශෝක විද්‍යාලයේ එසන්දි නිවන්සා කාන්තා අංශයේ රිදී පදක්කම හිමිකර ගත්තාය. කුරුණෑගල මලියදේව විද්‍යාලයේ තුමුල කිරිඇල්ල පිරිමි අංශයේ ලෝකඩ පදක්කම ජයග‍්‍රහණය කළ අතර ජාතික චෙස් ශූරයා වූ සුසාල්ට මුදලින් රුපියල් 100000ක තෑගි මල්ලක්ද පිරිනැමිණි. තරූෂිට රුපියල් 60000ක මුදලක්ද රනි`දුට රුපියල් 50000ක මූදලක් ද හිමි විණි.

advertistmentadvertistment
advertistmentadvertistment