ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා බර ඉසිලීමේ තරගාවලිය අද ඇරැඹෙයි

138

චින්තන විදානගේ, ඉන්දික දිසානායක, ඉසුරු කුමාර, චතුරංග ලක්මාල් ජයසූරිය, හංසනී ගෝමස්, ශ්‍රීමාලී සමරකෝන්, චමරී වර්ණකුලසූරිය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 450 කගේ සහභාගීත්වයෙන් ජාතික ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කාන්තා බර ඉසිලීමේ තරගාවලිය අද (10) පෙරවරු 8.00 ට පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ කෙරේ.

ලබන ඉරිදා (13) දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙවර ජ්‍යෙෂ්ඨ ශූරතා තරගාවලියට සමගාමීව ජාතික කනිෂ්ඨ ශූරතා (පිරිමි සහ කාන්තා) තරගාවලිය මෙන්ම ජාතික යොවුන් ශූරතා (බාලක සහ බාලිකා) තරගාවලිය ද පැවැත්වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබේ.

අවුරුදු 35 න් ඉහළ වයස් සීමාවේ පසුවන ක්‍රීඩිකාවන් හට සහ අවුරුදු 45 න් ඉහළ වයස් සීමාවේ පසුවන ක්‍රීඩකයින් හට සහභාගි විය හැකි වන පරිදි සංවිධානය කර ඇති ජාතික ශූරතා ප්‍රවීණයන්ගේ තරගාවලියක් ද මෙයට සමාන්තරව පැවැත්වීම විශේෂත්වයකි.

ඒ සඳහා එක්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 35 කි. පොලොන්නරුව නගරාධිපති චානක රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙවර ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා බර ඉසිලීමේ තරගාවලිය අද (10) පෙරවරු 8.00 ට ආරම්භ කිරීමට නියමිතය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment