ජාතික ඩිජිටල් පෙරළියකට SLT-MOBITEL සූදානම්

68

මෙරට ප්‍රමුඛතම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූයේය.

විදුලි සංදේශන සහ තාක්ෂණ අංශයේ මෙරට වඩාත් ශක්තිමත්ම සන්නාමයක් ලෙස SLT-MOBITEL, මෙරට ජාතික ඩිජිටල් පෙරළියක් ඇති කිරීම සඳහා ඇති ප්‍රධානතම බාධක ලෙස සම්ප්‍රදායික ක්‍රමවේද, අකාර්යක්ෂමතාව, දූෂණය, අධික මෙහෙයුම් පිරිවැය සහ නාස්තිය හඳුනාගෙන ඇත.

පුරවැසි අනන්‍යතා ඩිජිටල්කරණය සහ සවිමත් ඩිජිටල් ආරක්ෂක සහ පුද්ගලිකත්ව පද්ධති සමගින් පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම, නව ජාතික ඩිජිටල් පෙරළියක් සඳහා SLT-MOBITEL යෝජනාකරන යෝජනාවලියේ පදනමයි. එම යෝජනාවලිය, මෙරට තීරණාත්මක මෙහෙයුම් කටයුතුවල සියලු‍ අංශ තුළ ඩිජිටල් වාණිජ්‍යය සහ ෑ-පාලනය හඳුන්වා දීම සඳහා අවශ්‍ය නව්‍ය තාක්ෂණික ක්‍රමවේදවල පදනම වනු ඇත. SLT-MOBITEL සමාගම සුව සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධිකරණ ක්‍රියාවලි සහ බැංකුකරණ හා මුල්‍යයනය යන අංශ මෙම නව ක්‍රමවේදය හරහා වඩාත් කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුතු මෙරට වඩාත් තීරණාත්මක අංශ සහ සේවා ලෙස හඳුනාගෙන ඇත.

මෙරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම නව ජාතික ඩිජිටල් පෙරළිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙලෙස සඳහන් කළේය. සිංගප්පූරුව මෙන් ශ්‍රී ලංකාවට ද නවෝත්පාදන තාක්ෂණය සෑම අංශයක ම පදනම බවට පත්කරමින් සුහුරු රටක් බවට පත්වීමේ හැකියාව පවතිනවා. එමගින්, වර්තමානයේ අප රටක් ලෙස මුහුණදෙන ප්‍රධානත ම ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටත්, තීරණාත්මක අංශ සහ සේවා ජනතාවගේ ජීවිත උසස් කිරීම සඳහා ඉතා කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු, ලාභදායී අංශ සහ සේවා බවට පත් කිරීමටත් හැකිවනවා. ශ්‍රී ලංකාව E-රාජ්‍යයක් බවට පත් කිරීම අපගේ දැක්මයි. අගය දාමය තුළ පුළුල්ත ම ආවරණයක් සහිත අප, තාක්ෂණ සමාගම්, මහා පරිමාණ ආයතන, මහජනතාව සහ රාජ්‍ය ආයතනවල අවශ්‍යතා සපුරාලිය හැකි අසමසම ශක්තියකින් යුතු වනවා. අප සතු හැකියා සහ රට පුරා ඇති ශක්තිමත් යටිතල පහසුකම් ජාලය හරහා, මෙම අභියෝගය බාරගනිමින් මෙරට ජනතාවට අවශ්‍ය වෙනස ඇති කිරීමට අපට හැකි බව අපගේ විශ්වාසයයි.”

advertistmentadvertistment
advertistmentadvertistment