ජාතික ධජය බිම දමා පාගා සූෆිවරුන්ට පහර දෙති

1286

* දුම්මලසූරිය ජුම්මා පල්ලියට කඩා වැදුණ පිරිසක් නිදහස් දිනට එසවූ අන්තවාදී මැරයෝ තවමත් නිදැල්ලේ

* පොලිසිය පැමිණිලිකරුවන්  කුදලා ගෙනයයි

ජාතික ධජය බිම දමා පාගා සූෆිවරුන්ට පහර දෙති

යගම්වෙල ප‍්‍රදේශයේ සහරාන් හෂීම් විසින් වසර කිහිපයකට කලින් පුළුස්සා දැමූවායැයි කියන සූෆි මුස්ලිම්වරුන්ගේ මස්ජිදුල් අක්බාර් ජුම්මා පල්ලි පරිශ‍්‍රයට කඩාවැදුන පිරිසක් නිදහස් දිනට එහි ඔසවා තැබූ ජාතික ධජය බිම දමා පාගා සූෆිවරුන්ට පහරදුන් බව සූෆි ආධ්‍යාත්මික සම්මේලනයේ ලේකම් සිරාස් සම්සුඞීන් මහතා පැවසීය. ජාතික නිදහස් දිනය එම පල්ලි පරිශ‍්‍රයේ සියළු ජාතීන් සමග එක රටක් එක නීතියක් කොමිසම් ප‍්‍රධානී ගලගොඩඅත්තේ ඤාණසාර හිමිපාණන්වහන්සේගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට විරෝධය පෑමට වහාබ් අන්තවාදී මතදරන්නන් විසින් එසේ පහරදී තර්ජනය කරමින් අලාභහානි සිදු කළ බවද එ් මහතා පැවසීය.

පහරකෑමෙන් අනතුරුව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින්සිටි සූෆි මතධාරීන්ගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේදී එ් මහතා මාධ්‍යට මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් එ් මහතා මෙසේද පැවසීය.

‘‘අපි ඉතාම ලස්සනට අපේ රටේ නිදහස් දිනය සමරන්න උත්සවයක් සංවිධානය කළා.එහිප‍්‍රධාන ආරාධිතයා වුණේ අපේ එක රටක් එක නීතියක් කොමිසමේ ප‍්‍රධානි පූජනීය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්. අපි එ්කට ගමේ පන්සලේ හාමුදුරුවො, පල්ලියෙ පූජකතුමා වගේම හින්දු කුරුක්කල්තුමාත් රජයේ නිලධාරීන් සහභාගී කරගෙන ජාතික ධජය ඔසවලා ජාතික ගීය

ගායනයෙන් අනතුරුව උත්සව සභාව ආරම්භ කළේ. උත්සවයට බොහො පිරිසක් සහභාගි වුණා. එ් අය සූෆි මතධාරීන්. සූෆි මුස්ලිම්වරුන් කියන්නෙ එදා පටන් සිංහල, දෙමළ ජනතාව සමගින් පාරම්පරිකව සහසම්බන්ධතා පවත්වා ගෙන කටයුතු කරන අය. ලංකාවෙ හිටියෙ එහෙම පිරිසක්. පසු කාලීනවයි වහාබ් වාදය සීඝ‍්‍රයෙන් පැතිරගොස් වෙනමම පිරිසක් ලෙසින් මුස්ලිම්වරු ජීවත්වෙන්න පටන්ගන්නෙ. අපි වහාබ් වාදයට විරුද්ධයි. අන්න එ් කියන වහාබ් වාදී අන්තවාදීන් නිදහස් දිනය සැමරීමෙන් පසුව ජුම්මා දේව මෙහෙය අවසන් වීමත් සමග පැමිණ යළි මෙවන් දේවල් එම ප‍්‍රදේශයේ නොපවත්වන ලෙස බිය කරමින් පහරදී තිබුණා. එපමණක් නෙවෙයි හමුදා නිලධාරියෙක් විසින් ඔසවන්නට යෙදුන ජාතික ධජය කොඩි කණුව පිටින් ගලවලා බිම දමා පාගා තිබුණා. අන්තවාදීන්ට මනුස්සකම් නැහැ. මේ සියල්ල කළේ එ් අය කළින් සැලසුම් කරලා. එ් ප‍්‍රදේශයේ ආරක්‍ෂිත කැමරා පවා පෙර දින අක‍්‍රිය කරලා තිබුණෙ. අපේ උත්සවයෙදි

ගහන්නත් සැළසුම් කරගෙන ඉ`දලා. එ්ත් ඤාණසාර හිමියෝ වැඩමවපු නිසා උන්වහන්සේ ආපසු වැඩමවීමෙන් පස්සෙ තමයි පහරදුන්නෙ.

මේ පල්ලියෙ තියනවා වසර තුන්සීයයක් පැරණි ස්මාරකයක්. එ්කට බොහෝ දෙනෙකු වැ`දුම් පිදුම් කරනවා. සහරානුත් කළින් වතාවක පැමිණ මේ ස්මාරකය පුළුස්සා දැමුවා. පස්සෙ සහරාන්ට මොකක්ද වුණේ කියලා මුළු ලෝකෙම දන්නවා. එතැනින් හරි පාඩමක් ඉගෙන නොගෙන සූෆි සංස්කෘතිය විනාශ කරන්න බලනවා නම් ආගමික සංහි`දියාවට ජාතීන් අතර මිත‍්‍රත්වයට පළුදු කරන්න හදනවානම් එතැනින් එහා කියන්න දෙයක් නැහැ.

මේ පිළිබ`ද දුම්මලසූරිය පොලිසිය ඉතාම මන්දගාමීව සුළු සිද්ධියක් ලෙසින් දක්වමින් කටයුතු කළා. අපි පැමිණිළිකරුවන්. එ්ත් අපේ අයව ආරක්‍ෂාවට කියලා පොලිසියට ගෙනිහින් ඇප දීලා නිදහස් කළේ. එතැන නිලධාරියෙක් කිව්ව ඇප දෙන්නෙ අත්අඩංගුවට ගත් නිසා කියලා. අපි මේ පිළිබ`ද ඉහළම පොලිස් නිලධාරීන්ට මේ පිළිබ`ද දන්වලයි තියෙන්නෙ. අපි ඉල්ලන්නෙ අපිට මේකෙදි සාධාරණයක් ඉටුවෙන්න අවශ්‍යයි. අපේ රෝහල් ගතව ඉන්න දෙදෙනාට අමාරුයි. අපිට එදා පටන් අද දක්වා හිටියා වගේ කා සමගත් හො`දින් සහයෝගයෙන් එක මවකගෙ දරුවන් ලෙසින් ඉන්න අවශ්‍යයි. එ්කටත් ලොකු සහයෝගයක් අපේ ඤාණසාර හිමියන්ගෙන් ලැබෙනවා…’’ යැයි පැවසීය.

මේ පිළිබදව අප කළ විමසීමේදී කුලියාපිටිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසූයේ එම සිද්ධියට සම්බන්ධ පිරිස් මේ වනවිටත් හ`දුනාගනිමින් හා අත්අඩංගුවට ගනිමින් සිටින බවයි.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ දුම්මලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment