ජාතික නිදහස් උත්සවයට පෙර ජනපතිට අගමැතිට තවත් උත්සවයක්

115

ඩී එස් හිටවපු අඹ ගස ළඟට යති

75 වැනි නිදහස් සමරුවට සමගාමීව ඓතිහාසික කොල්ලුපිටිය පොල්වත්ත ශ්‍රී ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ සිදුකෙරෙන නිදහස් දින බෞද්ධාගමික වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ලබන මස 04 වැනිදා උදෑසන 6.30 ට පැවැත්වෙන බව විහාරාධිපති බණ්ඩාරවෙල විමලධම්ම හිමිපාණෝ පවසති.

මෙරටට නිදහස ලැබීමෙන් අනතුරුව මූලික ආගමික වතාවත් සිදුකර මියගිය ජාතික වීරවරයන්ට පිං අනුමෝදන් කර ලක්වැසියන්ට ආශිර්වාද කරමින් ප්‍රථම ආගමික කටයුතු සිදු කළේ කොල්ලුපිටිය ශ්‍රී ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ දී ය.

අරලියගහ මන්දිරයට යාබදව ඇති පොල්වත්ත විහාරස්ථානය වෙත පැමිණි නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිඳු එවකට පොල්වත්ත ශ්‍රී ධර්මකීර්තියාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය හංබාපොළ විමලවංශ අනුනාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි ලක්වැසියන්ට සෙත් පතා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතය.

තවද නිදහස් සමරු සටහනක් ලෙස පොල්වත්ත විහාරස්ථානයේ අඹ පැළයක් රෝපණය කිරීමට ඩී. එස්. සේනානායක අගමැතිඳුන් එක්වූ අතර එම අඹ වෘක්ෂය මේ වනවිට මහා වෘක්‍ෂයක් බවට පත් වී නිරුපද්‍රිතව පවතියි. සෑම වසරක ම නිදහස සිහිපත් කරමින් මෙම අඹ රුක අබියස ආගමික වතාවත් සිදුකෙරේ.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment