ජාතික පාසල්වල උ.පෙළ පන්තිවලට යන්න අමාත්‍යාංශයෙන් ලියුම් නෑ

75

සාමාන්‍ය පෙළ සමත් සිසුන් විෂය ධාරා අනුව ජාතික පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීම සඳහා ලිපි නිකුත් නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (16දා) දැනුම්දී ඇත.

මේ සඳහා අවශ්‍ය පියවර ගැනීමට චක්‍රලේඛයක් මගින් පාසල්වලට අවසර ලබාදී ඇත. තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව ඇති පාසලක් ලබාගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා මගින්ද කටයුතු කළ හැකිය.

2023 වර්ෂයට අතරමැදි පන්ති සඳහා (01-06 හැර) සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව 2023 ප්‍රථම වාරය ආරම්භ වන මාර්තු 27 දා වන විට අයැදුම් කිරීමට නිවේදනය නිකුත් කරනු ලැබේ.

එතෙක් අතරමැදි පන්ති සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බවද එම අමාත්‍යාංශය තවදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment