ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචිය ඉල්ලයි

311

ශ‍්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් නිධි ගවේෂණය කිරීම සහ එම ගෑස් තෙල් කැණීම් පිළිබ`දව පිහිටුවීමට යෝජිත ජාතික පෙට්‍රෝලියම් සමාගම ලියාපදිංචි කිරීම ස`දහා අවසරය ලැබෙනතුරු බලශක්ති අමාත්‍යාංශය විමසිල්ලෙන් පසුවේ.

මෙම සමාගමේ නම ඉදිරිපිටට ජාතික යන නාමය යෙදී තිබීම නිසා එය ලියාපදිංචි කිරීමට රජයේ අනුමැතිය අවශ්‍ය වේ.

මෙම නව සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේපළ වන, මැලේසියාවේ ජාතික ඛනිජ තෙල් සමාගම වන පෙට්ට‍්‍රනාස් සමාගමේ මොඩලය අනුව සකස් කර ඇත. ශ‍්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් සම්පත්වලට අදාළ දත්ත ඩොලර් මිලියන ගණනකට මේ වනවිටත් විදේශීය සමාගම් විසින් මිලට ගෙන ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment