ජාතික ප‍්‍රශ්නවලදී විපක්ෂය කුහක ලෙස කටයුතු කරනවා

255

ජාතික ප‍්‍රශ්නවලදී විපක්ෂය ඉතා පහත් හා කුහක ලෙස කටයුතු කළත් ආණ්ඩුව රටේ පවතින අර්බුදවලට ඉතා ශක්තිමත්ව හා සැලසුම් සහගතව මුහුණදී ජයගන්නා බව රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (06 දා) පෙරවරු 10 ට

 රැුස්විණි.

 නිවේදන, ලිපි ලේඛන, වාර්තා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව මන්තී‍්‍රවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප‍්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ.

 අනතුරුව ආගමික හා විශ‍්‍රාමික පනත යටතේ නියමයන් තුනක් පිළිබඳ පසුගිය ජුලි 08 දා කල්තබන ලද විවාදයේ ඉතිරි කොටස ආරම්භ කෙරිණි.

 පත්කළ මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා (සජබ)-

 අද දවස හරිම ඓතිහාසික දවසක්. අද දිනය අගෝස්තු 6 වැනිදා. මීට අවුරුද්දකට පෙරාතුව මේ රටට සෞභාග්‍ය ගෙනත් දෙන පොරොන්දුව මත වසරක ගමනක් ආරම්භ කිරීමට අද ඡුන්ද ප‍්‍රතිඵල කියූ දවසයි. සෞභාග්‍යය කෙසේ වෙතත් අද ජනතාවට මේ වනවිට අභාග්‍යය අත් වී තිබෙනවා. මෙන්න පත්තරේ අද පොල් අකුරෙන් තියෙන දේ, ‘මිනිස්සු මැරී වැටෙනවා’.. ඊයේ දවසේ මේ පාර්ලිමේන්තුවට අවුරුද්දක් ගිහිල්ලා මෙච්චර ඇඳන් යට මිනිස්සු ඉන්න තත්ත්වයක් තිබෙන්නේ. මෙම ආණ්ඩුව කතා කළේ සෞභාග්‍යය ගැනයි. නමුත් සෞභාග්‍යය කෙසේ වෙතත් දරුවාට සවු බාගයක් පොවාගන්නට බැරි කලක් මේක. රට රකින විරුවා ගේනවා කියලයි කිව්වේ. අවුරුද්දයි, රට රකින විරුවාගෙන් අපිට රට රකින්න වෙලා තියෙනවා. මේ කියවන්න යන්නේ මගේ කතාවක් නෙවෙයි නේ. කතාව පොඞ්ඩක් හොඳට අහගන්න. මේ කොරෝනාව මට වෙන්න පුළුවන්. අද පත්තරේ කියලා තියෙන්නේ මිනිස්සු ඇඳ යට කියලයි. අපි මේ පාර්ලිමේන්තුවත් ඇරගෙන මේ අනවශ්‍ය කතාවක්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ චන්දිම ජීවන්දර කියන මහත්මයා කියනවා කොළඹ නගරයේ ඉතා වේගයෙන් ඩෙල්ටා ප‍්‍රභේදය ව්‍යාප්ත වෙමින් පවතින බව. පසුගිය සතියේ පී. සී. ආර්. මගින් එය සියයට 75 ක් වෙනවා. තවත් කතන්දරයක්, මාධ්‍යවේදිනියක් කළුබෝවිල රෝහලට තමුන්ගේ මව රැුගෙන ගිහින් තිබුණා. ඇය තිලක්ෂණ මධුවන්ති මහත්මියයි. තමන්ගේ කොවිඞ් ආසාදිත මව සමඟ එම රෝහලට ගිය විට දුටු සිදුවීම් කිහිපයක් ඡුායාරූප ගත කර තමන්ගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා. අද ලංකාවේ මරණ 4700 ට වැඩියි. චීනයේ මරණ කියද කියල හොයල බලන්න 4736 යි. චීන මරණ අඩුයි ලංකාවේ මරණ වැඩියි.

 මේ රටේ මොන සක්කරයා ආවත් 1990 සෞඛ්‍ය සේවාවක් එක්කෙනෙක්ට දෙන්න බැරි වුණා. එක ඇම්බියුලන්ස් එකක් දෙන්න පුළුවන් වුණාද? අලූතෙන් ආපු මහත්තයාටත් බැහැ. සර් බෑ සර් බෑ සර්, මෙරටට වෙලා තියෙන්නෙ සාපයක්! ඔන්න විරසේකර මහතා මා දැක්කා අභියෝග කරා නලින් බණ්ඩාරට, මා ඉස්පිරිතාලේ ඉන්න කාලේ මම දන්න කරුණක් තියෙනවා නං ඇයි පාර්ලිමේන්තුවට කිව්වේ, ඇයි සී.අයි.ඞීයට එළියට ගිහිල්ලා කියන්න බැරි කියලා ඇහැව්වා. හරි මහත්තයෝ මම කියන කරුණු කියන්නම්, ඔබතුමා මගේ කරුණු බිඳින්න ඉල්ලන්න විවාදයක්, සංවාදයක්! මම ඔබතුමාට දැන් මුහුණට මුහුණ අභියෝග කරනවා. මේ රටේ ජනාධිපතිතුමාගේ ඉඳන් හැම දෙයක්ම තනි තනියෙන් කරනවා මිසක මෙච්චර දෙයක් වෙලා තියෙද්දී විපක්ෂයක් ආණ්ඩුවක් කියලා නෙවෙයි රටක් හැටියට එකතු වෙන්නැතුව අපි බෙදිලා වෙන්වෙලා ඉන්නේ අපේ තියෙන කාලකණ්ණි කමටයි. අපේ රටට නැහැ ජාතික ප‍්‍රතිපත්තියක්. අධ්‍යාපනය ගැන ජාතික ප‍්‍රතිපත්තියක් නැහැ. සුරක්ෂා රක්ෂණාවරණය නැහැ. අවුරුදු දෙකක් ළමයිට ඉස්කෝලේ නැහැ. අපි රටක් හැටියට අවුරුදු කීයක් පිටිපස්සට යනවද? හර්ෂ ද සිල්වා ගෙනාපු 1990 නැත්නම් තව ලෙඞ්ඩු කීයක් මැරිලද? රාජිත සේනාරත්නට බැන්නත් ඔය හදපු ඉස්පිරිතාල ටික හැදුවේ නැත්නම් තව කීයක් මැරිලද? දේශපාලනය කරන්න, නමුත් කොවිඞ් උඩ දේශපාලනය කරන්න එපා. මේ පාර්ලිමේන්තුව තුළ ආසියා කලාපයේ ලංකාව තමයි ඊළඟට බංකොලොත්ම වෙන්න යන රාජ්‍යය.. බ්ලූම්බර්ග් සඟරාවේ කියනවා.

 මාතර දිස්ති‍්‍රක් මන්ති‍්‍ර වීරසුමන වීරසිංහ මහතා

 (පො. පෙ.) – මට කලින් කතාකළ මන්තී‍්‍රවරයා අද පනත ගැන වචනයක්වත් කතා කළේ නෑ. හරිනම් ඔහුගේ සම්පූර්ණ කතාවම හැන්සාඞ් වාර්තාවෙන් ඉවත් කළ යුතුයි.

 නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා මූලාසනයට පැමිණේ.

 වීරසුමන වීරසිංහ මහතා – අද ආගමික පනත යටතේ නියමයන් සංශෝධන මගින් අපේ රටට ආයෝජකයන් ගෙන ඒමට අදාළ කාරණා කිහිපයක් ඉටු වෙනවා. අපේ රටේ සංචාරක ව්‍යාපාරය බරපතළ අර්බුදයකට ලක්වෙලා. ගෝලීය වසංගත තත්ත්වය තුළ එය ඉතාමත් අසීරු තැනක තිබෙන්නේ. එහෙනම් සංචාරකයන්ට දොර විවෘත කිරීම කොවිඞ් පාලන තත්ත්වයන්ට අනුව සිදුකළ යුතුයි. සංචාරකයන් දිනාගැනීමට හැකි ලෙස වෙනත් රටවල් ඔන්ලයින් වීසා ලබා දෙනවා. නමුත් අපේ රටේ තවම එවැනි දෙයක් නෑ.

 යාපනය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර එම්. ඒ. සුමන්දිරන් මහතා (දෙ. ජා. සං.) –

 මට පෙර කතා කළ මන්තී‍්‍රවරයා කියාසිටියා සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම පිණිස ඔන් ලයින් අරයිවල් වීසා ලබාදීම කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. නමුත් අපේ රටේ මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් තිබෙන දුප්පත් වාර්තා හේතුවෙන් එලෙස ඒව් දැයි සැක සහිතයි. මේ වනවිට අපේ රටේ කොවිඞ් හතරවැනි රැුල්ලත් ආරම්භ වෙලා. දිනකට සියයකට අසන්න පිරිසක් දැන් මියයනවා. සංචරණ සීමා ඉවත්කළ පසුව මෙය තවත් වැඩි වේවි.

 හම්බන්තොට දිස්ති‍්‍රක් මන්තී‍්‍ර උපුල් ගලප්පත්ති මහතා (පො.ජ.පෙ.)

 මේ කොවිඞ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව, ආණ්ඩුව වගේම විපක්ෂයත් කටයුතු කළ යුතුයි. නැතුව විපක්ෂය උද්ඝෝෂණය කරලා හරියන්නේ නෑ මේ වෙලාවේ. අපේ රටේ එන්නත්කරණය දැන් සීඝ‍්‍රයෙන් කරගෙන යනවා. ජනතාවට ලබාදුන් පසුව එන්නත ලබා ගන්නවා කියපු විපක්ෂ නායකත්, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකත් එන්නත් විදගෙන තිබෙනවා. එන්නත ඒ අනුව විදගන්න බයවෙන්න එපා කියලා අපි කියනවා. මොකද දැනට කොවිඞ් හේතුවෙන් මියගිහිල්ලා තිබෙන්නේ එන්නත නොගත්තු අයයි.

 පත්කළ මන්ත‍්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය (ජා. ජ. බ) – මන්ත‍්‍රීවරියන් සම්බන්ධයෙන් මේ සභාවේ සිදුවන අනිසි වචන සම්බන්ධයෙන් අපි දුටු තැන විරුද්ධව අදහස් පළකරනවා. මා මූලාසනයෙනුත් ඉල්ලනවා ඒවා සම්බන්ධයෙන් පියවර ගන්න කියලා. අද වනවිට කොතලාවල විශ්වවිiාල පනතට සංශෝධන ගේනවා කියලා ආණ්ඩුව කියනවා. නමුත් අපේ මතය නම් මේ පනත සංශෝධනවලින් ගොඩදාන්න බෑ කියලයි. මේ වනවිට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයම විශාල අර්බුදයකට ලක්වෙලා. එක පැත්තකින් ගුරු විදුහල්පති වැටුප් ප‍්‍රශ්නය. අනෙක් පැත්තෙන් මේ කොතලාවල පනත. ආණ්ඩුව මෙවැනි පනත් ඉදිරිපත් කරනකොට විරෝධතා ආදිය සලකා බැලිය යුතුයි. කෝවිඞ් සමඟ සටන් කරන අවස්ථාවක මෙවැනි පනතක් ගෙන ඒම සුදුසු නෑ. ආණ්ඩුවේ හොඳ නමටත් කැළලක්. අධ්‍යාපන ප‍්‍රතිපත්ති නැති නිසා රට තුළ අර්බුද රැුසක් ඇතිවෙලා. මේවා පිළිබඳ දැනුවත්වී අධ්‍යාපන ප‍්‍රතිපත්ති සකස් කළ යුතුයි. නැතුව මෙවැනි පනත් ගෙනල්ලා ඉල්ලා අස්කර ගන්න වෙනවා. මේ මොහොතේ ගුරුවරුන් සිදුකරන අරගලය ඉතා සාධාරණයි. ඔවුන් මේ වෙලාවේ වැටුප් වැඩි කරන්න කියෙන්නේ නැ. ඔවුන් බලාපොරොත්තු වන්නේ නිශ්චිත විසඳුමක් ප‍්‍රකාශයට පත්කිරීමයි. නැතුව ඔවුන් අත්අඩංගුවට ගැනීම නොවෙයි කළ යුත්තේ. මේ ආකාරයට මර්දනය ක‍්‍රියාත්මක කරනවා නම් ඔවුන් මීට වඩා දැඩි ක‍්‍රියාමාර්ගවලට යයි.

 රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා:-මරණ බිය දැනෙන විට පමණක් එන්නත ගන්න යන්න එපා. මේ ගැන හිතලා ජනතාව ගැන හිතලා කටයුතු කරන්න. දේශපාලනය කරන්නත් ජීවත්ව ඉන්න ඕනෑ. මම දැක්කා මන්ත‍්‍රීවරයෙක් කියනවා අපේ අපනයන ආදායම එහෙම පිටින්ම කඩා වැටිලා කියලා. ඒක එහෙම නෑ. සුළු අපනයන බෝග අපනයනය අපි වැඩි කරලා තිබෙනවා. සුළු අපනයන බෝගවලට අපි හොඳ මිලක් ලබාදීලා තිබෙනවා. රුපියල් 400 ට 500 ට විකුණපු ගම්මිරිස් අද රුපියල් 1000 දක්වා වැඩි කරලා හොඳ මිලක් ලබාදී තිබෙනවා. අතීතයේ අපි අපේ නිෂ්පාදන ඔහේ රට යවලා තිබෙනවා. අගය එකතු කළේ නෑ. නමුත් අපි අද අගය එකතු කරලා තිබෙනවා.

 විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා: මේ එන්නත්කරණ වැඩිපිළිවෙළ සාර්ථක වේවා කියලා අපි ප‍්‍රාර්ථනා කරනවා. මොකද මේක අපේ රට. මේ කොරෝනා තත්ත්වය ගැන මුලින්ම කිව්වේ අපේ විපක්ෂ නායකතුමා. එනම් 2020 ජනවාරි 14 දා කිව්වා වූහාන්වල මෙහෙම ප‍්‍රශ්නයක් තියෙනවා කියා. මට මහනුවර වෛiවරු කතා කරනවා. ඒ අය කියන්නේ මහනුවරට කන්දඋඩරට පළාතට සංචරණ සීමා පනවන්න කියලා. නැත්නම් ඒ රෝගීන් බේරගන්න බැරිවේවි. මේ වෛරසය බෝ කෙරුවේ රට ඉඳලා ආපු ඒ මුල්ම සිය දෙනයි. එදා ගුවන්තොටුපළ වහන්න කිව්වම ඇහුවෙත් නෑ. ඉස්සෙල්ලාම කරන්න තිබුණේ ආණ්ඩුව ආපදා කමිටුවක් පත්කරන එක. අපි කැමැතියි විපක්ෂයේ සහයෝගය දක්වන්න.

 ආපදා කළමනාකරණ කොමිටිය පත් කළා නම් අපට සහයෝගය දෙන්න පිළිවන්. අපි සහය දෙන්න පොරොන්දු වෙනවා.

 දිවා විවේකයෙන් පසුව පාර්ලිමේන්තුව නැවත පස්වරු 01.30 ට රැුස්විණි. කෝකිලා ගුණවර්ධන මහත්මිය මුලාසනයට පැමිණේ.

 කුරුණෑගල දිස්ති‍්‍රක් මන්ත‍්‍රී සුමිත් උඩුකුඹුර මහතා (ශ‍්‍රී. ල. පො. පෙ.) –

 හරින් ප‍්‍රනාන්දු මහතා එදා පාස්කු ප‍්‍රහාරයෙන් තුන්සියයක් මැරෙනකම් බලාගෙන හිටියා. එයා බේරුණා. අඩුම තරමේ පියතුමන්ලාට මේ පණිවුඩය දුන්නා නම් ඒ ජීවිත බේරෙනවා. විපක්‍ෂ නායකතුුමා එදා කොවිඞ් ගැන කතාකරලා බ්ලැකනිල් ගන්න කිව්වා. ඒක ගත්තා නම් අද මිනිස්සු විශාල වශයෙන් මැරිලා.අදඋද්ඝෝෂණ රැුල්ලක් මේ අය මෙහෙයවනවා. අද ගුරුවරියක් මියගිහින් තිබෙනවා. මොන ප‍්‍රශ්න තිබුණත් ආණ්ඩුව පළමු රැුල්ලේ සිට මේ දක්වා ආපු රැුලි පාලනය කරලා තිබෙනවා. මේක බලාගෙන ඉන්න බැරි විපක්‍ෂය උද්ඝෝෂණ මෙහෙයවනවා මිනිස්සු මරන්න.

 කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර මුජිබර් රහුමාන් මහතා (සජබ) –

 සිරස මාධ්‍ය ජාලයේ මහරාජා මහත්තයා කොවිඞ් නිසා මරණයට පත්වුණා. ඒ සම්බන්ධයෙන් දේශපාලන නායකයෝ ශෝකය පළ කළා. නමුත් ජනාධිපතිතුමා ඒ ගැන කිසි දෙයක් කිව්වේ නෑ. දැන් මේ කොවිඞ් ප‍්‍රශ්නයෙන් දේශපාලනය කරන්න ගිහින් ආණ්ඩුව රට විනාශ කරලා තිබෙනවා. මේක පිළිගත්තේ නැත්නම් මේ කොවිඞ් තත්ත්වය ඉතා බරපතළ තැනකට යනවා. අද වනවිට රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි ගිහින් තිබෙනවා. සෞඛ්‍ය සේවයේ ඉදිරිපෙළ සිටින වෛiවරුන්, හෙදියන් කොවිඞ් ආසාදිත වෙලා. මේ ආණ්ඩුව දේශපාලන පත්කිරීම් සිදුකරන නිසා අද තත්ත්වය තවත් බරපතළ වෙලා. පබා පලිහවඩන, ජයරුවන් බණ්ඩාර, අනිල් ජාසිංහ ඇතුළු විශාල පිරිසක් මෙහෙම මාරු කළා. ඇතැමෙක්ව අස්කළා. මේ විදිහට දක්‍ෂ නිලධාරීන් ඉවත් කළාම කොවිඞ් පාලනය කරන්නේ කොහොමද? ආණ්ඩුව තමයි මේ ව්‍යාප්තියට වගකියන්න ඕනේ.

 බදුල්ල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා (ශ‍්‍රීලපොපෙ) –

 සමාජ වෙබ් අඩවිවල ආණ්ඩු හා විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් ගැන එක මතයයි තියෙන්නේ. 225 දෙනාම කොවිඞ් හැදිලා මැරියන් කියනවා. ආණ්ඩුව විපක්‍ෂය කියා භේදයක් නැහැ. වසංගතය දේශපාලනය කර තිබෙන බව ඔවුන්ට පේනවා. පාර්ලිමේන්තු ක‍්‍රමය ගැනත් විශ්වාසය බිඳිලා.

 වසංගතය ගැන ලෝකයේ සංඛ්‍යාලේඛන වෙනස් කර ලංකාව ගැන වැරදි ලේඛන පෙන්වන්නත් විපක්‍ෂයට දැඩි ආශාවක් තියෙනවා ලංකාවේ මරණ වැඩියි කියලා පෙන්වන්න.

 බදුල්ල දිස්ත‍්‍රික්කයේ වර්ජනයේ නිරත ගුරුවරියක් කොවිඞ් වැළඳී මියගියා. ගුරු ප‍්‍රශ්නය ඇති වුණේ මීට වසර 27 කට පෙරයි. කොරෝනා වසංගතය තුළ දැන් එකපාරට ඇදලා දැම්මේ දේශපාලන වුවමනාව මතයි. ගුරු ප‍්‍රශ්නයට අයවැයේදී විසඳුමක් දෙන්න පොරොන්දු වුණා. එතෙක් ඉන්න බැරි නම් දෙවැනි එන්නත ලබා ගෙන ප‍්‍රතිශක්තිකරණය ලැබෙන තෙක්වත් ඉවසන්න. ඇමෙරිකාව, යුරෝපය කොවිඞ් පාලනයෙන් මිදිලා. වහාම ඒ ගැන බලන්න. දැන්වත් පාට කණ්ණාඩි ගලවන්න.

 ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (සජබ) –

 වසංගතය පාලනය කරන්න විපක්‍ෂයට කතා කර න්න පෙර ආණ්ඩුවේ අය එකතුු වී එකඟතාවකට පැමිණෙන්න. හමුදාකරණය කිරීම වැළැක්වීමට ආණ්ඩුවට බල කරන්න.

 ආණ්ඩුව මිනිස්සු මැරී වැටෙද්දී රට අරින්න යන්නේ කාගේ උපදෙස් මතද? රාජ්‍ය සේවය අනිවාර්ය කළේ කාගේ වුවමනාවටද? ඇයි වගකිවයුතු ආණ්ඩුවක් නම් ඒ ගැන හිතන්නෙ නැත්තේ. දැන්වත් අවධානය යොමුකර සංචරණ සීමා යොදවන්න.

 ගම්පහ දිස්ත‍්‍රික්කයට තව ලක්‍ෂ 14 ක් එන්නත් අවශ්‍යයි. ඒ ගැන අවධානය යොමු කරන්න.

 රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා –

 මන්ත‍්‍රීවරයා අසත්‍ය ප‍්‍රකාශ කරන්නේ. අවශ්‍ය සියලූ එන්නත් තිබෙනවා.

 නුවරඑළිය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී විමල් පියතිස්ස මහතා (ශ‍්‍රීලපොපෙ) –

 ආගමන විගමන පනත ගැන අද විවාද කළත් විපක්‍ෂයේ කිසිවකු හෝ ඒ ගැන කතා නොකර වෙන වෙන දේවල් කියවනවා. කොයි තරම් වැදගත් පනතක් ද? පාර්ලිමේන්තුවෙන් සිදුවිය යුත්තේ නීති සම්මත කරන කාර්යයයි. එහිදි වාද විවාද කර නිවැරදි දේ රටට සම්මත විය යුතුයි. එසේ නොවීම අභාග්‍යයක්.

 දැන් විපක්‍ෂය උද්ඝෝෂණවලට ගිහින් ලකුණු දාගන්න හදනවා. අද විපක්‍ෂයේ අය එදා හිටිය එජාපය තමයි. අද ඇති හැම ප‍්‍රශ්නයක්ම ඇති කළේ ස.ජ.බ. මන්ත‍්‍රීවරු.

 කතා කරන්නේ හරියට 2019 ඉපදිලා වගෙයි.

 බදුල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සුදර්ශන දෙනිපිටිය මහතා (ශී‍්‍ර ල. පො. පෙ.)

 වරප‍්‍රසාදවලට මුවාවෙලා මාන්නප්පේරුම මන්තී‍්‍රවරයා පුදුම බොරු තොගයක් කිව්වා. එන්නත්කරණය සාර්ථක වුණේ හමුදාව නිසයි. අද විශාල වැඩ කොටසක් හමුදාව සිදු කරනවා. එළියට ගිහින් කිව්වොත් ඊළඟ කෙනාට පාර්ලිමේන්තුවට එන්න සූදානම් වෙන්න වෙනවා.

 රටක හදිසි අවස්ථාවලදී හමුදාව මැදිහත්ව කටයුතු කරන අවස්ථා ලෙසට ඕන තරම් තිබෙනවා. එළියට බැහැලා බලන්න. හමුදාවට අපහාස කරන්න එපා.

 දැන් ඩිජිටල්කරණය කළ යුතුයි. කොළ පුරවන කාලය ඉවරයි. ඩිජිටල්කරණය වූ විට හොර වංචා සිදු කිරීමට ඇති ඉඩ බොහෝ අඩුයි.

 ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

 කොතලාවල, ආරක්ෂක විශ්වවිද්‍යාලයට අපි විරුද්ධ වෙන්නේ නැහැ. අපි දීර්ඝ ලෙස සාකච්ඡුා කළා. ඉදිරියටත් දක්ෂ නිලධාරීන් නිර්මාණයට අවශ්‍යයි. ලෝකයේත් මෙවැනි විශ්වවිද්‍යාල පවත්වාගෙන යනවා.

 කොතලාවල විශ්වවිද්‍යාලයේ මූලිකව වෛද්‍ය උපාධිය තිබුණෙ නැහැ. දැන් ඊට වෙනස්. හමුදාවෙන් පිට අය ඇතුල් වනවිට මුදල් ගෙවලා විශ්වවිද්‍යාලයට බැඳුනා. විශ්වවිද්‍යාලයක වෘත්තීය සමිති, මතගැටුම් තිබෙනවා. නමුත් මේ විශ්වවිද්‍යාලය හමුදා විශ්වවිද්‍යාලයක්. එවැන්නක් බැහැ. නමුත් ඔවුන්ට තර්ක විතර්ක කිරීමේ අයිතිය තිබෙනවා.

 කොතලාවල විශ්වවිද්‍යාලයේ දැනටමත් පිටරට ළමයි 200 කට වඩා ඉගෙන ගන්නවා මුදල් ගෙවලා. වර්ෂයකට ඩොලර් මිලියන 9 ක ආදායමක් ලැබෙනවා. මේක ජාතික ප‍්‍රශ්නයක් ලෙස සලකා බැලිය යුතුයි.

 ආරක්ෂක විශ්වවිද්‍යාල උපාධියටත් එළියේදී

 පිළිගැනීමක් ලැබිය යුතුයි.

 කොතලාවල විශ්වවිද්‍යාලය ගැන හොඳ කථිකාවක් ඇතිකර ගත යුතුය, බොරුවට කේ. ඞී. යූ. එපා කියලා කෑගහන්නේ නැතිව. හමුදාවේ දේ අවතක්සේරු කරනවාට මම විරුද්ධයි. යුද හමුදාව කරන කැපවීම අවතක්සේරු කළ යුතු නෑ.

 මේ රටේ තරුණයන්ගේ අසහනයක් තිබෙනවා. මුදල් ගෙවා උපාධි ගන්නවා නම් අසහනය වැඩි වෙනවා. ඒවා තේරුම් අරගෙන ප‍්‍රශ්න විසඳිය යුතුයි.

 රාජ්‍ය ඇමැති අරුන්ධික ප‍්‍රනාන්දු මහතා

 ෆයිසර් එන්නත පුත්තලම දිස්ති‍්‍රක්කයට ලබා දුන්නා. එලෙස ප‍්‍රධාන එන්නත් අපේ රටට ගෙනාවා. සයිනොෆාම් එන්නතට එදා විපක්ෂය දැඩි ලෙස විරුද්ධව කතා කළා. අද ලොව හොඳම එන්නතක් බවට සයිනොෆාම් පත්වෙලා.

 එන්තත්කරණය ගැන විපක්ෂය බොරු කතා පතුරුවනවා. ඒ වගේම හමුදාව ඒ වෙනුවෙනුත් විශාල කාර්යභාරයක් කරනවා. ඒවා අවතක්සේරු කළ යුතු නැහැ.

 කාබනික පොහොර වැඩසටහන ඉතා සාර්ථකව කි‍්‍රයාත්මක කරනවා. කවුරු මොනවා කිව්වත් එහි හොඳ ප‍්‍රතිඵල ලැබෙනවා.

 මේ රටේ පවතින අර්බුදවලට මුහුණ දෙන්න නම් අපට ඊට ශක්තිය තිබෙනවා. තවම එක අවුරුද්දයි. තව අවුරුදු 4 ක් අපට තිබෙනවා. සැලසුම් සහගතව ඊට මුහුණ දෙනවා.

 පත්කළ මන්තී‍්‍ර මයන්ත දිසානායක (සජබ)

 අද ආර්ථික අතින් රට ඉතා අසීරු අවධියක ඉන්නේ. සංචිත පහළ බැහැලා. මුදල් අච්චු ගහනවා. රටපුරා උද්ඝෝෂණ පැවැත්වෙනවා. සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. රජයට සැලැස්මක් තියෙනවා නම් සංචාරක ව්‍යාපාරය නැංවිය හැකියි.

 මේ තත්ත්වයෙන් රට මුදා ගැනීමට අපි සැවෝම එක්ව කි‍්‍රයාකළ යුතුයි. කාබනික පොහොර භාවිතය නම් කළ එකම රට ලංකාව පමණයි. වෙනත් රටවල් මෙවැනි තීන්දු ගත්තත් ඉක්මනින් වෙනස් කළා.

 අනුරාධපුර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර සරත් කුමාරසිරි මහතා

 (ශී‍්‍ර ල. පො. පෙ.)

 ගුරුවරුන්ට වැටුප් වැඩිවිය යුතු බව ආණ්ඩුව පිළිගන්නවා. පුළුවන් නම් මුළු රාජ්‍ය සේවයටම වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ජවිපෙට කඬේ යන්න එපා කියලා අපි ගුරු විදුහල්පතිවරු සියල්ලන්ගෙන්ම ඉල්ලනවා. සෙසු පක්ෂ පස්සෙන් යන්න එපා. අපි ආණ්ඩු පක්ෂය ලෙස ගුරු වැටුප් විෂමතා නැති කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ සඳහා බලකිරීම් කරනවා.

 රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා

 රටේ ආර්ථිකය ගැන කතා කරන්න විපක්ෂයට කිසිම අයිතියක් නැහැ. ආර්ථිකය, සංවර්ධනය, අධ්‍යාපනය සියල්ල කාබාසිනියා කළේ විපක්ෂය.

 විපක්ෂය ජනතාව මරණමංචකයට ගෙන යනවා. අන්තිම පුද්ගලයා අවසන් වනතුරු එන්නත් ගන්නේ නැහැ කියපු විපක්ෂ නායකවරයා කලින්ම හොර පාරෙන් එන්නත් අරගෙන. ඕක තමයි ඔවුන්ගේ ඇත්ත කෙරුවාව. යෝජනාව අනුමත විය.

 පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා පෙරවරු 10.00 ට යළි රැුස්වීමට නියමිතය.


අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment