ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී තිදස් ඉරුෂික රන් සහ රිදී දිනයි  

163

ශී‍්‍ර ලංකා බැඞ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද 69 වන ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ කේවල බාළක අංශයේ රන් පදක්කම සහ යුගල රිදී පදක්කම දිනා ගැනීමට කොළඹ සාන්ත ජෝශප් විදුහලේ තිදස් ඉරුෂික වේරගොඩ සමත් විය.

කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවති අවසන් තරගයේදී මොරටුව වේල්ස් කුමර විදුහලේ හිරුක සහන්මිත් සහ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ තෙනුල් ගනේවත්ත අවසන් පූර්ව තරගයේදීත් පරාජයට පත්කිරීමට තිදස් ඉරුෂික වේරගොඩ සමත් විය.

අදාළ පදක්කම් සහ සහතික පත් සමග ‘දිවයින’ කැමරාවට මෙසේ පෙනීසිටි අයුරු.

සේයාරූ – හැඳල පී. ජේ. ස්ටැනිස්ලස්

advertistmentadvertistment
advertistmentadvertistment