ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියර ඔක්තෝබර් අගදී ඔක්තෝබර් අගදී

337

99 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියරේ තරග ඉසව් ලබන මස 30 සහ 31 දින පැවැත්වීමට මලල ක‍්‍රීඩා සංගමය තීරණය කර ඇත.

ජාතික ශූරතාවයේ පළමු අදියරේ තරග කිහිපයක් මේ වසරේ මැයි මාසයේදී පැවැත්විණි. දෙවැනි අදියරේ තරග ජූලි සහ අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිතව තිබුණත් කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒ අවස්ථා කල් දැමීමට සිදුවිය.2021 සහ 2022 වසරට අදාළව නිකුත් කළ මලල ක‍්‍රීඩා කාලසටහනේ මේ බව සඳහන් වේ.

ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවයේ දෙවැනි අදියර ඔක්තෝබර් අගදී ඔක්තෝබර් අගදී

ජාතික ශූරතා තේරීම් තරගාවලියට අමතරව මේ වසරේ නොවැම්බර් මාසයේදි ආසියානු යොවුන් ශූරතාවය සඳහා තේරීම් තරග පැවැත්වේ. දෙසැම්බර් මාසයේදී ජාතික සහ සුපිරි සංචිතයන්ට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් මැනීමේ තරගාවලියක්ද අනතුරුව පැවැත්වීමට නියමිත වේ.

කුෂාන් සුබසිංහ

 

advertistmentadvertistment
advertistmentadvertistment