ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර උසුලන්න දැවැන්තයන් රුසක්

94

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇති 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ තරගාවලිය ලබන 09, 10, 11 සහ 12 දිනවල පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ.

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ වාර්තා කර ගෙන ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් මෙවර තරගාවලියට ඉදිරිපත් වී සිටීම හේතුවෙන් මෙම තරගකාරීත්වය ඉහළ ගොස් තිබේ.

මෙවර ක්‍රීඩා උළෙලේ සමස්ත බර ඉසිලීමේ ශූරතාව දිනා ගැනීම උදෙසා වයඹ පළාත, උතුරු මැද පළාත සහ මධ්‍යම පළාත අතර තියුණු තරගකාරීත්වයක් නිර්මාණය වී තිබේ.

ඩිලංක ඉසුරු කුමාර, එස්. ආර්. එස්. ඩී. සෝමතිලක, ඊ. ඒ. කේ. ඩී. එගොඩවත්ත, එල්. ජී. ඒ. එස්. ලියනගෙදර, එස්. එම්. එම්. ජයතිලක, ඒ. යූ. එම්. එම්. විජේසිංහ, ඉන්දික චතුරංග දිසානායක, චින්තන ගීතාල් විදානගේ, එච්. එම්. එස්. එම්. දිසානායක, එස්. එම්. පීටර්ස්, ඒ. ජී. එස්. අබේවික්‍රම, ඩබ්ලිව්. පී. ඩී. ඩී. සී. ජයවික්‍රම, කේ. සී. එස්. ඩී. ජයවර්ධන යන ක්‍රීඩකයන් ගේ මෙන්ම ඩී. එම්. එස්. සමරකෝන්, එම්. ප්‍රේමරත්න, බී. ජී. ඩී. හංසනී, ඩබ්ලිව්. සී. එම්. වර්ණකුලසූරිය, එම්. උමෙයිරා, ජී. ජී. ජී. ඩී. ගුරුගම, ඩබ්ලිව්. පී. ඩී. එන්. සංජනා, බී. සී. ප්‍රියන්ති, ඩබ්ලිව්. එම්. ඒ. එස්. වික්‍රමසිංහ, ඩබ්ලිව්. ටී. එන්. බී. ජේ හපුතැන්න, ජේ. සකුන්යා යන ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මෙහිදී ඉහළ අගයක් ගනු ඇතැයි විශ්වාස කළ හැකිය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment