ජාතික යොවුන් තේරීමේ තරගාවලිය – මීටර් 200 ශූරයා මීටර් සියයේ ශූරයාට පරදී

394

2022 වසරේදී පැවැත්වෙන ආසියානු යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලිය සඳහා සුදුස්සන් තේරීම වෙනුවෙන් පැවැති ජාතික යොවුන් තේරීමේ තරගාවලිය පසුගියදා (14 වැනිදා) කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්විය. දින දෙකක් පුරා පැවැති අදාළ තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත නීතිරීති අනුව පැවැති අතර පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමිත තරග ඉසව් කිහිපයක් පමණක් ඉලක්ක කරගනිමින් එය කි‍්‍රයාත්මක විය.

තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් මීටර් 100 බාලක සහ බාලිකා ඉසව් ජය ගැනීමට පිළිවෙළින් ගාල්ල මහින්ද විද්‍යාලයේ අයේෂ් මිහිරංග සහ මහනුවර, කොළඹ ජාත්‍යන්තර පාසලේ සේනකා ගුණරත්න සමත් වූවාය.

මීටර් 100 බාලක පළමු ස්ථානය දිනා ගත් අයේෂ් මිහිරංග එහිදී තත්පර 10.94ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කිරීමට සමත් විය. අයේෂ් තරගාවලියේ පළමු දිනයේදී පැවැති මීටර් 200 ඉසව්ව නියෝජනය කරමින්ද තරග වැදුණු අතර එහිදී ඔහු එම ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ තත්පර 23.86ක දක්ෂතාවයක් ප‍්‍රදර්ශනය කරමිනි.

මීටර් 100 ඉසව්වේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ එම්. ජේ. විජේසිංහ සමත් වූ අතර ඔහු එම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර 11.31කි. එම්. ජේ. විජේසිංහ තරගාවලියේ පළමු දිනයේදී පැවැති මීටර් 200 ඉසව්වේ ශූරයා බවට පත්වන්නට සමත්වූ අතර එහිදී ඔහු ප‍්‍රදර්ශනය කළ දක්ෂතාවය තත්පර 23.28කි. තත්පර 11.48ක කාලයක් වාර්තා කළ මාතර ලීඞ්ස් ජාත්‍යන්තර පාසලේ ඞී. අයි. වීරරත්න මීටර් 100 බාලක ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තේය.

මීටර් 100 බාලිකා ඉසව්වේ පළමු ස්ථානය දිනාගැනීමට සමත් වූ සේනකා ගුණරත්න එම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර 12.66කි. රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ධනනි කොඩිතුවක්කු එම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්වූ අතර එහිදී තත්පර 12.71ක කාලයක් වාර්තා කිරීමට ඇය සමත් වූවාය. කොළඹ ශුද්ධ වූ කන්‍යාරාමයේ රුවන්සා වීරක්කොඩි තත්පර 12.99ක කාලයක් වාර්තා කරමින් එමි තෙවැනි ස්ථානයට පත්වූවාය.

තරග ප‍්‍රතිඵල

මීටර් 200 (බාලිකා)

1.ඞී.එම්.එම්. ප‍්‍රවීන්දී දුණුසිංහ (කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විදුහල) 2.ධනනී කොඩිතුවක්කු (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) 3.ජී. ගිමංසා ශෂිනි (මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විදුහල)

මීටර් 100 කඩුලූ (බාලිකා)

1.කේ.ආර්.ෂයිනී කාවින්ද්‍යා (කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල) 2.ජේ. වෂානාන්ජලී (චෙන්ඩිපලයම් ම.වි.)

මිටර් 400 කඩුලූ (බාලිකා)

1.ආර්.ශෙහාරා කරුණාරත්න (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 2. ඕමල්යා කොටුවේගෙදර (මහනුවර විහාර මහා දේවි බා.වි.) 3. නෙත්මිණි ගම්මන්පිල (ගොඩකවෙල කුලරත්න ම.ම.වි.)

රිටි පැනීම (බාලිකා)

1.එස්.ස්වර්ණා (යාපනය මහජන විදුහල)

හෙල්ල විසි කිරීම (බාලිකා)

1.දෙව්මී මිතාරා (ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල) 2.සචිනි සමරසේකර (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) 3. ඞී. ඔමානා විජේරත්න (කොළඹ විශාඛා විදුහල)

දුර පැනීම (බාලිකා)

1 මධුෂානි හේරත් (නන්නාපුරාව ම. වි.) 2. එච්.ආර්. ධනංජනා සිත්මිණි (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3. පී.ඒ.ඞී. රුවන්සා වීරක්කොඩි (ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

යගුලිය දැමීම (බාලිකා)

1. කේ. නිශාදි කරුණාරත්න (හොරණ තක්ෂිලා ම.ම.වි.) 2.ඉසාලී මල්කිත්මී (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3. සචිනී සමරසේකර (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)

මීටර් 800 (බාලිකා)

1. නිර්මානි වික‍්‍රමසිංහ (ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසල) 2. වී. පී. එන්. මධුමාධවී (බලවත්ගම ම. වි.) 3. සෙත්මි කෞෂිකා (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

මීටර් 5000 තරග ඇවිදීම (බාලිකා)

1. භාග්‍යා රත්නායක (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

මීටර් 2000 බාධක දිවීම (බාලක)

1. පී. යුවාන් ධනංජය (වෙන්නප්පුව ජෝසප් වාස් විදුහල) 2 එස්. පේ‍්‍රමකුමාර් (බදුල්ල දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය) 3. කේ.බී. දිලිප් කුමාර (දියබෝකන්දර ම.වි.)

යගුලිය දැමීම (බාලක)

1. ඩබ්ලිව්.ජේ. රන්හිද ද අල්විස් (පානදුර රාජකීය විදුහල) 2. ඞී.අයි.වයිට් (කොළඹ ශාන්ත ජෝශප් විදුහල) 3. ස්ටීව් එස්. ප‍්‍රනාන්දු (කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල)

දුර පැනීම (බාලක)

1. හංසික සංදීප (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 2. ඕ.එන්. කපිලරත්න (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) 3. ෂෙහාන් මධූෂ (කුලියාපිටිය ම. ම. වි.)

හෙල්ල විසිකිරීම (බාලක)

1.එච්. පී. ඞී. ශාක්‍ය කුමාර (වෙන්නපුව ජෝශප් වාස් විදුහල) 2. රිෆයිඞීන් ෂිෆාක් (ගාල්ල දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංගමය) 3. ඞී. අයි. වයිට් (කොළඹ ශාන්ත ජෝශප් විදුහල)

මීටර් 110 කඩුලූ (බාලක)

1.එම්.ඞී. හිරුෂ ද සිල්වා (කොළඹ ශාන්ත ජෝශප් විදුහල) 2. සඳුන් කෝසල (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3. එම්.ජී.සදිල රමිෂ්ක (මාතර සාන්ත සර්වේශස් විදුහල)

උස පැනීම (බාලක)

1. ජී. එල්. අරතවිදු (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) 2. ආර්. පී. එම්. පැහැසර තෙනුජ (දික්වැල්ල විජිත ම.ම.වි.) 3. ඒ. කේ. ඩිල්ෂාන් ද සිල්වා (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල)

මීටර් 200 (බාලක)

1.එම්.ජේ. විජේසිංහ (කොළඹ ආනන්ද විදුහල) 2. එස්. කේ. අයේෂ් මිහිරංග (ගාල්ල මහින්ද විදුහල) 3. ඩබ්ලිව්. එම්. එස්. ආර්. වනසේකර (මහනුවර ත‍්‍රිත්ව විදුහල)

මීටර් 800 (බාලක)

1.එස්. එන්. රණවීර (මහනුවර ත‍්‍රිත්ව විදුහල) 2. පී. එම්. සේනානායක (වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල) 3. ලලන්ත හේරත් (මහනුවර ශ‍්‍රී සුමංගල විදුහල)

මීටර් 400 කඩුලූ (බාලක)

1.ඞී. එම්. මලිත් ශ‍්‍රීමාල් (කුලියාපිටිය ම.ම.වි.) 2. අයෝමාල් අකලංක (අඹගමුව ම.ම.වි) 3. ඊ. එම්. ටී. පසන් ඒකනායක (මහනුවර ශාන්ත අන්තෝනි විදුහල)

මීටර් 3000 (බාලක)

1. පූර්ණ දිශානායක රත්නපුර ශාන්ත ඇලෝසියස් විදුහල 2. ආර්. පී. බී. සහන් නන්දසිරි (කුරුණෑගල ශාන්ත ආනා විදුහල) 3. එස්. එල්. හෙන්නායක (බදුල්ල ධර්ම¥ත විදුහල)

මීටර් 3000 (බාලිකා)

1.ඩබ්ලිව්. අයේෂා සඳුනි (ඉහල කඩිගමුව ම.වි.)

රිටි පැනීම (බාලක)

1. ඩබ්ලිව්. ටී. එම්. සිල්වා (මීගමුව මාරිස්ටෙලා විදුහල) 2. ආර්. එච්. වික‍්‍රමසේකර (මීගමුව ශන්ත පීතර විදුහල)

මිටිය විසි කිරීම (බාලක)

1.අයි. ඒ. පී. පූර්ණ පෙරේරා (වාවිට මෛත‍්‍රි විදුහල)

තුන් පිම්ම (බාලිකා)

1.එච්. එම්. එන්. මධුෂානි හේරත් (මොනරාගල නන්නපුරාව ම.වි)

කවපෙත්ත විසි කිරීම (බාලිකා)

1. සචිනි සමරසේකර රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) 2.කේ.ආර්.ආර්.කුරුකුලසූරිය (කොළඹ කාන්තා විදුහල)

කවපෙත්ත විසි කිරීම (බාලක)

1.ඊ.බී.බී. සේනාරත්න (කොළඹ ඞී.එස්. සේනානායක විදුහල) 2.ජෙනිත් ෂෙනාල් (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3. ඞී.අයි.වයිට් (කොළඹ ශාන්ත ජෝශප් විදුහල)

උස පැනීම (බාලිකා)

1.ඞී. කේ. තිමේෂී ජයරත්න (කුරුණෑගල ජනාධිපති බාලිකා විදුහල) 2. ඕ. එස්. දියන්තා ජයසේන (කොළඹ මියුසියස් විදුහල) 3. එච්. වී. එස්. විහස්නා විජයතිලක (කොළඹ විශාඛා විදුහල)

තුන් පිම්ම (බාලක)

1.එස්. හංසක සංදීප (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

මීටර් 400 (බාලිකා)

1.ඞී. එම්. එම්. ප‍්‍රවින්දී දුණුසිංහ (කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විදුහල) 2. නිර්මලී වික‍්‍රමසිංහ (ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසල) 3. ආර්. ශෙහාරා කරුණාරත්න (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

මීටර් 400 (බාලක)

1.ආර්. පී. ඞී. ඒ. ටී. රාජපක්ෂ (කුරුණෑගල ශ‍්‍රීමත් ජෝන් කොතලාවල විදුහල) 2. පී. එස්. ජයතිලක (කොළඹ තර්ස්ටන් විදුහල) 3. ආර්. ආර්. කේ. මධුරංග (කුරුණෑගල ශාන්ත ආනා විදුහල)

මීටර් 100 (බාලිකා)

1.සෙනේකා ඊ. ගුණරත්න (මහනුවර – කොළඹ ජාත්‍යන්තර පාසල) 2. ධනනී කොඩිතුවක්කු (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල) 3. පී. ඒ. ඞී. රුවන්සා වීරක්කොඩි (කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය)

මීටර් 100 (බාලක)

1.එස්. කේ. අයේෂ් මිහිරංග (ගාල්ල මහින්ද විදුහල) 2. එම්. ජේ. විජේසිංහ (කොළඹ ආනන්ද විදුහල) 3. ඞී.අයි. වීරරත්න (මාතර ලීඞ්ස් ජාත්‍යන්තර පාසල)

මීටර් 1500 (බාලිකා)

1. දුලාංජනා ප‍්‍රදීපානී (ගම්පොල වික‍්‍රමබාහු ජාතික පාසල) 2. සෙත්මී කෞෂිකා ( වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) 3.ඩබ්ලිව්. අයේෂා සඳුනි (ඉහල කඩිගමුව ම.වි.)

මීටර් 1500 (බාලක)

1. එස්.එන්. රණවීර (මහනුවර ත‍්‍රිත්ව විදුහල) 2. ජී.ආර්. ලලන්ත හේරත් (මහනුවර ශ‍්‍රී සුමංගල විදුහල) 3.ඊ.එම්.සී.පී.කේ. ඒකනායක (ගනේතැන්න මහා විදුහල)

කසුන් රණවීර, අනුරුද්ද හේරත් බණ්ඩාර

ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment