ජාතික රූපවාහිනියේ මියැසි පෙළහර

391

ජාතික රූපවාහිනිය මඟින් විවිධත්වයකින් යුත් සංගීත වැඩසටහන් රැුසක් සතිපතා විකාශය කිරීම අරඹා තිබේ. ඇතැම් වැඩ සටහන් කාලාන්තරයක් තිස්සේ විකාශය කෙරුණු අතර තවත් සංගීත වැඩසටහන් කීපයක් අභිනවයෙන් ආරම්භ කර ඇත. බයිලා සාදය, Peo Legend, සිහිනයකි රෑ, Red එම වැඩ සටහන්ය. ඉහළ තාක්‍ෂණික හා නිෂ්පාදන ප‍්‍රමිතියක් යටතේ ඉදිරිපත් කෙරෙන මෙම වැඩසටහන් මාලාවේ මේ සතියේ පිරිනැමෙන වැඩ සටහන්වල විශේෂතාව පහත දැක්වේ.

 බයිලා සාදේ

ජාතික රූපවාහිනියේ මියැසි පෙළහර

බයිලා සාදේ වැඩ සටහන සෑම ඉරිදාකම දහවල් 11 ට විකාශය කෙරෙන අතර අගෝස්තු 08 වෙනිදා වැඩ සටහනට සහභාගී වන්නේ කි‍්‍රස්ටෝපර් පෝල් සහ ජූඞ් ද සොයිසායි. බයිලා ආකෘතියට තැනූ ජනපි‍්‍රය සහ නව ගීත මෙන්ම වාද බයිලා මෙහිදී ඉදිරිපත් කෙරෙන අතර වැඩ සටහනේ පූරකයා වන්නේ ජනපි‍්‍රය රංගන ශිල්පී රොඞ්නි වර්ණකුලයි. බයිලා සාදේ නව සංගීතමය හැඩයකින් සරසන්නේ දිනේෂ් සුබසිංහ වන අතර සුමිත් දිසානායක එහි නිෂ්පාදකවරයායි.

 සිහිනයකි රෑ

 පේ‍්‍රක්ෂකයන් අතර අතිශයින්ම ජනපි‍්‍රයත්වයට පත් සිහිනයකි රෑ වැඩ සටහනට අගෝස්තු 08 ඉරිදා එක්වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතායි. අගෝස්තු 15 වැනිදා විශ්වවිද්‍යාලීය අන්ධ ශිෂ්‍යයකුගේ අනුවේදනීය ජීවිත කථාව දිගහැරුමට නියමිතයි. මීට අමතරව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදිනී ශාන්ති දිසානායක, ජ්‍යෙෂ්ඨ නීතිඥ ප‍්‍රතිභා මහානාමහේවා ඇතුළු ආරාධිතයන් ඉදිරි වැඩ සටහන්වලට එක්කර ගැනීමට සැලසුම් කර ඇත. මහේෂ් නිෂ්ශංක ඉදිරිපත් කරන ‘සිහිනයකි රෑ’ ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ ජයමිනී ඉලේපෙරුමයි. එය සෑම ඉරිදාවකම රාති‍්‍ර 10 ට විකාශය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment