ජාතික රෝහල් සායනයේ ඉන්සියුලීන් නෑ

100

කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලීන්’ නොමැති වීමෙන් එම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව එම රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම ගැටලුව මාස කීපයක සිටම පවතින බවත් මේ සම්බන්ධයෙන් ඉහළ සෞඛ්‍ය බලධාරීන්වද දැනුවත් කර ඇති බවත් හෙතෙම කීය.

ඉන්සියුලීන් නොමැතිවීම හේතුවෙන් පිටතින් එම ඉන්සියුලීන් මිලදී ගන්නා ලෙසට කොළවල ලියා දෙන නිසා මුදල් නැතිව එම රෝගීහු තවත් අන්ත අසරණ භාවයට පත්ව සිටිති.

ඇතැම් රෝගීන්ට මසකට ඉන්සියුලීන් කුප්පි 2 ක් අවශ්‍ය බව වෛiවරු සඳහන් කරති.

ඉන්සියුලීන් කුප්පියක් පිටතින් මුදල් වැයකර ලබා ගැනීම සඳහා රුපියල් 1000 කට අධික මුදලක් වැය කිරීමට සිදුවන බවත් එය දරාගත නොහැකි බවත් අසරණ රෝගීහු පවසති.

අප මේ ගැන සොයා බැලීමට කොළඹ ජාතික රෝහලේ පිහිටි බෙහෙත් ශාලාවට කතා කළ විට එහි නිලධාරියකු පැවසුවේ ‘ඉන්සියුලීන්’ මාස කීපයක සිට නොමැති බවය.

චමින්ද සිල්වා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment