ජාතික රෝහලෙන් කාන්තා යට ඇඳුම් සොරෙක් හමුවේ

285

කොළඹ ජාතික රෝහලේ කාන්තා නේවාසිකාගාරයට හොර රහසේ ඇතුළු වී යට ඇඳුම් සොරා ගැනීමේ නිරත වූ සේවකයෙකු ආරක්ෂක නිලධාරීන් විසින් අල්ලා මරදාන පොලීසිය වෙත භාරදී තිබේ.සැකකරු අල්ලා ගන්නා අවස්ථාවේදී යට ඇඳුම් තුනක් ඔහු සන්තකයේ තිබී ඇත.පසුගිය කාලය තුළ කාන්තා නේවාසිකාගාරය තුළින් කාන්තා යට ඇඳුම් සීඝ්‍රයෙන් අස්ථානගත වීම සම්බන්ධයෙන් නේවාසිකව සිටින හෙදියන් ආරක්ෂක අංශයට ද දැනුම් දී විමසිලිමත් ව සිටි අවස්ථාවේ දී ඊයේ අලුයම සැකකරු කාන්තා කණ්ඩායම නේවාසිකාගාරය වෙත ඇතුළු වී රෙදි වැල්වල දමා තිබූ යටඇඳුම් සොරා ගෙන පිටව යන අවස්ථාවේදී අල්ලා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.පොලීසිය වෙත භාරදුන් සැකකරු සෞඛ්‍යය කාර්ය සහායකයකු ලෙස රැකියාව කරන කළුතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පමණ පුද්ගලයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment