ජාතික රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාර වේල වෑංජන දෙකකට සීමාවෙලා

289

සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ

ගැටලුව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක

මාස 4 ක සිට කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට හා රෝහල් සේවකයන්ට ලබා දෙන ආහාරවේල සීමා කර ඇති බවත්, ලබාදෙන බත්පත සමග ලබා දෙනුයේ වෑංජන වර්ග දෙකක් බවත් සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජ්‍ය ලේකම් රේණුකා ලියනගේ මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.

මෙම ගැටලුව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ව දැනුවත් කර ඇතත් එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් බවත් ඇය සඳහන් කළාය. මෙහිදී තවදුරටත් කතා කළ රේණුකා ලියනගේ මහත්මිය, මේ වෙනකොට රෝහලේ නේවාසික රෝගීන් 1500 ක් විතර ප්‍රතිකාර ලබනවා. ඔවුන්ට හොඳ පෝෂ්‍යදායි ආහාර වේලක් මීට පෙර ලබා දුන්නා. නමුත් දැන් මේ වෙනකොට බත් සමඟ දෙන්නේ වෑංජන දෙකයි. බත් සමඟ වට්ටක්කා, පරිප්පු, අල, අඹ වෑංජනය කැරට් වගේ වෑංජන දෙකක්. බිත්තරයක්, මාළු කෑල්ලක් දැන් දෙන්නේ නැහැ. ඒ වගේම, මීට පෙර දොඩම්, යෝගට්, කිරිපිටි, ජෙලි වගේ දේවල් රෝගීන්ට දුන්නත් දැන් ඒවා නැහැ. දියවැඩියා, වකුගඩු ඇතුළු තවත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබන රෝගීන්ට අදාළ ආහාර වේල දැන් දෙන්නේ නැහැ. ඔක්කොටම එකම ආහාර වේලක් දෙන්නේ. රෝගියා වෙනුවෙන් කැප වන සෞඛ්‍ය සේවකයන්ටවත් පෝෂ්‍යදායි ආහාර වේලක් දෙන්නෙත් නැහැ. සෞඛ්‍ය සේවකයන්ට බත් සමග සම්බෝල, කැකිරි, අල, වට්ටක්කා වගේ වෑංජන දෙන්නේ.

මේ ගැන කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා මෙසේ පැවසීය.

මේ ගැටලු ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් ්දීලයි තියෙන්නේ. මේකට විසඳුමක් දෙන්න කියලා ඔවුන්ට කියලයි තියෙන්නේ. අපිට පුළුවන් උපරිමයෙන් රෝගියා වෙනුවෙන් කැප වෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment