ජාතික රෝහලේ වකුගඩු ඒකකය විවෘත වෙයි…

147

ශ‍්‍රී ලංකා ජාතික රෝහල් පරිශ‍්‍රයේ ඉදි කරන ලද නව මෞත‍්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (29 දා* පෙරවරුවේ දී විවෘත කරනු ලැබීය.
 
 නිදහස් සෞඛ්‍ය සේවයේ ප‍්‍රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඊ.ඒ.එම්. මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගම සිය පූර්ණ ධන පරිත්‍යාගයෙන් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
 
 දැඩි සත්කාර ඒකක ඇඳන් 13කින් ද සමන්විත මෙම විද්‍යායතනය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්න වෙයි. සමරු ඵලකය නිරාවරණය කරමින් නව මෞත‍්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල විවෘත කළ අගමැතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්වූයේය.

wakugadu1
 
 සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ, පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්ලිව්. කේ. වික‍්‍රමසිංහ, ඊ.ඒ.එම්. මැලිබන් ටෙක්ස්ටයිල් පෞද්ගලික සමාගමේ සභාපති ඉල්ලියාස් අබ්දුල් කරීම් මහතා ඇතුළු එම සමාගමේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment