ජාතික රෝහල ඇතුළේ ලිපිකාරිනියගේ ගෙලට පිහියක් තබා මාල කොල්ලයක්

236

කොළඹ ජාතික රෝහලේ සේවිකාවන්ගේ නේවාසිකාගාරයට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු ප්‍රධාන ලිපිකාරිනියගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජන කර ඇය පැළඳ සිටි රන්මාලය කොල්ලකා ගෙන පලා ගොස් ඇත.

රෝහල් බලධාරීන් පවසන්නේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සේවකයන් දෙදෙනකු මෙම කොල්ලකෑම සිදුකරන්නට ඇති බවයි.

කොල්ලකෑමට පැමිණි සැකකරුවන් දෙදෙනා රෝහලේ සුළු සේවකයන්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී සිට ඇති බව රෝහල් බලධාරීහු පවසති.

මේ සම්බන්ධයෙන් මරදාන පොලිසියට පැමිණිලි කර ඇතත් මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැත.

දිවයින කළ විමසිමකදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින රෝහල් සේවකයන් නිසා රෝහල තුළ දැඩි අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment