ජාතික ලොතරැයි මණ්ඩලයෙන් බිහිවූ සුපිරි ත්‍යාගලාභීන්ට චෙක්පත් ප්‍රදානය කරයි

128

ලොතරැයි ලොවේ ප්‍රමුඛයා වන ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් අතුරින් පසුගිය වකවානුවේ බිහිවූ සුපිරි ත්‍යාගලාභීන් සඳහා ජයග්‍රාහී චෙක්පත් ප්‍රදානය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථානයේදී පසුගියදා සිදු කෙරිණි.

එහිදී සුපිරි ත්‍යාග ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අට දෙනකු සඳහා රු. 15,25,13,340.80ක මුදලක් ත්‍යාග ත්‍ලස ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී විශාලම මුදල් ත්‍යාගය ලෙස රු. 68,452,898.40ක මුදලක් දිනාගත් වැල්ලම, එස්. එම්. පී. රත්නායක මහතාට අදාළ චෙක්පත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා අතින් ලබාගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. එම අවස්ථාවට එක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි නීතිඥ සංජීව එදිරිසිංහ, හා ප්‍රධාන මූල්‍ය නිලධාරි ආචාර්ය හර්ෂ බණ්ඩාර යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

සටහන හා ඡායාරූපය –
ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment