ජාතික විද්‍යා දිනයට ආතර් සී ක්ලාක් ආයතනයෙන් දේශන

183

ජාතික විද්‍ය දිනය 2022 නිමිත්තෙන් ආතර් සී ක්ලාක් ආයතනය විසින් සංවිධානය කරන තිරසාර අනාගතයක් සදහා විද්‍යාව, දේශීයත්වය කැටිකරගත් ගෝලීය ප්‍රවණතා මැයෙන් නවීන තාක්ෂණය පිළිබඳ webinar තාක්ෂණය මගින් පවත්වන දේශන මාලාව මෙම මස 11වැනිදා සවස 3.00 සිට සවස 6.00 දක්වා පැවැත්වේ.එහිදී නැනෝ චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව හැදින්වීම ආතර් සී ක්ලාක් ආයතනයේ පර්යේෂණ ඉංජිනේරු කමල් අබේසේකර මහතා විසින් පස්වරු 3.00 සිට 4.00 දක්වා සිදු කරයි.අභ්‍යවකාශ කාලගුණය සහ පෘථිවිය මත එහි බලපෑම පිළිබඳ දේශනය ආතර් සී ක්ලාක් ආයතනයේ නවීන තාක්ෂණය පිළිබඳ ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් සවස 4.00 සිට 5.00 දක්වා සිදු කරනු ලබයි.තාරකා විද්‍යාව පිළිබඳ දේශනය ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගන්ගොඩ මහතා විසින් සවස 5.00 සිට 6.00 දක්වා පවත්වයි. මේ සදහා වැඩිදුර තොරතුරු www.accimt.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment