ජාතික ශූරතා කාන්තා හොකී තරගාවලිය අද ඇරැඹේ

86

ශ්‍රී ලංකා හොකී සම්මේලනය විසින් සංවිධානය කර ඇති 24 වෙනි ජාතික ශුරතා කාන්තා හොකී තරගාවලිය අද (04 වැනිදා) පෙරවරු 08:30 ට ඒකාබද්ධ විශ්වවිද්‍යාලයීය කණ්ඩායම සහ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම අතර තරගයෙන් ආරම්භ කෙරේ.

කාණ්ඩ 02 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන මූලික වටයේදී “ඒ” කාණ්ඩය යටතේ රාජ්‍ය සේවා, ඒකාබද්ධ විශ්වවිද්‍යාල, ආරක්ෂක සේවා, ගම්පහ සහ කළුතර තරග වදින අතර “බී” කාණ්ඩය යටතේ වෙන්නප්පුව, ශ්‍රී ලංකා පාසල්, කොළඹ සහ මහනුවර යන කණ්ඩායම් තරග වදියි.

මෙවර තරගාවලිය අද (04) දින සිට ලබන ඉරිදා (06) දින දක්වා වෙන්නප්පුව ඇල්බට් එෆ්. පිරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment