ජාතික ශූරතා පිරිමි හොකී තරගාවලිය අද ඇරඹේ

161

ශ්‍රී ලංකා හොකී සම්මේලනය මගින් සංවිධානය කර ඇති ජාතික ශූරතා පිරිමි හොකී තරගාවලියේ 59 වැන්න බ්‍රහස්පතින්දා (22) පෙරවරු 9.00 ට කොළඹ කෘත්‍රිම  ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරේ. එය ලබන ඉරිදා (25) දක්වා ක්‍රියාත්මක කෙරේ.

කණ්ඩායම් 17 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරගාවලියේ තීරණාත්මක අවසාන තරගය එළඹෙන ඉරිදා (25) සවස පැවැත් වීමට සංවිධායකයන් පියවර ගෙන තිබේ.

මෙහි මූලික වටය කාණ්ඩ 04 ක් යටතේ ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ සිට පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නට ශ්‍රී ලංකා හොකී සම්මේලනය තීරණය කර තිබේ.

‘ඒ’ කාණ්ඩය

ආරක්ෂක සේවා, වෙන්නප්පුව, ශ්‍රී ලංකා පාසල්, ඒකාබද්ධ විශ්ව විද්‍යාල, යාපනය

‘බී’ කාණ්ඩය

රාජ්‍ය සේවා, මාතලේ, ගම්පහ, ඌව

‘සී’ කාණ්ඩය

වෙළෙඳ සේවා, රත්නපුරය, මාතර, මහනුවර

‘ඩී’ කාණ්ඩය

කොළඹ, ජනසතු සේවා, කළුතර, ගාල්ල

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment