ජාතික ශෝක දිනයක්‌: ආදාහන පූජෝත්සවය අද

248

අපවත් වී වදාළ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, කොළඹ – හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝ නායක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, මහෝපාධ්‍යාය වැලමිටියාවේ ශී‍්‍ර කුසලධම්ම නාහිමිපාණන්ගේ ශී‍්‍ර දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (31 දා) සවස 3.00ට කොළඹ – 07 නිදහස් චතුරස‍්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහයෙන් සිදුකෙරේ.

ඉකුත් 28 දා අපවත් වූ කුසලධම්ම නාහිමිපාණන්ගේ ශී‍්‍ර දේහය එදින සිට 31 දා දහවල් 12.00 දක්වා පෑලියගොඩ විiාලංකාර පිරිවෙන් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (31 දා) සවස 1.30ට ශී‍්‍ර දේහය රැුගත් ආදාහන පෙරහැර එම පිරිවෙනේ සිට නිදහස් චතුරස‍්‍රය බලා ගමන් කිරීමට නියමිතය.

එදින සවස 3.00ට ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරෙන අතර එම අවස්ථාවට මහානායක, අනුනායක නාහිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය ද අන්‍ය ආගමික නායකයන් ද මැති ඇමැතිවරු ඇතුළු පිරිසක් ද සහභාගි වීමට නියමිතය.

කෙසේ වෙතත් ආදාහන පූජෝත්සවය සඳහා සහභාගි වන සැදැහැවතුන් සෞඛ්‍ය පිළිවෙත් ඇතිව ආරක්‍ෂා කළ යුතු බව ආදාහන කමිටුව අවධාරණය කර සිටී.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment