ජාතික සත්වෝද්‍යානය ෂර්මිලාට බාරයි

287

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය වශයෙන් ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත්කර ඇත.

ඒ අනුව ඒ මහත්මිය අද (28) දිනයේදී නව තනතුරේ වැඩ බාරගැනීමට නියමිතව ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගණකාධිකරණය සහ මුල්‍ය කළමණාකරණය පිළිබඳ ගෞරව උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගෙන ඇති ෂර්මිලා රාජපක්ෂ මහත්මිය වෘත්තියෙන් ගණකාධිකාරීවරියකි.
එහි මීට පෙර අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වූයේ ඉෂිනි වික‍්‍රමසිංහ මහත්මියයි.

advertistmentadvertistment
advertistmentadvertistment