ජාතික සභාවට පක්‍ෂ නායක  රැස්වීමේදී එකඟතාව

88

මේ මතුව ඇති ආර්ථික හා සමාජ අර්බුදය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් “ජාතික සභාව” පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7 දා) පැවති පක්‍ෂ නායක රැස්වීමේදී එකඟතාවට පැමිණියේය.

 ඒ එකඟතාව අනුව කතානායකවරයා, ජාතික සභාවේ මූලාසනය දරන අතර අග්‍රාමාත්‍යවරයා, විපක්‍ෂ නායකවරයා, සභානායකවරයා, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නිල බලයෙන් එහි සාමාජිකයන් බවට පත්වෙති. පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන සියලු පක්‍ෂ නියෝජනය වන පරිදි, නිල බලයෙන් සාමාජිකයන් වන නියෝජිතයන් ද ඇතුළු “ජාතික සභාවේ” සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 37කි.

 ඊට අදාළ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද පක්‍ෂ නායක රැස්වීමේදී එකඟතාවය ඇතිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment