ජාතික සභාව පාර්ලිමේන්තුවට

91


පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත ජාතික සභාව නැමැති පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව එළඹෙන සැප්තැම්බර් 20 වැනි දිනට අදාළ න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට මේ වන විට ඇතුළත් කොට තිබේ.

ඒ අනුවල මෙම කාරක සභවේ සභාපතිත්වය කථානායකවරයාට හිමි වන අතර සෙසු සාමාජිකත්වය අග්‍රාමාත්‍යවරයාල පාර්ලිමේන්තුවේ සභානායකවරයාල විරුද්ධ පාර්ශවයේ නායකවරයාල ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායකවරයාල සහ දේශපාලන පක්ෂවල නායකයන් විසින් තීරණය කරන ලද පරිදි ශ්‍රී ලංකාවේ පිළිගත් දේශපාලන පක්ෂ වලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තිස්පහකට නොවැඩි සංඛ්‍යාවකින් සමවිත විය යුතු බවට යෝජනා කෙරේ.

ඒ අනුව,
කෙටිල මධ්‍යමල සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා මග පෙන්වීමට අදාළව පාර්ලිමේන්තුවේ පොදු ප්‍රමුඛතා නියම කිරීමට, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යම කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාවය ඇති කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ල ජාතික සභාවල විශේෂ කාරක සභාවල සභාපතිවරයන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරික්ෂකයන් සහභාගී වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධානය කිරීමට ජාතික සභාවට අධිකාර බලය සහ පොදු වගකීම් ලබා දීමට මෙමගින් යෝජනා කොට තිබේ.

ජාතික සභාවට යෝජනා කොට ඇති බලතල අනුව ආංශික අධීක්ෂ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවල රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවල බැංකු කටයුතු හා මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවල ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවල ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය සිදු කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීමේ හැකියාවද ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment