ජාතික සම්පත් විකිණීම ප‍්‍රතිපත්තිවලට පටහැනියි

168

ඉන්දියාව ද, චීනය ද, ඇමරිකාව ද නොව රටේ බලශක්තිය රජය යටතේ පැවතිය යුතු යැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ආණ්ඩු වුණත් රටේ තෙල්, ගෑස් ඇතුළු ජතික සම්පත් ටික විවිධ රටවල්වලට විකිණීම නොබැඳි ප‍්‍රතිපත්තිවලට පටහැනි බවත් එයට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ වනවිට ඇමරිකාවට එල්. එන්. ජී. විදුලි බලාගාරයේ කොටස් 40%ක් ලබාදීමට විරුද්ධව මත පළවෙමින් තිබෙන බවත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ද අගමැතිවරයා සමග සාකච්ඡුා කර ගැටලූව සමනය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡුා කරන බවත් කීවේය.

දැනට කෙරවලපිටිය තාප විදුලි බලාගාරය මගින් සපයන විදුලිය වෙනුවට මෙම එල්. එන්. ජී. බලාගාරය මගින් සවස 6.00ත් රාති‍්‍ර 10.00ත් අතර කාලයට විදුලිය ලබා ගැනීමට නියමිතය. එම කාලය රටේ වැඩිම විදුලි ඉල්ලූමක් ඇති කාලසීමාව බවත් ඇමරිකානු ඒකාධිකාරිය හිමි එල්. එන්. ජී. විදුලි බලාගාරයට විදුලිය සැපයීම ලබාදීම නොකළ යුතු බවත් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

රජය 2030 වනවිට පුනර්ජනනීය බලශක්තිය සඳහා සියයට 70කට යෑමේ බලාපොරාත්තුව තිබියදී එල්. එන්. ජී. බලාගාරයට සමස්ත විදුලි සැපයීමෙන් සියයට 50ක් දුන්විට එම ඉලක්කවලට යන්නේ කෙසේද යන්න ගැන ගැටලූවක් මතුවන බව ද රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා වැඩිදුරත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment