ජාතික සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ යාපනය පෙරමුණේ

181

ඩයලොග් ජාතික සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලිය යටතේ මෙතෙක් තමන් සහභාගි වූ තරග 5ක් අතරින් තරග හතරක් ජයගෙන තරගාවලියේ පළමු ස්ථානය හිමි කර ගැනීමට මේ වනවිට යාපනය කණ්ඩායම සමත් වී තිබේ.

තරගාවලිය තුළ තරග පහකට ක‍්‍රීඩා කර ඇති ඔවුන් එහිදී පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර ඔවුන් හිමිකර ගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 18ක් ලෙස දැක්වේ.

යාපනය කණ්ඩායම නායක ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ධනංජය මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ද වේ. දඹුල්ල කණ්ඩායමට එරෙහිව පසුගිය සිකුරාදා පැවැති තරගයේදී ලබාගත් ශතකයත් සමග ධනංජය ද සිල්වා මේ වනවිට සමස්ත තරගාවලිය තුළ ලකුණු 264 ක් ලබා ගෙන සිටී.

තරග හතරක් අතරින් තරග තුනක් ජයගෙන එක් තරගයක් පරාජයට පත්වී ඇති මහනුවර කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 15ක් ලබාගෙන මේ වන විට තරගාවලියේ දෙවැනි ස්ථානයේ රැුඳී සිටී.

තරගාවලියේ තුන්වන ස්ථානයේ රැුඳී සිටින ගාල්ල කණ්ඩායම ලබාගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් වන අතර ඔවුන් තරග පහක් අතරින් තරග තුනක් ජයග‍්‍රහණය කර තරග දෙකක් පරාජයට පත්වී තිබේ.

කොළඹ කණ්ඩායම තරග පහක් අතරින් ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණක් වන අතර ඔවුන්ට හිමි ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 9කි. දඹුල්ල කණ්ඩායම තරගාවලියේ තරග පහක් තුළ දී එකදු තරගයක් හෝ ජය ගැනීමට මෙතෙක් සමත් වී නොමැත.

තරගාවලියේ 13 වැනි සහ 14 වැනි තරග දෙක ලෙසින් පිළිවෙළින් කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරගයත් මහනුවර සහ යාපනය කණ්ඩායම අතර තරගයත් අද (07 වැනිදා) පැවැත් වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment