ජාතික සුපර් ලීග් තරගාවලිය – සමාරම්භක තරග ජය නුවර සහ ගාල්ලට

138

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරග දෙකේ ජයග්‍රහණ වාර්තා කිරීමට නුවර සහ ගාල්ල කණ්ඩායම් පෙරේදා (21 දා) සමත් වූයේය.

මෙම ජයග්‍රහණ දෙකම තරගය නිමා වීමට තවත් දිනයක් ඉතිරිව තිබියදී ඉනිමකින් ලද ජයග්‍රහණ වීමද විශේෂත්වයකි.

කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැති තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව ඉනිමක සහ ලකුණු 279 ක දැවැන්ත ජයග්‍රහණයක් නුවර කණ්ඩායම වාර්තා කළ අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී දඹුල්ල පිලට එරෙහිව ඉනිමක සහ ලකුණු 70 ක ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම සමත්විය.

කඩුලු 7 කට ලකුණු 554 ක්ව තිබියදී තෙවැනි දිනය ආරම්භ කළ කැන්ඩි කණ්ඩායම ශතක ලාභී අහන් වික්‍රමසිංහ දැවී යෑමත් සමඟ ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේය. පෙර දින ලකුණු 99 ක් ලබා සිටි අහන් පෙරේදා දිනයේදී ලකුණු 107 කට දැවී ගියේය. පන්දු 95 ක් පමණක් වැය වුණු එම ඉනිම සඳහා හේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් එල්ල කළේය.

පන්දු යැවීමේදී කොළඹ පිලේ නිසල තාරක ලකුණු 112 කට කඩුලු 5 ක් දවා ගත්තේය. ලකුණු 351 ක් පසුපසින් සිට ඉනිමක පරාජයෙන් බේරීමේ සටන ඇරඹූ කලම්බු පිලට දෙවැනි ඉනිමේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 74 ක් පමණි. එහිදී කැපී පෙනුණු ලසිත් ඇඹුල්දෙණිය යළිත් කඩුලු 5 ක් දවා ගත්තේ සමස්ත තරගයේදී ලකුණු 86 කට කඩුලු 10 ක් දවා ගනිමිනි.

ලකුණු 184 ක පසු පසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ දඹුල්ල කණ්ඩායමට දෙවැනි ඉනීමේදීත් රැස් කරගත හැකි වූයේ ලකුණු 114 ක් පමණි. අංක 3 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි ඩිලාන් ජයලත් (47) සහ ආරම්භක පිතිකරු නිමේෂ් ගුණසිංහ (29) හැරුනු කොට සෙසු එකම පිතිකරුවකුටත් දක්ෂතා අතරට පැමිණීමට ප්‍රතිවාදී නායක රමේෂ් මෙන්ඩිස් ප්‍රමඛ පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

පන්දු යැවීමෙන් කැපී පෙනුණු රමේෂ් මෙන්ඩිස් ලකුණු 34 කට කඩුලු 3 ක් දවා ගනිද්දී අසංක මනෝජ් සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

ලකුණු සාරාංශය දඹුල්ල – ගාල්ල

දඹුල්ල පළමු ඉනිම පන්දු වාර 48.5 කදී ලකුණු 155 යි – (නිමේෂ් ගුණසිංහ 31, ඩිලාන් ජයලත් 27, ලසිත් අබේරත්න 24, චලන ද සිල්වා 23, ලක්ෂාන් සඳකැන් 26, කවිශ්ක අංජුල 23/5, අසංක මනෝජ් 35/2, රමේෂ් මෙන්ඩිස් 11/2, ප්‍රවීන් ජයවික්‍රම 27/1) සහ දෙවැනි ඉනිම පන්දු වාර 44 කදී ලකුණු 114 යි – (ඩිලාන් ජයලත් 47, නිමේෂ් ගුණසිංහ 29, මිනෝද් භානුක 10, සනෝජ් දර්ශික 13, රමේෂ් මෙන්ඩිස් 23/3, අසංක මනෝජ් 27/2, මිලාන් රත්නායක 34/2, කවිශ්ක අංජුල 18/1)

ගාල්ල පළමු ඉනිම පන්දු වාර 90.2 කදී ලකුණු 339 යි – (ඇන්ජලෝ මැතිව්ස් 82, රමේෂ් මෙන්ඩිස් 60, කවිශ්ක අංජුල 69, ප්‍රවීන් ජයවික්‍රම 29, මිලාන් රත්නායක 11, විශාද් රන්දික 17, පසිඳු සූරියබණ්ඩාර 19, හෂාන් දුමිඳු 37, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/3, චලන ද සිල්වා 69/2, ලක්ෂාන් සඳකැන් 56/1, නිමේෂ් ගුණසිංහ 19/1

ලකුණු සාරාංශය නුවර – කොළඹ

කොළඹ පළමු ඉනිම පන්දු වාර 64.5 කදී ලකුණු 214 යි – (ප්‍රභාත් ජයසූරිය 51, නිසල තාරක 38, රොෂේන් සිල්වා 21, නිපුන් ධනංජය 16, අවිශ්ක ප්‍රනාන්දු 10, මනෝජ් සරත්චන්ද්‍ර 10, ලක්ෂිත මානසිංහ 14, ඉසිත විජේසුන්දර 14, ලසිත් ඇඹුල්දෙනිය 60/5, නිම්සර අතරගල්ල 62/4, අම්ෂි ද සිල්වා 41/1) සහ දෙවැනි ඉනිම පන්දු වාර 24.4 කදී ලකුණු 72 යි – (ප්‍රභාත් ජයසූරිය 11, මනෝජ් සරත්චන්ද්‍ර 18, නුවනිඳු ප්‍රනාන්දු 15, ලසිත් ඇඹුල්දෙණිය 26/5, අම්ෂි ද සිල්වා 12/2, අෂෙයින් ඩැනියල් 15/2, නිම්සර අමරසිංහ 14/1)

නුවර පළමු ඉනිම පන්දු වාර 109.1 කදී කඩුලු 9 කට ලකුණු 565 යි – (ඕෂධ ප්‍රනාන්දු 201, සඳුන් වීරක්කොඩි 144, ලසිත් කෲස්පුල්ලේ 29, සහන් ආච්චිගේ 32, අහන් වික්‍රමසිංහ 107, නිසල තාරක 112/5

advertistmentadvertistment
advertistmentadvertistment