ජාතික සුපර් ලීග් – සිව්දින තරගාවලිය අද ඇරඹේ

155

ජාතික සුපර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධානතම කොටස වන සිව්දින ක‍්‍රිකට් තරගාවලිය අද (24 දා) දකුණු පළාතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ ගාල්ල අන්තර්ජාතික ක‍්‍රීඩාංගණවලදී ආරම්භ වේ.

එක්දින තරගාවලියේ පරිදිම ජැෆ්නා, ගෝල්, කැන්ඩි, කලම්බු සහ දඹුල්ල යන කණ්ඩායම් තරග වදිනු ලබන මෙම තරගාවලියේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ, ගාල්ල, ආර්. පේ‍්‍රමදාස, පල්ලෙකැලේ සහ රංගිරි දඹුලූ අන්තර්ජාතික ක‍්‍රීඩාංගණවලදී පැවැත්වෙනු ඇත. සමාරම්භක දිනයේදී ගෝල් සහ කැන්ඩි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීද ජැෆ්නා සහ කලම්බු ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී ද තරග වදිති.

නම් කර ඇති කණ්ඩායම් අතරට යොවුන් කණ්ඩායම නියෝජනය කළ නායක දුනිත් වෙල්ලාලගේ (ජැෆ්නා), රවීන් ද සිල්වා (ජැෆ්නා), මතීෂ පතිරණ (කැන්ඩි), පවන් පතිරාජ (දඹුල්ල) සහ රනුද සෝමරත්න (දඹුල්ල) එක්ව සිටිති. මේ අතරින් දුනිත් වෙල්ලාලගේ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ එක්දින තරග අංශය ද නියෝජනය කළ අතර අවසන් මහ තරගයේදී ලකුණු 74 ක් ලබා ගනිමින් ජැෆ්නා කණ්ඩායමට ශූරතාව දිනා දීම සඳහා වැඩිම දායකත්වයක් දක්වන ලද ක‍්‍රීඩකයා බවට පත්වූවේය. පන්දු යැවීමේදී කඩුල්ලක් ද දවා ගත් වෙල්ලාලගේ අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. ලීග් ක‍්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටයේ තරගාවලියේදී සෑම කණ්ඩායමක්ම තරග 4 බැගින් තරග වැදීමට නියමිත අතර වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබන කණ්ඩායම් 4 මාර්තු මස අවසන් සතියේ සහ අපේ‍්‍රල් මුල පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරගවලදී තරග වදිනු ඇත. ප‍්‍රකාශයට පත් කරන ලද කණ්ඩායම් අතරට ජාතික සංචිතයේ පසුවන ක‍්‍රීඩකයින් සියල්ලම ඇතුළත් කර තිබෙන අතර ඉන්දියානු තරග සංචාරය අවසන් වූ වහාම එම සියලූම ක‍්‍රීඩකයින් තරගාවලියේ අවසන් වටයේ තරගවලට ක‍්‍රීඩා කිරීමට නියමිතව සිටිති.

අවසන් මහ තරගය අපේ‍්‍රල් මස 7, 8, 9 සහ 10 යන සිව් දිනයන්හිදී ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මෙරට ප‍්‍රධානතම දේශීය ක‍්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ක‍්‍රීඩා සමාජ 26 න් තෝරාගන්නා ලද ක‍්‍රීඩකයන් ඒ ඒ කණ්ඩායම්වලට බෙදී ගොස් තිබේ. කොළඹ කණ්ඩායම සම්මු අශාන් විසිනුත්, යාපනය කණ්ඩායම සධීර සමරවික‍්‍රම විසිනුත්, ගාල්ල කණ්ඩායම ධනංජය ලක්ෂාන් විසිනුත් මෙහෙය වද්දී, මිනෝද් භානුක දඹුල්ල කණ්ඩායමත්, කමිඳු මෙන්ඩිස් මහනුවර කණ්ඩායමත් මෙහෙයවීමට නියමිතයි.

ජාතික තේරීම් කමිටුව විසින් භීඛ තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සඳහා ක‍්‍රීඩකයින් 100කට ආසන්න ප‍්‍රමාණයක් සහභාගී කරවා ගැනීමට නියමිතයි. පසුගිය 19 වැනිදා යාපනය කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින අවසන් වුණු භීඛ පන්දුවාර 50 ක‍්‍රිකට් තරගාවලියේ දී සංචිත බෙදා වෙන් කෙරුණු ආකාරයෙන්ම කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක‍්‍රීඩා සමාජ 5 බැගින් ද, දඹුල්ල සඳහා ක‍්‍රීඩා සමාජ 6 බැගින් ද බෙදී යනු ඇත.

තරගාවලිය සඳහා ක‍්‍රීඩා සමාජ බෙදා ඇති ආකාරය

කොළඔ – ීීක්‍ල සැරසන්ස්, මීගමුව, සෙබස්තිනයිට්ස්, පොලිස්

මහනුවර – භක්‍ක්‍ල හලාවත මේරියන්ස්, ්ජැ කැපිටල්, ගුවන් හමුදාව, කැන්ඩි කස්ටම්ස්

යාපනය – ටැමිල් යූනියන්, රාගම, ලංකන්, කළුතර නාගරික, බ්ලූම්ෆීල්ඞ්

ගාල්ල – කෝල්ට්ස්, යුද හමුදාව, පානදුර, ගාල්ල, මුවර්ස්

දඹුල්ල – ක්‍ක්‍ක්‍, ඊඍක්‍, නාවික හමුදාව, බදුරලිය, කුරුණෑගල, නුගේගොඩ

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment