ජාතික හොකී කණ්ඩායමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම හෙට සහ අනිද්දා

108

ශ‍්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා හොකී සංචිත සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ පරීක්ෂණයක් සෙනසුරාදා (20) සහ ඉරිදා (21) කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි කෘතීම පළසේදී පැවැත්වීමට ශ‍්‍රී ලංකා හොකී සම්මේලනය පියවර ගෙන තිබේ.

මෙම තෝරා ගැනීමේ මූලික පරීක්ෂණය සෙනසුරාදා (20) දින පෙරවරු 07.30 ට ආරම්භ කෙරේ.

මෙම මූලික පරීක්ෂණය සඳහා ඉහළ දක්ෂතා ඇති ඕනෑම ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට සහභාගි විය හැකිය.

ඉදිරියේදී පැවැත්වෙන ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය සඳහා සහභාගි කරවීමට නියමිත පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් නම් කිරීම උදෙසා මෙම සංචිතය ක‍්‍රියාත්මක කෙරේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment