ජාතියේ අධ්‍යාත්මයට පහරදීම

300

මේ ඉතිහාසය යළි සිහිකිරීමකි. මේ ත්‍රස්ත ප්‍රහාරයට වසර විසිපහක් සපිරෙන්නේ ලබන 25 වැනිදාටය. දැන් කොටි සංවිධානය ඉතිහාසයට එක්ව ඇත. ප්‍රභාකරන්ගේ අළු මුහුදේ පාකර හැරියේ 2009 මැයි මාසයේය. මෙරට බෞද්ධ සංස්කෘතිය පිළිබඳ වෛරයෙන් පසුවන්නෝ එදත් අදත් හෙටත් සිටිති. පසුගිය කාලය පුරාම මෙරට බෞද්ධයින් මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ පූජනීය වස්තූන්ට නිග්‍රහ කරන නිරාගමිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. ලංකාවේ නිරාගමිකයන් සියල්ල ආගම් විරෝධීන් නොව බෞද්ධ විරෝධීන් පැහැදිලිය.

දිනය 1998 වසරේ ජනවාරි 25දා විය. දළදා මැඳුරෙන් නැගෙන තේවා හඬ පරිසරයට මුසුවන්නට විය. ඒ සමගම දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන අලුයම තේවාව ඇරැඹුණු බව මාළිගාව වන්දනා මාන කිරීමට පැමිණ සිටි පිරිස අවබෝධ කරගත්හ. දෝතින්ම මල් ගෙන සුදෝසුදුවතින් සැරැසී සිටි පිරිස දළදා මැඳුරට පියනගන්නට වූහ. මෙලෙස මොහොතින් මොහොත ගතවෙද්දී; වෙලාව පෙරවරු 6.10 ට ආසන්න වෙමින් තිබුණි. නිල් පැහැ ඉසුසු එල්ෆ් ලොරියක් රජවීදියේදී දක්නට ලැබුණේ මේ අතර ය.

අධික වේගයෙන් පැමිණි ලොරිය රජවීදිය දෙසින් විත් මාලිගා චතුරශ්‍රයට ඇතුළු විය. ඊළඟ මොහොතේ මාලිගයට නුදුරෙන් වූ ආරක්ෂක වැට බිඳ දැමීය. විෂ්ණු දේවාලයත්, නාථ දේවාලයත් අතර මාවත ඔස්සේ විදුලි වේගයෙන් ඉදිරියට ඇදෙන්නට වූයේ මීළඟට ය. මෙලෙස වේගයෙන් පැමිණි ලොරිය සඳකඩපහණ අසල සිටි කිහිපදෙනා ද යටකරගෙන වාහල්කඩ අසල ගල් පේළියේ ගැටිණි. ලොරිය මොහොතකට නතරවනවාත් සමඟ ම ඉන් බැසගත් ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් හතර වටේට වෙඩි තබන්නට වූහ. වෙඩි ප්‍රහාරය මධ්‍යයේ එක් කොටියෙක් ගිනි අවියක්ද රැගෙන දළදා මාලිගය ඇතුළට දුවන්නට උත්සාහ කෙළේය. එය දුටු පොලිස් නිලධාරිනියක් වහාම යකඩ දොර වසා දැමුවාය. එයින් පසු මහා පිපුරුමක් සිදු විය. බිහිසුණු බෝම්බ ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩ සිටි, වැඩ සිටිනා මාලිගාව ව්‍යසනයට ලක්වූයේ නැත. පුරාණ ඉදිකිරීම් තාක්ෂණයේ මහිමය එය ය. බිත්ති කම්පනය වූ බව සැබෑය. වරිච්චි සහිත මැටි බිත්ති ඒ දැවැන්ත කම්පනය අවශෝෂණය කර තිබිණි. අභ්‍යන්තර කුටියට එපිටින් වූ ඉදිකිරීම් නිසා වැඩ හිඳිනා මාලිගාව අනතුරින් ආවරණය වූයේය. බෝම්බය පුපුරන විටත් උදෑසන තේවාව පැවැත්වෙමිනි. තේවාව පවත්වමින් වැඩඋන්නේ අම්පිටියේ චන්ද්‍රරතන හිමියන්ය. බෝම්බයේ කම්පනයෙන් දළදා මාලිගාව දෙදරා ගිය බව සැබෑය. එහෙත් අම්පිටියේ චන්ද්‍රරතන හිමියෝ තේවාව නොනවත්වා දිගටම පවත්වාගෙන ගියහ.

මේ ඉතිහාසය යළි සිහිකිරීමකි. මේ ත්‍රස්ත ප්‍රහාරයට වසර විසිපහක් සපිරෙන්නේ ලබන 25 වැනිදාටය. දැන් කොටි සංවිධානය ඉතිහාසයට එක්ව ඇත. ප්‍රභාකරන්ගේ අළු මුහුදේ පාකර හැරියේ 2009 මැයි මාසයේය. මෙරට බෞද්ධ සංස්කෘතිය පිළිබඳ වෛරයෙන් පසුවන්නෝ එදත් අදත් හෙටත් සිටිති. පසුගිය කාලය පුරාම මෙරට බෞද්ධයින් මෙන්ම සිංහල බෞද්ධ සංස්කෘතියේ පූජනීය වස්තූන්ට නිග්‍රහ කරන නිරාගමිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි. ලංකාවේ නිරාගමිකයන් සියල්ල ආගම් විරෝධීන් නොව බෞද්ධ විරෝධීන් පැහැදිලිය. ඔවුනට අවශ්‍ය මෙරට මහා සංස්කෘතියේ ආගමික හර පද්ධතියට පහර දීමටය. එයට සහාය වීමට වෙනත් ආගමික කල්ලි මෙන්ම විදේශීය බලවේගද පෙළ ගැසී සිටිති. මේ තත්ත්වයට වඩා හොඳ වේදිකාවක් තැනුණේ ඊනියා අරගලයත් සමගය. එය සිංහල බෞද්ධ විරෝධීන්ගේ එකතුවකි. එහි කූටප්‍රාප්තිය ලෙස ප්‍රසිද්ධියේ උතුම් දළදා වහන්සේට ප්‍රහාර එල්ල කරන නරුමයෝද බිහිවිය. එක් නරුමයකු වන සුදු රැවුල් කාරයා දැන් බන්ධනාගාරගතව සිටී. මෙය සංවිධානාත්මක වැඩකි. එහෙත් සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩවන් දළදා වහන්සේට නිග්‍රහ කිරීමට කිසිවෙකුට ඉඩ දිය යුතු නැත. එයින් සිදුවන්නේ ජාතියේ අධ්‍යාත්මය දෙදරා යෑමකි.

අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩවසන වාම ශ්‍රී දළදා වහන්සේ, ඛේම නම් මහරහතන් වහන්සේ විසින් බ්‍රහ්මදත්ත රජුට භාරදීමෙන් පසුව දන්තපුරයෙහි ගුහසීව රජුගේ භාරකාරත්වයට පත්වීමෙන් පසු පඬුවස්නම් රජ මෙම දළදා වහන්සේ විනාශ කිරීමට ගින්නට දැමීය. ඉන් අනතුරුව දළදා වහන්සේ කිණිහිරක් මත තබා කුළුගෙඩියකින් තැලීය. ගැඹුරු වළකට දමා පස් පුරවා ඇතුන් ලවා පෑගවිය. කුණු කසළින් පිරිනු වළකට දැමීය. ඒ සෑම අවස්ථාවකම දළදා වහන්සේ අහසට පැන නැගී නෙළුම් මලක් මත චන්ද්‍ර රේඛාවක් හෙවත් අඩසඳ සේ දිස් වූ ආකාරය දාඨා වංශය ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ. එයින් ද සතුටට පත් නොවූ පඬුවස් රජුට ජලය මතට දැමූ දළදා වහන්සේ රන්වන් හංසයෙකු සේ දියමත පීනන්නට විය. පොළොව පළා මතුවූ විශාල පියුමක් මත වැඩහුන් දළදා වහන්සේගේ මෙවන් ආශ්චර්යයවත් සිද්ධීන් දැක අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත් වූ පඬුවස් රජු දළදා වහන්සේට නිති දිනපතා තුන්වේලේ පුද පූජා පැවැත්වීය. ඛීරධාර රජ දළදා වහන්සේ ලබා ගැනීමේ අරමුණින් යුද්ධ කළේ නමුත් ගුහසීහ රජු වෙත දළදා වහන්සේ භාර කළේය. ඛීරධාර රජුගේ බෑණාවරු දෙදෙනෙක් දළදා වහන්සේ ලබා ගැනීමට දන්ත පුරයට පැමිණි මොහොතේ ගුහසීව රජ බෑණා වන දන්ත කුමරු හා හේමමාලා දියණිය කැඳවා තමන් පරාද වුවහොත් මෙම දළදා වහන්සේ ලක්දිවට ගෙන ගොස් මහසෙන් රජුට භාරදෙන ලෙස දැන්වීය. එහිදී ගුහසීව රජු මරණයට පත්වීය. දළදා වහන්සේ නොයෙක් උවදුරු මධ්‍යයේ ලංකාවට වැඩමවා රා.ව. 301 දී කිත්සිරිමෙවන් රජුට දළදා වහන්සේ භාරදීමෙන් අනතුරුව රජතුමාට ඇතිවූ සැකය දුරලමින් දළදා වහන්සේ අහසට පැන නැග ප්‍රාතිහාර්ය පෑ ආකාරය දැකීමෙන් අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත් රජතුමා දළදා වහන්සේ රජගෙදරට වැඩමවා සිංහාසනයේ වඩා හිඳුවා නොයෙක් පුද පෙරහැර පවත්වමින් මුළු ලක්දිවම තුන්වතාවක් දළදා වහන්සේට පූජා කළ ආකාරය මහාවංසය ආදී ග්‍රන්ථයන් හි සඳහන් වේ.

කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ්‍ය සමයේ දළදා වහන්සේ මෙරටට උරුම වූ දා පටන් ශ්‍රී ලාංකේය රාජ්‍යත්වයේ සංකේතය බවට පත්ව ගෞරව බුහුමානයට ලක් වී ඇත. වර්තමානය වන විට රාජාණ්ඩු ක්‍රමය නොමැති නමුත් ශ්‍රී ලාංකේය රාජ්‍යත්වය හා දළදා වහන්සේ අතර පැවැති අන්‍යෝන්‍ය සම්බන්ධය නොවෙනස්ව පවතී. ෂ වන විමලධර්මසූරිය රජු (ක්‍රි.ව.1592 – 1604) විසින් දෙල්ගමු විහාරයේ වැඩ සිටි දළදා වහන්සේ මහනුවරට වඩම්මවා එහි දළදා මැඳුරක් කරවා එහි තැන්පත් කිරීමත් සමඟ සිංහලයේ රාජ්‍යත්ව උරුමය කන්ද උඩරට රාජධානියට ලැබුණා සේම දළදා වහන්සේ ආරක්ෂා කිරීමේ පරම වගකීම ද උඩරට රාජධානියට ලැබුණු ආකාරය හඳුනාගත හැකිය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දළදා වහන්සේ සම්බන්ධයෙන් අතිශය ගෞරවයෙන් කටයුතු කළ බව පෙනේ. රජු සිය රැවුල කපා මුස්නාවක් වශයෙන් දළදා වහන්සේට පූජා කොට ඇත. දළදා තේවාව සඳහා දෙවන ගිලන්පස පූජාව එකතු වූයේ ද මෙම රජුගේ උපදෙස් පරිදිය. එමෙන්ම රජු දළදා මාලිගය ප්‍රතිසංස්කරණය කළ බව ද සුළු රාජාවලියේ මෙසේ සඳහන් වේ. වසර 1700 ක් පමණ කාලයක් මුළුල්ලෙහි පවත්වාගෙන ආ දළදා පෙරහර බි්‍රතාන්‍ය පාලකයන් විසින් නවත්වන ලදී . එකල දැඩි නියඟයක් ඇති විය. මෙයට හේතුව පෙරහැර නොපැවැත්වීම නිසා යැයි භික්ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව ප්‍රකාශ කළ බවත් එසේ නම් පෙරහැර පවත්වා වැසි වස්සන ලෙස බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා අභියෝග කළේය. මල්වතු අස්ගිරි විහාරයීය භික්ෂූන් වහන්සේත් බෞද්ධ පිරිසත් එකතු වී චාරිත්‍රානුකූලව පෙරහැර පටන් ගෙන දෙවන දිනයේම දැඩි නියඟය අවසන් කරමින් මහා වැසි ඇද හැලී මහා ගංවතුරක් ඇතිවූ ආකාරය දළදා වතුර නම් ග්‍රන්ථයේ මේ අයුරින් සඳහන් වේ. මෙයින්ම දළදා ආශ්චර්යය පැහැදිලි වේ. එමෙන්ම දළදාවලිය නම් කාව්‍යයේද දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යයන් ගණනාවක්ම සඳහන් වේ. දඹදෙණි යුගයේ විජයබාහු රජතුමාට මල් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක ගලක් පිපිරී අරුම පුදුම ගල්මලක් මතු විය. එම රජතුමා දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීමට පුසුල්පිටිය නම් ස්ථානයෙන් කරඬුව රැගෙන යන විට දළදා වහන්සේ අහසට පැන නැගි ආකාරයත් සඳහන් වේ. මල්වතු මහා විහාරයේ වැඩ විසූ වැලිවිට ශ්‍රී සරණංකර මහ නාහිමියන් දළදා වහන්සේ තැන්පත් කොට ඇති කරඬුවෙන් රන් රිදී කෙඳි හා සමානව බුද්ධ රශ්මි ධාරාවක් මාලිගාවේ රන්කොත සමීපයෙහි අහසට පැන නැගී අහස්කුස බබුලවමින් වැඩ සිටිය ආකාරය සඳහන් කර ඇත. එසේනම් මේ උරුමය තවත් පන්දහසක් අවුරුදු රැක ගත යුතු නොවේද? අන්‍යාගමික බලවේග දළදාවට මෙන්ම දළදා පෙරහැරට පවා දැඩිව වෛර කරති. නියම බුද්ධාගම දළදාව පසුපස යෑමයි සමහරු ප්‍රශ්න කරති. මේවා පවසන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමටය. බුද්ධ පූජාව කිසිවකුට ප්‍රතික්ෂේප කළ නොහැකිය. එයට විරුද්ධ වන්නෝ නිරාගමික තක්කඩින් නොහොත් බෞද්ධ විරෝධීන්ම පමණකි. විවේචනය වනාහි මෝඩකම වැඩි තරමටම වඩ වඩා කළ හැකි කාර්යයෙකි. බෞද්ධ වූ සැමදෙනා විසින් ම තෙරුවන් හොඳින් හැඳින ගෙන සිටිය යුතුය. තෙරුවන් නො හඳුනන බෞද්ධයාට ඇත්තේ බෞද්ධ නාමය පමණෙකි. බුද්ධ ගුණය අනන්ත ය. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ට ද අවිෂය ය. රහතුන් විසින් ද දත නොහෙන බොහෝ බුදු ගුණ ඇත්තේය. දත් කෙනෙකුට වුවද බුදුගුණ කියා නිම කිරීමට කාලයක් නැත්තේ ය. එනිසාම උතුම් දළදා වහන්සේට නිග්‍රහ කළයුතු නැත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment