ජාතියේ ආරක්ෂාව වසර 73 කතාව

370

මහා විජයබාහු රජතුමා හෙවත් කීර්ති විජයබාහු මතක් වූයේ කවර හේතුව නිසාද? ජාතියේ ආරක්ෂක ලෙස විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරය අදට යෙදී ඇති නිසාය. ජාතියේ ආරක්ෂකයා ලෙස යුද හමුදාව විරුදාවලි ලබන්නේ එය ලබන්නට ඔවුහු උපරිම සුදුසුකම් ලබා තිබෙන නිසාවෙනි. තිස් වසරක යුද්ධය නිමාකිරීමේ කටයුත්තේ දී යුද බිමේ සුවිශේෂීම කාර්යභාරය ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි.

 මහා විජයබාහු රජතුමා චෝලයින් පරාජය කිරීමේ අවසන් සටන සඳහා සිංහල හමුදාව පොළොන්නරුවට යවන්නේ එක පැත්තකින් නම් නොවේ. තුන් පැත්තකින්ය. එය 2009 කොටි සංවිධානය පරාජය කිරීමට හමුදා සේනාංක පැති කිහිපයකින් මෙහෙයුම් කළා හා සමාන විය. මහියංගනය හරහා කෙළින්ම ගිය සේනාකය සමග විජයබාහු කුමාරයා ගමන් කර තිබේ. මෙලෙස ගොස් චෝළයින්ගේ ප්‍රධාන මූලස්ථානයට එකවරම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත. මූලස්ථානය වට කර ඇති නිසා චෝළයින් බලකොටුවේ සිර වෙයි. මුලදි පිටතට පැමිණ සටන් කළත්, සටනට යන හැමෝම මියයන නිසා චෝළ හමුදාව බලකොටුවේ ප්‍රධාන දොර වසා දමයි. සති 6ක් මෙලෙස විශාල චෝළ හමුදාවක්, බලකොටුව තුළ සිරවෙයි. සතුරන් හොඳටම හෙම්බත්වී ඇති බව ඉවෙන් දැනගත් විජයබාහු කුමාරයා තම සේනාංක තුන සමග එක්ව බලකොටුවෙ ගේට්ටුවත් කඩා ගෙන ගොස් සතුරන් සියලු දෙනා විනාශ කර දමයි. එයින් පසු බලකොටුවේ සිංහල කොඩියක් එසවෙයි. ඇත්තෙන්ම මහා විජයබාහු නොවන්නට ලංකාව හින්දු රාජ්‍යක් වීමට ඉඩ තිබිණි. අතීත චෝළ අධිරාජයා වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ පොන්නියින් සෙල්වන් දෙමළ චිත්‍රපටය දැන් ලංකාවෙත් තිරගත වේ. එහෙත් මේ මහා චෝළ අධිරාජ්‍ය සහමුලින් පරාජය කළ මහා විජයබාහු රජතුමා වෙනුවෙන් නිර්මාණ කරන්නේ කවරෙකුද?

ජාතියේ ආරක්ෂාව වසර 73 කතාව

මහා විජයබාහු රජතුමා හෙවත් කීර්ති විජයබාහු මතක් වූයේ කවර හේතුව නිසාද? ජාතියේ ආරක්ෂක ලෙස විරුදාවලිය ලැබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරය අදට යෙදී ඇති නිසාය. ජාතියේ ආරක්ෂකයා ලෙස යුද හමුදාව විරුදාවලි ලබන්නේ එය ලබන්නට ඔවුහු උපරිම සුදුසුකම් ලබා තිබෙන නිසාවෙනි. තිස්වසරක යුද්ධය නිමාකිරීමේ කටයුත්තේ දී යුද බිමේ සුවිශේෂීම කාර්යභාරය ඉටුකරනු ලැබුවේ ශ්‍රී ලංකා යුද හමුදාව විසිනි. යුද්ධයේදී පමණක් නොව වෙනත් කවර හෝ ජාතික අවශ්‍යතාවකදී පෙරමුණ ගන්නේද යුද හමුදාවයි. කොරෝනා වසංගතය මැඬලීම වෙනුවෙන් හමුදාව සිදුකළ කාර්යභාරය ගැන ජනතාව අදත් කතා කරන්නේ ස්තුතිය පෙරදැරිවය. කුමන මට්ටමේ අවශ්‍යතාවක් වුවත් ඒ වෙනුවෙන් නොපැකිළිව නොබියව ඉදිරිපත්වීමේ ගුණාංගය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නොඅඩුව ප්‍රගුණ කර තිබේ. එය ගංවතුරක් වේවා මහා ගින්නක් වේවා, කවර ආකාරයේ විපතක් වුවද මුලින්ම එතැනට ළඟා වන්නේ අපේ හමුදාවයි. මාතෘභූමියේ ආරක්ෂාව උදෙසා රටේ ප්‍රධානම ආරක්ෂක හමුදාව ලෙස නිර්භීතභාවයෙන් අසීමිත කැපකිරීම් සිදුකර වර්තමානයේ ජාතික ආරක්ෂාව හා ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයේ නියැළී සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ 1949 ඔක්තෝබර් මස 10 දින ආරම්භ කරන ලදී. 1949 අංක 17 දරණ යුද්ධ හමුදා පනතට අනුව මහා බි්‍රතාන්‍යයේ අර්ල් ඔෆ් කිත්නස් බි්‍රගේඩියර් රොඩ්රික් සින්ක්ලෙයර් ගේ අණදීම යටතේ ලංකා හමුදාව සිය පළමු නිත්‍ය බළකාය පිහිටුවන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෙවීගිය වසර 73 ක සාඩම්බර ඉතිහාසයට යුද්ධ හමුදාධිපතිවරුන් 24 දෙනකු අණදීම සිදුකර ඇති අතර යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා එය මහත් පිටිවහලක් විය. පාබල, ආධාරක සහ සේවා වශයෙන් රෙජිමේන්තු 25 ක් සමඟින් එහි ව්‍යාප්තිය තම ජීවිත පරිත්‍යාග කරමින් සියලු දෙනාටම වඩාත්ම ජනතා හිතකාමී ආරක්ෂාවේ සැපයුම්කරු ලෙස යුද්ධ හමුදාව රට පුරා සිටින සියලුම ජනවර්ගවල හදවත් දිනාගෙන ඇත. 1949 ඔක්තෝබර් මස 10 වන දින යුද්ධ හමුදා පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමත් සමග එදින ලංකා යුද්ධ හමුදාව ආරම්භ කළ දිනය ලෙස සැලකේ. 1958 පැවති කැරලි තත්ත්වය නිසා තාවකාලික අවශ්‍යතාව මත තාවකාලික ක්ෂේත්‍ර මූලස්ථානයක් ස්ථාපනය කරන ලදි. පළමු ක්ෂේත්‍ර මූලස්ථානය 1963 දී ආරම්භ වූ අතර, එමඟින් දකුණු ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස පැමිණෙන ආගමන වැළැක්වීම සඳහා කටයුතු කරන ලදි. එම මූලස්ථානය නීති විරෝධී ආගමන වැළැක්වීමේ කාර්යසාධන බළකාය ලෙස හැඳින්විණි. එය 1981 දී විසුරුවා හරින ලදි. ලංකාව 1972 මැයි මස ශ්‍රී ලංකා ජනරජය බවට පත්වීමත් සමඟ සියලු යුද්ධ හමුදා ඒකක ඒ අනුව නම් කරන ලදි.

 අතීත දස මහා යෝධයින් සිටි ගැමුණු කුමරාගේ හමුදාවේ පිරිස් මෙන්ම වර්තමානයේත් ශ්‍රී ලංකා යුද හමුදාව ජාතිය ආරක්ෂා කිරීමට සෑම තත්පරයකම සූදානමින් සිටී. අසේල රජතුමා පරාජයට පත් කරමින් එළාර නම් සොළී රජු අනුරාධපුරය ආක්‍රමණය කළේ ක්‍රි. පූ. 205 දී යි. එදා සිට වසර 44ක් අනුරාධපුරය පාලනය කළ එළාර රජුව පලවා හැරීමට කිසිදු සිංහල රජ කෙනෙකුට හැකි වූයේ නැත. නමුත්, දකුණේ මාගම රාජධානියෙන් බිහි වුණු දුටුගැමුණු කුමාරයා ක්‍රි. පූ. 161 දී පමණ එළාර රජු පරාජයට පත් කරමින් අනුරාධපුර රාජධානිය නිදහස් කරගනු ලැබීය. එදා එළාර රජුට එරෙහිව කළ ද්වන්ධ සටනේ දී දුටුගැමුණු රජුට දස මහා යෝධයන්ගේ සහාය ලැබුණි. එලෙස එළාර රජු පරාජය කිරීමට සහාය දුන් දස මහා යෝධයන් විවිධ දක්ෂතාවලින් යුතු පුද්ගලයන් විය. එදත් අදත් හෙටත් අපේ හමුදාවේ දක්ෂයන් බහුල විය. 2009 දී පරාජය කළ නොහැකි යැයි පැවසූ ලොව බලවත්ම ත්‍රස්ත කණ්ඩායම පරාජය කරනු ලැබුවේ අද 73 වැනි වසර සමරන අපේ හමුදාවයි. වසර දෙදහසක් තිස්සේ එළාර පරාජය සිහි කරන අපි ප්‍රභාකරන් පරාජය අමතක කර තිබේද?

 පසුගිය මාසවල ඊනියා අරගලය පැතිරෙද්දී හමුදාවට එරෙහි බලවේග ක්‍රියාත්මක විය. නමුත් අරගලකරුවන් පන්නා දමා ගාලුමුවදොර මුදා ගනු ලැබුවේද හමුදාව විසිනි.

 2009 මැයි 18 ශ්‍රී ලංකා රජය එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කළ බව ප්‍රකාශ කළේය. දස දහස් ගණනකගේ ජීවිත අහිමි වූ ද තවත් ලක්ෂ ගණන් පිරිසක් ආබාධිතයන්, තුවාලකරුවන් බවට පත් වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ඒ සමඟ නිමා විය. 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වූයේ හුදු ත්‍රස්තවාදී සංවිධානයක් පමණක් නොවී ය. එල්.ටී.ටී.ඊ ය යනු දෙමළ බෙදුම්වාදී ජාතිවාදයේ අවසාන වශයෙන් පැවති සන්නද්ධ අංශයයි. මේ ජයග්‍රහණ වෙනුවෙන් උපරිම කැපකිරීම් කළේ අපේ රණවිරුවන් වේ. ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළේ 1976 මැයි මස 5 වැනිදාවකය. උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙමළ ඊළාම් අඩවිය ලෙසින් නිර්මාණය කර ගත යුතු යැයි යෝජනා කරමින් උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ලෙසින් යළි නාමකරණය වූයේ ද 1976 මැයි මස 14 වැනිදාවකය. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා මුලතිව් දිස්ත්‍රික්කයේදී එල්.ටී.ටී.ඊ.ය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුවේද 2009 මැයි මාසයේය. එහෙයින් මැයි 15 සිට මැයි 18 යන දින හතර තීරණාත්මක සුවිශේෂි දින හතරක් ලෙස සඳහන් කිරීම වැදගත්ය. 2009 මැයි මස 19 වැනි දින දකුණු ආසියාවේ පැවැති දීර්ඝතම යුද්ධය නිමා වූයේ නන්දිකඩාල් ලෙසින් ප්‍රකට මුලතිව් කලපුවේදී එල්.ටී.ටී.ඊ. නායක තිරුවෙන්ගඩාම් වේළුපිල්ලෙයි ප්‍රභාකරන් මරණයට පත් කරමිනි. ඔහුගේ මළ සිරුර කළපු ඉවුරේ තිබී සොයාගත් බව සඳහන් නිල නිවේදනයක් හමුදාව විසින් නිකුත් කරනු ලැබිණි. 4 වැනි විජයබා පාබල රෙජිමේන්තුවේ භටයින්ට එරෙහිව සටනේ නිරතව සිටි ප්‍රභාකරන් වෙඩි වැදී මිය ගියේය. තමන්ගේ අනුගාමිකයන් දහස් ගණනකට සයනයිඩ් කරල ගිලින්නට නියම කළ නමුත් ප්‍රභාකරන් තමන්ගේ ජීවිතයට අසීමිත ලෙස ආදරය කළේය. ඔහුගේ සිරුර ළඟ තිබී සයනයිඩ් කරලක් හමු වූයේ නැත. අවසන් වරට ඔහු ඇඳ සිටියේ නිල් පැහැති ඇඳුමකි. ඔහුගේ බෙල්ලේ 001 දරන අංක තහඩුවක් තිබිණි. සොල්දාදුවෝ ඔහුගේ මළ සිරුර අසලින් පොලිතීන් කවරයක් සොයා ගත්හ. එහි ගෑස් මුහුණු ආවරණයක්, දියවැඩියා ඖෂධ, වෙළුම් පටි, ඉන්සියුලීන්, අත් විලංගුවක්, ටී 56 රයිෆල් දෙකක්, ග්ලූකෝස්, තුවාල සඳහා ආලේප කරන ක්‍රීම් තිබූ අතර ඉතාම අපූරු කාරණය වූයේ සිංගප්පූරුවේ නිෂ්පාදිත මොයිස්චරයිසින් බෙරී සුවඳ විලවුන් සහ විටමින් ඊ ක්‍රීම් අඩංගු වීමයි. මේ සියල්ල අපේ හමුදා භටයින් විසින් සොයාගෙන තිබිණි.

 73 වන යුද්ධ හමුදා දිනය සිහිකරද්දී රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කළ යුතුය. ඔවුන් තමන්ගේ ජීවිතය රටේ සාමය වෙනුවෙන් කැප කළ උත්තුංග චරිත වෙති. ඒ කැපකිරීම් තව වසර දහසක් ගතවුවද සිහිකළ යුතුය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන්ගේ අමිල මෙහෙවර සිහිපත් කිරීමේ රණවිරු අනුස්මරණ උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පැවැත්විණි. මීට වසර 13 කට ප්‍රථම අප වීරෝදාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රස්තවාදය තුරන් කරමින් රට එක්සේසත් කිරීමට දැක්වූ නිර්භීත දායකත්වය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙනුවෙන් සෑම වරසකම යුද්ධ හමුදා සංවත්සර දිනයට සමගාමීව උපහාර උත්සවයක් පැවැත්වීම විශේෂ චාරිත්‍රයකි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment