ජාතිවාදී චෝදනාවලින් ස්මිත් නිදහස්

294

වාර්ගික පක්ෂග්‍රාහී සහ වෙනස් කොට සැලකීමේ හැසිරීම්වල නිරත වූ බවට චෝදනා එල්ල වූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ හිටපු නායක සහ ක්‍රිකට් අධ්‍යක්ෂ ග්‍රේම් ස්මිත් ජාතිවාදී චෝදනාවලින් නිදහස් කර තිබේ.

 කරුණු තුනක් මත ස්මිත් වාර්ගික පක්ෂග්‍රාහී සහ වෙනස් කොට සැලකීමේ හැසිරීම්වල නිරත වූ බවට චෝදනා එල්ල් වී තිබිණි.

 කෙසේ වෙතත් වාර්ගික වෙනස්කම් කිරීම්වල නිරත වූ බවට ස්මිත්ට එල්ල වූ චෝදනා ‘සාක්ෂි පදනමක් නොමැති’ බව සොයා ගත් ස්වාධීන නීතිඥයින් දෙදෙනකු විසින් ස්මිත් සියලු චෝදනාවලින් නිදහස් කරන ලදි.

 බේරුම්කරණ ක්‍රියාවලිය සඳහා ස්මිත්ගේ වියදම් ගෙවීමට දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත නියෝග කර ඇත.

 වසර 2003 සිට 2014 දක්වා ටෙස්ට් තරග 108කදී දකුණු අප්‍රිකාවට නායකත්වය දුන් ස්මිත්ට අමතරව හිටපු කඩුලු රකින ක්‍රීඩක බවුචර්ට ජාතිවාදී චෝදනා සම්බන්ධයෙන් බරපතළ විෂමාචාර චෝදනා එල්ල වී තිබේ.

 ඔහු මැයි මාසයේදී දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ විනය විභාගයකට මුහුණ දෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment