ජාති ආගම් භේද අවුස්සලා අරගලය යට කරන්න දෙන්නෙ නෑ

437

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස තලවකැලේදී කියයි

ජාති භේදය, ආගම් භේදය, පක්‍ෂ භේදය අවුස්සමින් ජනතා විරෝධය යටපත් කිරීමට කිසිවෙක් උත්සහ කරනවා නම් සමගි ජනබලවේගය ඊට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක යෙදෙන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගයේ සන්ධානගත දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ උප සභාපති පලනි දිගම්බරම් මහතාගේ සංවිධායකත්වයෙන් තලවකැලේ ඊයේ (07 දා) පැවැති දැවැන්ත උද්ඝෝෂණයකට එක්වෙමින් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් ප‍්‍රකාශ කළේය.

විධායක ජනාධිපති ක‍්‍රමය සහමුලින්ම අහෝසි කොට ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින්ම ඉවත් කළ යුතු බවද විපක්‍ෂ නායකවරයා මෙහිදී පැවසීය.

රටට අවශ්‍ය වන්නේ ලක්‍ෂ 220 ටම නිදහසේ නිවහල්ව ජීවත් විය හැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් බවද පැවසූ විපක්‍ෂ නායකවරයා ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල සිදුකරන බවද කීය. සුවිශාල ප‍්‍රශ්න රැුසක් මැද ජනතාවට ජීවත්වීමට සිදුව ඇති බවත් ඒ ප‍්‍රශ්න සියල්ල ආණ්ඩුව විසින් නිර්මාණය කළ ඒවා බවත් ඒ මහතා කියා සිටියේය.

අකිත පෙරේරා සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment